හිතෝපදේශ 16:1-33

  • යෙහෝවා චේතනා සෝදිසි කරනවා (2)

  • කරන හැම දේකදීම යෙහෝවා මතම රඳා ඉන්න (3)

  • නිවැරදි තරාදි අයිති යෙහෝවාට (11)

  • විනාශයට මුල උඩඟුකම (18)

  • පැසුණු හිසකෙස් අලංකාර ඔටුන්නක් (31)

16  මිනිසෙක් කියන්න ඕනෙ දේ ගැන කලින්ම හිතනවා.*ඒත් එයා දෙන උත්තරේ* ලැබෙන්නේ යෙහෝවාගෙන්.+   මිනිසෙක්ට එයා කරන හැම දේම හරියි කියලා හිතෙයි.+ඒත් යෙහෝවා එයාගේ චේතනා සෝදිසි කරලා බලයි.+   ඔයා කරන හැම දේකදීම යෙහෝවා මතම රඳා ඉන්න.*+එතකොට ඔයාගේ සැලසුම් සාර්ථක වෙයි.   යෙහෝවා තමන්ගේ අරමුණ ඉටු කරගන්න හැම දෙයක්ම යොදාගන්නවා.විපත්ති දවසේදී දුෂ්ටයන්ව විනාශ කරන්නත් ඔහු නියම කරලා තියෙනවා.+   උඩඟු හිත් තියෙන හැමෝම යෙහෝවාට පිළිකුලක්.+ ඔහු එයාලව දඬුවමෙන් නිදහස් කරන්නේ නැහැ කියලා ස්ථිරයි.   නොසැලෙන ආදරේ සහ විශ්වාසවන්තකම නිසා වරදට සමාව ලැබෙයි.+යෙහෝවා ගැන ගරුබියක් තියෙන නිසා කෙනෙක් වැරදි දෙයින් ඈත් වෙයි.+   මිනිසෙක්ගේ හැසිරීම ගැන යෙහෝවා සතුටු වෙද්දීඔහු ඒ කෙනාගේ හතුරන්ටත් එයා එක්ක සමාදානයෙන් ඉන්න සලස්වනවා.+   අසාධාරණ විදිහට ලොකු ආදායමක් උපයනවාට වඩා+ධර්මිෂ්ඨකමින් සුළු මුදලක් උපයන එක හොඳයි.+   මිනිසෙක් තමන් කරන්න යන දේ සැලසුම් කළත්එයාගේ පියවර හසුරුවන්නේ යෙහෝවායි.+ 10  රජෙක් ප්‍රකාශ කරන්න ඕනෙ දෙවියන්ගෙන් ලැබෙන තීන්දුවයි.+එයාගේ කටින් අසාධාරණ තීන්දුවක් පිට වෙන්න හොඳ නැහැ.+ 11  නිවැරදි මිනුම් සහ තරාදිය අයිති යෙහෝවාටයි.මල්ලේ අරන් යන මිනුම් පඩි ලබා දෙන්නෙත් ඔහුයි.+ 12  රජවරු දුෂ්ටකම් හෙළා දකියි.+මොකද සිංහාසනයක් ස්ථිර වෙන්නේ ධර්මිෂ්ඨකම නිසයි.+ 13  ධර්මිෂ්ඨ දේවල් කියන අය ගැන රජවරු සතුටු වෙනවා. අවංකව කතා කරන අයට එයාලා ආදරෙයි.+ 14  රජෙක්ගේ කේන්තිය මරණයක් ගැන දන්වන පණිවිඩකරුවෙක් වගේ.+ඒත් ප්‍රඥාවන්තයා ඒ කේන්තිය නිවලා දායි.*+ 15  රජෙක්ගේ හිත දිනාගද්දී ජීවිතය ආරක්ෂා වෙනවා.ඔහුගේ අනුමැතිය වසන්ත කාලයේ දිස් වෙන වැහි වලාවක් වගේ.+ 16  ප්‍රඥාව ලබාගන්න එක රන්වලට වඩා වටිනවා.+ අවබෝධය ලබාගන්න එක රිදීවලට වඩා වටිනවා.+ 17  ප්‍රතිපත්තිගරුක අය වැරදි මාර්ගවලින් ඈත් වෙයි. තමන් යන මඟ ගැන සෝදිසියෙන් ඉන්න කෙනා ජීවිතය රැකගනියි.+ 18  විනාශයට මුල උඩඟුකමයි.වැටීමට හේතුව අහංකාරකමයි.+ 19  උඩඟු අය එක්ක වස්තුව බෙදාගන්නවාට වඩානිහතමානී වෙලා යටහත්පහත් අය එක්ක ඉන්න එක හොඳයි.+ 20  යම් කාරණයකදී වටහාගැනීමේ හැකියාව යොදාගන්න කෙනා සාර්ථක වෙයි.යෙහෝවා ගැන විශ්වාසය තියන කෙනා සන්තෝෂවත්. 21  ප්‍රඥාවන්තව හිතන අයව හොඳ අවබෝධයක් තියෙන අය විදිහට පිළිගනියි.+කාරුණිකව කතා කරන කෙනා දෙයක් පිළිගන්න පුළුවන් විදිහට කියනවා.+ 22  වටහාගැනීමේ ශක්තිය නිසා ජීවිතය රැකෙයි.*අඥානයාට තමන්ගෙම මෝඩකම් නිසා හික්මවීම් ලැබෙයි. 23  ප්‍රඥාවන්තයා එයාගේ වචන හසුරුවන්නේ වටහාගැනීමේ හැකියාව යොදාගෙනයි.+දෙයක් පිළිගන්න පුළුවන් විදිහට කතා කරන්න එයාට හැකියාව තියෙනවා. 24  ප්‍රිය වචන මීවදයක් වගේ මිහිරියි.ඒවා ගතටත්* හිතටත්* සුවයක් ගෙන දෙයි.+ 25  මිනිසෙක්ට හරියි කියලා හිතෙන මඟක් තියෙනවා.ඒත් ඒ මඟ අවසන් වෙන්නේ මරණයෙන්.+ 26  කුලීකරුවෙක් මහන්සි වෙලා වැඩ කරන්නේ කෑම ටිකක් හොයාගන්නයි.එයා වැඩ කරන්න පෙලඹෙන්නේ එයාගේ බඩගින්න නිසයි.+ 27  කිසි වැඩකට නැති කෙනෙක් නරක දේ හාරා අවුස්සනවා.+එයාගේ වචන ඇවිළෙන ගින්නක් වගේ.+ 28  ප්‍රශ්න ඇති කරන* කෙනෙක් භේද ඇති කරයි.+බොරු කියලා අනුන්ට අපහාස කරන කෙනෙක් කිට්ටු යාළුවන්ව වෙන් කරයි.+ 29  දරුණු මිනිසෙක් එයාගේ අසල්වැසියාව රවට්ටලාඑයාව වැරදි මඟක අරන් යයි. 30  එයා ඇස්වලින් ඉඟි කරලා දුෂ්ට සැලසුම් යොදයි. එයා කපටි හිනාවක් පාලා උගුල් අටවයි. 31  ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරන කෙනෙක්ගේ+ පැසුණු හිසකෙස්අලංකාර* ඔටුන්නක් වගේ.+ 32  ඉක්මනින් කේන්ති ගන්නේ නැති කෙනා+ බලවන්තයෙක්ට වඩා ශක්තිමත්.කේන්තිය* පාලනය කරගන්න කෙනා නුවරක් අල්ලගන්න කෙනෙක්ට වඩා බලවත්.+ 33  තීරණයක් ගන්න දාදු දැම්මත්*+ගන්න ඕනෙ හැම තීරණයක්ම පෙන්වලා දෙන්නේ යෙහෝවායි.+

පාදසටහන්

හෝ, “හරි උත්තරේ.”
හෝ, “සිතුවිලි සූදානම් කරගන්නවා.”
හෝ, “හැම දෙයක්ම යෙහෝවාට භාර දෙන්න.”
හෝ, “මඟහරියි.”
මූ.අ., “වටහාගැනීමේ ශක්තිය ජීවන උල්පතක්.”
හෙබ්‍රෙව් භාෂාවෙන් නෙෆෙෂ්. “පැහැදිලි කිරීමක්” බලන්න.
මූ.අ., “ඇටකටුවලටත්.”
හෝ, “කූට සැලසුම් යොදන.”
හෝ, “ගෞරවය ලබා දෙන.”
හෝ, “තමන්වම.”
මූ.අ., “ඔඩොක්කුවට දාදු දැම්මත්.”