හිතෝපදේශ 17:1-28

  • හොඳක් කරපු කෙනාට නපුරක් කරන්න එපා (13)

  • රණ්ඩුවක් ඇති වෙන්න කලින් එතනින් යන්න (14)

  • අවංක යාළුවෙක් හැම වෙලාවෙම ආදරෙයි (17)

  • “ප්‍රීතිමත් සිතක් හොඳ ඖෂධයක්” (22)

  • වටහාගැනීමේ ශක්තිය තියෙන කෙනා දිව පාලනය කරගනියි (27)

17  රණ්ඩු දබර තියෙන නිවසක රජ බොජුන් කනවාට* වඩා+සාමය තියෙන* ගෙදරක වේළිච්ච රොටි කෑල්ලක් කන එක හොඳයි.+   අවබෝධයෙන් වැඩ කරන දාසයෙක් ලැජ්ජාවක් නැතුව හැසිරෙන පුතෙක්ව පාලනය කරයි.ස්වාමියාගේ පුතාලට ලැබෙන උරුමයෙන් කොටසක් එයාටත් ලැබෙයි.   රිදී පිරිසිදු කරන්න භාජනයකුත් රන් පිරිසිදු කරන්න උදුනකුත් තියෙනවා.+ඒත් හිත් සෝදිසි කරන්නේ යෙහෝවායි.+   දුෂ්ටයා වේදනාවක් ඇති කරන කතාවලට ඇහුම්කන් දෙනවා.රැවටිලිකාරයා හානියක් කරන අරමුණෙන් කියන කතාවලට සවන් දෙනවා.+   දුප්පතාට අපහාස කරන කෙනා තමන්ගේ සැදුම්කරුට නින්දා කරයි.+අනුන්ගේ විපතේදී සතුටු වෙන කෙනාට දඬුවම් ලැබෙනවාමයි.+   මහලු අයට එයාලාගේ මුනුපුරෝ* ඔටුන්නක් වගේ.පුතාලට* එයාලාගේ තාත්තලා* ගෞරවයක්.   මෝඩයෙක්ගේ කටින් වැදගත්* දෙයක් පිට වෙන එක කොහෙත්ම ගැළපෙන්නේ නැහැ.+ එහෙනම්, පාලකයෙක්ගේ* කටින් බොරුවක් පිට වෙන එක මොන තරම් නුසුදුසුද!+   කෙනෙක් ළඟ තියෙන තෑග්ගක් එයාට වටිනා මැණිකක් වගේ.+ඒ තෑග්ග නිසා යනයන තැන එයා සාර්ථක වෙනවා.+   වරදකට සමාව දෙන* කෙනා ආදරේ පෙන්වන කෙනෙක්.+ඒත් වරදක් ගැන කියකිය යන කෙනා කිට්ටු යාළුවන්ව වෙන් කරනවා.+ 10  අඥානයෙක්ට සිය පාරක් පහර දුන්නත් වැඩක් නැහැ.+ඒත් අවබෝධයෙන් වැඩ කරන කෙනෙක්ට එක අවවාදයක් දුන්නත් එයා ඒක හිතට ගන්නවා.+ 11  දුෂ්ටයාගේ එකම අරමුණ කැරලිගහන එකයි.ඒත් එයාට දඬුවම් කරන්න දරුණු කෙනෙක්ව එවයි.+ 12  මෝඩ විදිහට හැසිරෙන අඥානයෙක්ව හම්බ වෙනවාට වඩා+පැටව් මැරුණ වැලහින්නක්ව මුණගැහෙන එක හොඳයි. 13  කෙනෙක් එයාට හොඳක් කරපු කෙනාට නපුරක් කළොත්එයාගේ ගෙදර හැමදාමත් කරදර තියෙයි.+ 14  රණ්ඩුවක් පටන්ගන්න එක ජලාශයක වාන් දොරටු* අරිනවා වගේ.රණ්ඩුවක් ඇති වෙන්න කලින් එතනින් අයින් වෙලා යන්න.+ 15  දුෂ්ටයාව වරදින් නිදහස් කරන කෙනාත්ධර්මිෂ්ඨයාව වරදකරුවෙක් කරන කෙනාත්+ යෙහෝවාට පිළිකුලක්. 16  අඥානයාට ප්‍රඥාව ලබාගන්න හැකියාව තිබුණත්ඒකට එයාට කිසි උවමනාවක්* නැත්නම් ඒකෙන් වැඩක් තියෙනවාද?+ 17  අවංක යාළුවෙක් හැම වෙලාවෙම ආදරේ පෙන්වනවා.+එයා කරදරයකදී උදව් කරන්න ඉපදුණ සහෝදරයෙක්.+ 18  සිහිකල්පනාව නැතුව වැඩ කරන කෙනා* අතට අත දීලා ණයකට ඇප වෙයි.එයාගේ අසල්වැසියා ඉස්සරහම එයා ඒ පොරොන්දුව දෙයි.+ 19  රණ්ඩු දබරවලට ආස වැරදි දේට කැමති අයයි.+ තමන්ගේ දොරටු උසට හදන කෙනා විනාශයට අත වනයි.+ 20  වංක හිතක් තියෙන කෙනා සාර්ථක* වෙන්නේ නැහැ.+රැවටිලිකාර කතා කියන කෙනාට අත් වෙන්නේ විනාශයයි. 21  මෝඩ දරුවෙක් එයාගේ තාත්තාට දුකක්.අඥානයාගේ තාත්තා කිසිම සතුටක් අද්දකින්නේ නැහැ.+ 22  ප්‍රීතිමත් සිතක් හොඳ ඖෂධයක්.*+ඒත් බිඳුණු සිතක් නිසා ශක්තිය නැති වෙයි.*+ 23  දුෂ්ටයා යුක්තිය පෙරළන්න රහසින් දෙන අල්ලසක් වුණත් ගනියි.+ 24  කාරණා හොඳින් තේරුම්ගන්න කෙනෙක් ප්‍රඥාව දිහාම බලාගෙන ඉන්නවා.ඒත් අඥානයාගේ මනස* එහේ මෙහේ දුවනවා.+ 25  අඥාන පුතෙක් තාත්තාට දෙන්නේ ලොකු වේදනාවක්.එයාගේ අම්මාට දෙන්නේ දරන්න බැරි දුකක්.*+ 26  ධර්මිෂ්ඨයාට දඬුවම් කරන එක* සුදුසු නැහැ.ගෞරවනීය කෙනෙක්ට පහර දෙන එක ලොකු වරදක්. 27  දැනුම් තේරුම් ඇති කෙනා දිව පාලනය කරගන්නවා.+වටහාගැනීමේ ශක්තිය ඇති කෙනා සන්සුන්ව ඉන්නවා.*+ 28  නිහඬව ඉද්දී මෝඩයෙක්ව වුණත් පේන්නේ ප්‍රඥාවන්තයෙක් වගේ.කතා නොකර ඉන්න කෙනාව පේන්නේ අවබෝධයෙන් වැඩ කරන කෙනෙක් වගේ.

පාදසටහන්

හෝ, “නිස්කලංක.”
මූ.අ., “පූජා ඔප්පු කරනවාට.”
හෝ, “මිනිපිරියන්.”
හෝ, “දරුවන්ට.”
හෝ, “දෙමාපියන්.”
හෝ, “යහපත්.”
හෝ, “අධිපතියෙක්ගේ.”
හෝ, “අමතක කරන.”
හෝ, “වේල්ලක දොරටු.”
හෝ, “එයාට හොඳ චේතනා.”
හෝ, “අඥාන කෙනෙක්.”
මූ.අ., “කෙනාට යහපතක්.”
හෝ, “ඇට වේළිලා යයි.”
හෝ, “සුවය ගෙන දෙයි.”
මූ.අ., “ඇස්.”
මූ.අ., “කලකිරීමක්.”
හෝ, “දඩ ගැසීම.”
හෝ, “කලබල වෙන්නේ නැහැ.”