හිතෝපදේශ 18:1-24

  • අනිත් අයගෙන් ඈත් වෙලා ඉන්න කෙනා අඥානයි, ආත්මාර්ථකාමියි (1)

  • යෙහෝවාගේ නම ශක්තිමත් බලකොටුවක් (10)

  • වස්තුව ආරක්ෂාවක් කියලා හිතන එක මෝඩ සිතුවිල්ලක් (11)

  • කාරණයක දෙපැත්තම අහන එක ප්‍රඥාවන්ත දෙයක් (17)

  • සහෝදරයෙක්ටත් වඩා විශ්වාසවන්ත යාළුවෙක් (24)

18  අනිත් අයගෙන් ඈත් වෙලා ඉන්න කෙනා තමන්ගෙම ආත්මාර්ථකාමී ආශාවන් පස්සේ යනවා.එයා නැණවත් මඟ පෙන්වීම් ප්‍රතික්ෂේප කරනවා.*   වටහාගැනීමේ හැකියාව දියුණු කරගන්න අඥානයාට කිසිම උවමනාවක් නැහැ.එයාට ඕනෙ එයාගේ හිතේ තියෙන අදහස් කියකිය යන්නයි.+   දුෂ්ටකම් කරන කෙනාව ලැජ්ජාවට පත් කරයි.කිසි ලැජ්ජාවක් නැතුව හැසිරෙන කෙනා නින්දාවට පත් වෙයි.+   මිනිසෙක්ගේ වචන ගැඹුරු ජලය වගේ.+ ප්‍රඥාව කියන උල්පතින් නොනවත්වාම දිය උනනවා.   දුෂ්ටයාගේ පැත්ත ගන්න එකත්+ධර්මිෂ්ඨයාට යුක්තිය ඉටු නොකරන එකත්+ වරදක්.   මෝඩයෙක්ගේ කතා රණ්ඩු දබරවලට මුල පුරයි.+එයා ගුටි කන්නේ එයාගෙම මෝඩ කතා නිසයි.+   මෝඩයාගේ කට එයාගෙම විනාශයට පාර කපයි.+එයාගේ දිව එයාටම උගුලක්.   බොරු කියලා අපහාස කරන කෙනාගේ වචන කෑදරකමින් ගිලලා දාන රස කෑමක් වගේ.+ඒක ගිල්ලාට පස්සේ ඇඟට හොඳින් උරාගනියි.+   වැඩ කරන්න කම්මැළි කෙනාදේවල් නැති නාස්ති කරන කෙනාගේ සහෝදරයෙක්.+ 10  යෙහෝවාගේ නම ශක්තිමත් බලකොටුවක්.+ ධර්මිෂ්ඨයා ඒකට දුවලා ගිහින් ආරක්ෂාව ලබයි.*+ 11  පොහොසතාගේ වස්තුව එයාට බලවත් නුවරක් වගේ.එයා ඒක සලකන්නේ ආරක්ෂිත පවුරක් විදිහටයි.+ 12  උඩඟුකම මිනිසෙක්ගේ වැටීමට හේතු වෙයි.+නිහතමානිකම ගෞරවයට මඟ පාදයි.+ 13  කාරණයකට හොඳින් සවන් දෙන්නේ නැතුව කතා කරන එක මෝඩකමක්.ඒකෙන් ඇති වෙන්නේ ලැජ්ජාවක්.+ 14  හිතේ හයියෙන් දරුණු රෝගයක් වුණත් දරාගන්න පුළුවන්.+ඒත් බිඳුණු හිතක්* දරාගන්න පුළුවන් කාටද?+ 15  කාරණා හොඳින් තේරුම්ගන්න කෙනා දැනුම තවත් වැඩි කරගන්නවා.+ප්‍රඥාවන්තයාගේ කන දැනුමට යොමු කරලා තියෙනවා. 16  තෑග්ගක් දෙද්දී කෙනෙක්ට විවිධ අවස්ථා විවෘත වෙයි.+ශ්‍රේෂ්ඨ අය ඉස්සරහට යන්නත් එයාට අවස්ථාව ලැබෙයි. 17  කාරණයකදී මුලින්ම කතා කරන කෙනා හරියි කියලා පෙනෙයි.+ඒත් තව කෙනෙක් ඇවිත් එයාගෙන් ප්‍රශ්න කරද්දී කාරණයේ අනිත් පැත්ත හෙළි වෙයි.+ 18  දාදු දැම්මාම වාදවිවාද සමතයකට පත් වෙයි.+ඒකෙන් බලවත් සතුරන් අතරේ පවා සාමය ඇති වෙයි. 19  අමනාපයෙන් ඉන්න සහෝදරයෙක්ව දිනාගන්න එකබලකොටුවකින් වට වුණ නුවරක් අල්ලගන්නවාට වඩා අමාරුයි.+සමහර වාදවිවාද හරියට බලකොටුවක සවිමත් දොරගුලු වගේ.+ 20  මිනිසෙක්ගේ කටින් පිට වෙන වචන හරියට බඩ පිරෙන්න කන කෑමක් වගේ.+කටින් පිට වෙන දේට අනුව එයාට ප්‍රතිඵල විඳින්න වෙයි. 21  කෙනෙක්ව මරලා දාන්න හරි ජීවත් කරවන්න හරි දිවට බලය තියෙනවා.+කතාවට කැමති අයට තමන් කියන දේවල ප්‍රතිඵල විඳින්න වෙනවා.+ 22  හොඳ බිරිඳක් හොයාගත්ත කෙනාට ලැබිලා තියෙන්නේ වටිනා සම්පතක්.+එයාට යෙහෝවාගේ අනුමැතියත්* ලැබෙනවා.+ 23  දුප්පතා දෙයක් ඉල්ලන්නේ බැගෑපත් විදිහටයි.ඒත් පොහොසතා සැරෙන් උත්තර දෙයි. 24  එකිනෙකාව නැත්තටම නැති කරලා දාන යාළුවෝ ඉන්නවා.+සහෝදරයෙක්ට වඩා විශ්වාසවන්ත යාළුවොත් ඉන්නවා.+

පාදසටහන්

හෝ, “හෙළා දකිනවා.”
ඒ කියන්නේ එයාව කාටවත් අල්ලගන්න බැරි වෙන්න උස් තැනකින් තියයි.
හෝ, “හැම දේම කඩන් වැටුණාම ඒක.”
හෝ, “ආශීර්වාදයත්.”