හිතෝපදේශ 19:1-29
19 බොරු කියන මෝඩයෙක් වෙනවාට වඩා+දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න දුප්පතෙක් වෙන එක හොඳයි.+
2 දැනුම නැතුව ඉන්න එක හොඳ දෙයක් නෙමෙයි.+හිතන්නේ බලන්නේ නැතුව වැඩ කරන* එකත් වරදක්.
3 කෙනෙක්ගේ ජීවිතේ අවුල් වෙන්නේ එයාගෙම මෝඩකම නිසයි.ඒත් එයා ඒකට දොස් කියන්නේ යෙහෝවාටයි.
4 පොහොසත් අය යාළුවන්ගෙන් වට වෙලා ඉන්නවා.ඒත් දුප්පතාට ඉන්න යාළුවොත් එයාව අත්හරිනවා.+
5 බොරු සාක්ෂිකරුවෙක් දඬුවමින් නිදහස් වෙන්නේ නැහැ.+හැම තිස්සේම බොරු කියන කෙනාට ගැලවීමක් නැහැ.+
6 හැමෝම බලන්නේ හොඳ පිළිගැනීමක් තියෙන* කෙනාගේ හිත දිනාගන්නයි.තෑගිබෝග දෙන කෙනා හැමෝගෙම යාළුවෙක්.
7 දුප්පතාගේ සහෝදරයෝ පවා එයාව හෙළා දකිනවා.+එහෙනම් එයාගේ යාළුවෝ එයාගෙන් ඈත් වෙන එක පුදුමයක්ද?+
එයා දිගින් දිගටම උදව් ඉල්ලුවත් කවුරුත් එයාට පිහිට වෙන්නේ නැහැ.
8 තමන්ට ආදරේ කරන කෙනා සිහිකල්පනාවෙන් වැඩ කරන්න ඉගෙනගන්නවා.+
වටහාගැනීමේ හැකියාවට ප්‍රිය කරන කෙනා සාර්ථක වෙනවා.*+
9 බොරු සාක්ෂිකරුවෙක් දඬුවමින් නිදහස් වෙන්නේ නැහැ.හැම තිස්සේම බොරු කියන කෙනාට අත් වෙන්නේ විනාශයයි.+
10 සැපපහසු ජීවිතයක් ගත කරන එක මෝඩයෙක්ට වටින්නේ නැහැ.එහෙනම් අධිපතීන්ව පාලනය කරන එක, දාසයෙක්ට කොහොමටවත් වටිනවාද?+
11 වටහාගැනීමේ ශක්තිය තියෙන කෙනා ඉක්මනින් කේන්ති ගන්නේ නැහැ.+වරද අමතක කරලා දාන එක එයාට තියෙන ලස්සන ගුණාංගයක්.+
12 රජෙක්ගේ කේන්තිය සිංහයෙක්ගේ* ගර්ජනාව වගේ.+ඒත් එයාගේ කරුණාව ගස් වැල් මත වැටෙන පිනි වගේ.
13 මෝඩ පුතෙක් නිසා තාත්තා කරදරේ වැටෙයි.+රණ්ඩුවට බර* බිරිඳක් කොයි වෙලෙත් වතුර වැටෙන කැඩිච්ච වහලක් වගේ.+
14 නිවසයි, වස්තුවයි තාත්තා කෙනෙක්ගෙන් ලැබෙන උරුමයක්.ඒත් බුද්ධිමත් බිරිඳක් ලැබෙන්නේ යෙහෝවාගෙන්.+
15 කම්මැළියා බර නින්දකට වැටෙයි.ඈලිමෑළි කෙනාට ඉන්න වෙන්නේ බඩගින්නේ.+
16 ආඥාව පිළිපදින්නා ජීවිතේ රැකගනියි.+තමන් කරන කියන දේවල් ගැන කිසි ගාණක් නැති අයට අත් වෙන්නේ මරණයයි.+
17 දුප්පතාට කාරුණිකව සලකන කෙනා යෙහෝවාට ණයට දෙයි.+දෙවියන් ඒ ණය ආපහු ගෙවයි.*+
18 ඔයාගේ පුතාව හරි මඟට ගන්න හැකියාව තියෙද්දී එයාව හික්මවන්න.+එයාගේ මරණයට වග කිව යුත්තෙක් වෙන්න එපා.+
19 ඉක්මනින් කේන්ති ගන්න කෙනාට දඬුවම් ලැබෙයි.එයාව බේරගන්න හැදුවොත් ඒක ඔයාට ආයේ ආයේ කරන්න වෙයි.+
20 උපදෙස්වලට ඇහුම්කන් දීලා හික්මවීම් පිළිගන්න.+එතකොට ඔයා අනාගතයේදී ප්‍රඥාවන්තයෙක් වෙයි.+
21 මිනිසෙක් හුඟක් දේවල් සැලසුම් කළත්අන්තිමට වෙන්නේ යෙහෝවා කැමති* දේ.+
22 නොසැලෙන ආදරේ, කෙනෙක්ට තියෙන ලස්සන ගුණාංගයක්.+බොරුකාරයෙක් වෙනවාට වඩා දුප්පතෙක් වෙන එක හොඳයි.
23 යෙහෝවා ගැන ගරුබිය තියෙන කෙනාට ජීවනය ලැබෙයි.+එයා සුවෙන් නිදාගනියි. එයාට කිසි අනතුරක් වෙන්නෙත් නැහැ.+
24 කම්මැළියා කෑම බඳුනට අත දැම්මත්ඒක කටට දාගන්න තරම්වත් උවමනාවක් එයාට නැහැ.+
25 සමච්චල් කරන්නාට පහර දෙන්න.+ අද්දැකීම් අඩු කෙනා ඒක දැකලා බුද්ධිමත් වෙයි.+දේවල් හොඳින් තේරුම්ගන්න කෙනාට අවවාද කරන්න. ඒකෙන් එයාගේ දැනුම වැඩි වෙයි.+
26 තාත්තාට කුරිරු විදිහට සලකන, අම්මාව එළවලා දාන පුතෙක්පවුලේ අයට නින්දාවක්. ලැජ්ජාවක්.+
27 මගේ පුතේ, ඔයා හික්මවීම් පිළිගන්න එක අත්හැරියොත්ඔයා කරන්නේ නැණවත් වදන්වලට පිටු පාන එකයි.
28 කිසි වැඩකට නැති සාක්ෂිකරුවෙක් යුක්තිය සුළු කරනවා.+නපුරු දේ කරන එක දුෂ්ටයාට රස කෑමක් කනවා වගේ.+
29 සමච්චල් කරන අයට දඬුවම් කරන්නත්+මෝඩයන්ට පහර දෙන්නත්+ නියම කරලයි තියෙන්නේ.
පාදසටහන්
^ මූ.අ., “ඉක්මනින් පියවර තියන.”
^ හෝ, “ත්‍යාගශීලී.”
^ මූ.අ., “යහපත් දේ හොයාගනියි.”
^ හෝ, “කේශර සිංහයෙක්ගේ.”
^ හෝ, “නිතරම ඇනඇන දේවල් කියන.”
^ හෝ, “එයාට ආශීර්වාද කරයි.”
^ හෝ, “මඟ පෙන්වපු.”