හිතෝපදේශ 2:1-22

  • ප්‍රඥාවේ වටිනාකම (1-22)

    • නිධාන හොයනවා වගේ ප්‍රඥාව හොයන්න (4)

    • සිතීමේ හැකියාව ආරක්ෂාවක් (11)

    • අනාචාරය විනාශයට මඟ පාදයි (16-19)

2  මගේ පුතේ, මං කියන දේවල් පිළි අරන්,මගේ ආඥා නිධානයක් වගේ රැකගන්න.+   ප්‍රඥාවට ඇහුම්කන් දෙන්න.+වටහාගැනීමේ හැකියාව දියුණු කරගන්න අදිටන් කරගන්න.+   අවබෝධය ලබා දෙන්න කියලා අයැදින්න.+හඬ නඟලා වටහාගැනීමේ හැකියාව ඉල්ලන්න.+   රිදී හොයනවා වගේ දිගටම ඒවා හොයන්න.+සැඟවුණු නිධාන හොයනවා වගේ ඒවා හොයාගෙන යන්න.+   එතකොට ඔයා යෙහෝවාට ගරුබිය දක්වන්න ඉගෙනගනියි.*+දෙවියන්ව දැන හඳුන ගන්නත් ඔයාට පුළුවන් වෙයි.+   මොකද ප්‍රඥාව දෙන්නේ යෙහෝවායි.+දැනුම සහ වටහාගැනීමේ හැකියාව ලැබෙන්නෙත් ඔහුගෙන්.   ප්‍රතිපත්තිගරුක අයට දෙන්න දෙවියන් ඔහුගේ වස්තු ගබඩාවේ ප්‍රඥාව* රැස් කරගෙන ඉන්නවා.ඔහුව අත්හරින්නේ නැති අයට ඔහු පලිහක් වගේ වෙනවා.+   ඔහු යුක්තියේ මාවත් දිහාම බලාගෙන ඉන්නවා.ඔහුට විශ්වාසවන්තව ඉන්න අයගේ ගමන් මඟ ආරක්ෂා කරනවා.+   ඒ දේවල් කරනවා නම් ධර්මිෂ්ඨකම, යුක්තිය සහ සාධාරණකම ගැන ඔයාට අවබෝධයක් ලැබෙනවා.ඒ කියන්නේ යහපත් ජීවිතයක් ගත කරන්න ඕනෙ කරන හැම දේම ඔයාට තේරුම්ගන්න පුළුවන් වෙනවා.+ 10  ඔයා ප්‍රඥාව හිතට අරන්+දැනුමෙන් සතුටක් ලබනවා නම්+ 11  සිතීමේ හැකියාව ඔයාව රැකගනියි.+වටහාගැනීමේ හැකියාව ඔයාට ආරක්ෂාවක් වෙයි. 12  නපුරු මාර්ගවලිනුත් දුෂ්ට දේ කතා කරන අයගෙනුත්+ඔයා බේරෙයි. 13  හරි මඟ අත්හැරලා අඳුරු මාර්ගවල යන අයටත්+ 14  දුෂ්ටකම් කරලා සතුටක් ලබන අයටත්පහත් දේවල්වලින් විනෝදයක් ලබන අයටත් ඔයා අහු වෙන්නේ නැහැ. 15  වංක මාවත්වල ගමන් කරන අයගෙනුත්බොරුවෙන් ජීවත් වෙන අයගෙනුත් ඔයා ආරක්ෂා වෙයි. 16  පහත් ජීවිතයක් ගත කරන* ස්ත්‍රියගෙන් ඔයා බේරෙයි.අනාචාරයේ යෙදෙන* ස්ත්‍රියගේ මිහිරි* වදන්වලින් ඔයා ආරක්ෂා වෙයි.+ 17  තරුණ කාලේ විවාහ කරගත්ත සැමියාට* ද්‍රෝහි වෙන,+දෙවියන් එක්ක ඇති කරගත්ත ගිවිසුම කඩ කරන ස්ත්‍රියට ඔයා අහු වෙන්නේ නැහැ. 18  ඒ ස්ත්‍රියගේ නිවස බැහැගෙන යන්නේ මිනී වළටයි.එයාගේ ගෙදරට යන පාර නතර වෙන්නේ මරණයෙන්.+ 19  එයාත් එක්ක අනාචාරයේ යෙදෙන කාටවත් ආපහු හැරිලා එන්න බැහැ.ජීවනයට යන මඟ ආයෙත් හොයාගන්න එයාලට බැරි වෙනවා.+ 20  ඒ නිසා යහපත් අයගේ අඩිපාරේ දිගටම ඇවිදන් යන්න.ධර්මිෂ්ඨයන් යන පාරෙන් අයින් වෙන්න එපා.+ 21  මොකද පොළොවේ ජීවත් වෙන්න ලැබෙන්නේ ප්‍රතිපත්තිගරුක අයටයි.ඒකේ දිගටම ජීවත් වෙන්නේ නිර්දෝෂ* අයයි.+ 22  ඒත් දුෂ්ටයන්ව පොළොවෙන් අයින් කරලා දානවා.+ද්‍රෝහිකම් කරන අයව පොළොවෙන් උදුරලා දානවා.+

පාදසටහන්

හෝ, “ගරුබිය දක්වනවා කියන්නේ මොකද්ද කියලා තේරුම්ගනියි.”
මූ.අ., “තැනට සුදුසු නුවණ.”
මූ.අ., “නාඳුනන.” පේන විදිහට මෙතන කතා කරන්නේ දෙවියන්ගේ ප්‍රතිපත්ති පිළිපදින්නේ නැති කෙනෙක් ගැනයි.
මූ.අ., “විදේශික.” පේන විදිහට මෙතන කතා කරන්නේ දෙවියන්ගේ ප්‍රතිපත්ති පිළිපදින්නේ නැති කෙනෙක් ගැනයි.
හෝ, “වශී කරවන.”
මූ.අ., “කිට්ටු යාළුවාට.”
හෝ, “දිගටම විශ්වාසවන්තව ඉන්න.”