හිතෝපදේශ 20:1-30

  • වයින් සමච්චල් කරන්නෙක් (1)

  • කම්මැළියා ශීත කාලේදී වපුරන්නේ නැහැ (4)

  • මිනිසෙක්ගේ සිතුවිලි ගැඹුරු ජලය වගේ (5)

  • දුර දිග බලන්නේ නැතුව පොරොන්දු වෙන්න එපා (25)

  • තරුණයන්ගේ ගෞරවය එයාලාගේ ශක්තියයි (29)

20  වයින් සමච්චල් කරන්නෙක්.+මත්පැන් කෝලහල ඇති කරන්නෙක්.+ඒවා නිසා නොමඟ යන අය අඥානයෝ.+   රජෙක් මිනිස්සු තුළ ඇති කරවන බය සිංහයෙක්ගේ ගර්ජනාව වගේ.+ඔහුව කේන්ති ගස්සන කෙනා තමන්ගෙම ජීවිතය අනතුරේ දාගන්නවා.+   වාදවිවාදවලට පැටලෙන්නේ නැති කෙනා අනිත් අයගේ ගෞරවය දිනාගනියි.+ඒත් මෝඩයෝ නිතරම ඒවාට පැටලෙනවා.+   කම්මැළියෙක් ශීත කාලයේදී බීජ වපුරන්නේ නැහැ.ඒ නිසා අස්වැන්න නෙළන කාලයේදී එයාට සිඟමනේ යන්න වෙයි.*+   මිනිසෙක්ගේ සිතුවිලි* ගැඹුරු ජලය වගේ.ඒත් වටහාගැනීමේ හැකියාව තියෙන කෙනෙක් ඒවා ඇදගනියි.   තමන් නොසැලෙන ආදරයක් තියෙන කෙනෙක් කියලා හුඟක් අය කියයි.ඒත් ඇත්තටම විශ්වාසවන්ත කෙනෙක්ව හොයාගන්න පුළුවන් කාටද?   ධර්මිෂ්ඨයා දෙවියන්ට විශ්වාසවන්තව ජීවත් වෙනවා.+ ඒ නිසා එයාගේ දරුවොත් සතුටින් ඉන්නවා.+   රජතුමා විනිශ්චයාසනයේ ඉඳගෙන ඉද්දී+හැම නපුරු ක්‍රියාවක්ම ඔහු අඳුරගන්නවා.+   “මං මගේ හිත පිරිසිදු කරගත්තා.+ මගේ කිසි වරදක් නැහැ”+කියලා කියන්න පුළුවන් කාටද? 10  හොර මිනුම් පඩි සහ මිනුම් භාජන* යෙහෝවාට පිළිකුලක්.+ 11  දරුවෙක් හරි දේ කරන,පවිත්‍ර කෙනෙක්ද කියලා එයා හැසිරෙන විදිහෙන් පැහැදිලි වෙයි.+ 12  ඇසීමට කනත් දැකීමට ඇහැත් හැදුවේ යෙහෝවායි.+ 13  ඕනෑවට වඩා නින්දට ආස කෙනා දුප්පතෙක් වෙයි.+ ඒත් අවදියෙන් ඉන්න කෙනාට කෑම කාලා තෘප්තිමත් වෙන්න පුළුවන්.+ 14  “අපෝ! මේක එච්චර වටින්නේ නැහැ” කියකිය කෙනෙක් භාණ්ඩයක් මිල දී ගන්නවා.ඒත් එතනින් ගියාට පස්සේ එයා කරපු දේ ගැන මහ ලොකුවට කියවනවා.+ 15  රත්තරන් තිබුණත් ඇති තරම් කොරල්* තිබුණත්දැනුම පතුරුවන තොල් ඊට වඩා වටිනවා.+ 16  මිනිසෙක් නාඳුනන කෙනෙක්ගේ ණයකට ඇප වෙලා ඉන්නවා නම් ඒ මිනිසාගේ ඇඳුම අරගන්න.+එයා ඇප වුණේ විදේශික ස්ත්‍රියක්* වෙනුවෙන් නම් එයාගෙන් ඇපයක් ගන්න.+ 17  වංචාවෙන් උපයගත්ත කෑම මිනිසෙක් රස කරකර කයි.ඒත් ඊටපස්සේ එයාගේ කට ගල් කැටවලින් පිරෙයි.+ 18  අනිත් අයගේ අදහස් අරගෙන කරන සැලසුම් සාර්ථක වෙයි.+යුද්ධ කරද්දී නැණවත් උපදෙස් පතන්න.+ 19  බොරු කියකිය අපහාස කරන කෙනා තැනින් තැන ගිහින් රහස් හෙළි කරයි.+ඕපාදූප පතුරුවන්න ආස කෙනා එක්ක ඇසුරු කරන්න එපා. 20  තාත්තාටයි, අම්මාටයි ශාප කරන කෙනාගේ පහනඅඳුර වැටීගෙන එද්දී නිවලා දායි.+ 21  කෑදරකමින් උරුමයක් ලබාගත්තත්අන්තිමේදී ඒකෙන් කිසිම ආශීර්වාදයක් ලැබෙන්නේ නැහැ.+ 22  “මම පළිගන්නවා” කියලා කියන්න එපා.+ යෙහෝවා මත බලාපොරොත්තු තියන්න.+ ඔහු ඔයාව බේරගනියි.+ 23  හොර මිනුම් පඩි* යෙහෝවාට පිළිකුලක්.හොර තරාදි තියාගන්න එකත් වරදක්. 24  කෙනෙක් තියන්න ඕනෙ පියවර පෙන්වලා දෙන්නේ යෙහෝවා.+තමන් යන්න ඕනෙ මඟ මිනිසෙක් තනියම තේරුම්ගන්නේ කොහොමද? 25  කෙනෙක් දුර දිග බලන්නේ නැතුව “මං මේක කැප කරනවා” කියලා පොරොන්දු වෙලා,+ ඒක ඉටු කරන්න පුළුවන්ද කියලා හිතන්නේ ඊටපස්සේ නම් ඒක එයාට උගුලක් වෙයි.+ 26  ප්‍රඥාවන්ත රජෙක් දුෂ්ටයන්ව වෙන් කරලා+ධාන්‍ය මඩින යන්ත්‍රයකින් එයාලව යට කරයි.+ 27  මිනිසෙක්ගේ කටින් පිට වෙන දේ* යෙහෝවා දල්වපු පහනක් වගේ.ඒකෙන් එයාගේ ඇතුළාන්තයේ තියෙන හැම දේම හෙළි වෙනවා. 28  නොසැලෙන ආදරේ සහ විශ්වාසවන්තකම රජෙක්ව ආරක්ෂා කරයි.+ඔහුගේ සිංහාසනය ස්ථිර වෙන්නේ ඔහුගේ නොසැලෙන ආදරේ නිසයි.+ 29  තරුණයන්ට ගෞරවය ලැබෙන්නේ එයාලාගේ ශක්තිය නිසයි.+මහලු අයට අලංකාරයක් ලැබෙන්නේ එයාලාගේ පැසුණු හිසකෙස් නිසයි.+ 30  තැළුම් සහ තුවාලවලින්* නපුර ඉවත් වෙයි.+පහර දීම්වලින් කෙනෙක්ගේ ඇතුළාන්තය පිරිසිදු වෙයි.

පාදසටහන්

හෝ සමහරවිට, “අස්වැන්න නෙළන කාලයේදී පලදාව ලබාගන්න ගියත් එයාට කිසි දෙයක් ලැබෙන්නේ නැහැ.”
හෝ, “චේතනා.” මූ.අ., “උපදෙස්.”
හෝ, “මිනුම් පඩි දෙවර්ගයක් සහ මිනුම් භාජන දෙවර්ගයක්.”
හෝ, “විදේශිකයෙක්.”
හෝ, “මිනුම් පඩි දෙවර්ගයක්.”
මූ.අ., “හුස්ම.”
ඒ කියන්නේ හික්මවීම්වලින්.