හිතෝපදේශ 21:1-31

21  රජෙක්ගේ හිත යෙහෝවාගේ අතේ තියෙන දිය පහරක් වගේ.+ ඔහු කැමති කැමති අතට ඒක හරවනවා.+   මිනිසෙක්ට එයා කරන හැම දේම හරියි කියලා හිතෙයි.+ඒත් යෙහෝවා එයාගේ හිත* සෝදිසි කරලා බලයි.+   යෙහෝවා වැඩියෙන් සතුටු වෙන්නේහරි දේ කරන එකෙන් සහ සාධාරණව වැඩ කරන එකෙන් මිසක් පූජාවලින් නෙමෙයි.+   උඩඟු ඇස් සහ අහංකාර හිතක් තියෙන එක පාපයක්.ඒවා දුෂ්ටයන්ට මඟ පෙන්වන පහනක් වගේ.+   කඩිසර කෙනාගේ සැලසුම් සාර්ථක* වෙයි.+ඒත් හිතන්නේ බලන්නේ නැතුව හදිස්සියෙන් වැඩ කරන කෙනා දුප්පතෙක් වෙයි.+   බොරු කියලා රැස් කරගන්න වස්තුව නැති වෙලා යන මීදුමක් වගේ.මාරාන්තික උගුලක් වගේ.*+   දුෂ්ටයෝ යුක්තිය එපා කරනවා.ඒ නිසා එයාලා කරන දරුණු අපරාධවලින් එයාලම විනාශ වෙනවා.+   වරදකට වග කියන්න ඕනෙ කෙනාගේ ක්‍රියා වංකයි.ඒත් නිර්දෝෂ කෙනාගේ ක්‍රියා අවංකයි.+   රණ්ඩුවට බර* බිරිඳක් එක්ක එකම ගෙදර ඉන්නවාට වඩා හොඳයිවහලේ මුල්ලකට වෙලා ජීවත් වෙන එක.+ 10  නපුරක් කරන කල් දුෂ්ටයාට ඉවසිල්ලක් නැහැ.+එයා තමන්ගේ අසල්වැසියාට කිසිම කරුණාවක් පෙන්වන්නේ නැහැ.+ 11  සමච්චල් කරන්නාට දඬුවම් කරද්දී අද්දැකීම් අඩු කෙනා ප්‍රඥාවන්ත වෙයි.අවබෝධය වැඩි කරගද්දී ප්‍රඥාවන්තයා දැනුම් තේරුම් ඇතුව වැඩ කරයි.*+ 12  ධර්මිෂ්ඨ දෙවියන් දුෂ්ටයන්ගේ නිවස ගැන සෝදිසියෙන් ඉන්නවා.ඔහු එයාලව විනාශයට ඇදලා දානවා.+ 13  අසරණයා උදව් ඉල්ලද්දී ඇස් කන් වහගෙන ඉන්න කෙනාට+වෙන්නෙත් ඒ දේමයි. 14  රහසින් දෙන තෑග්ගකින් කේන්තිය නැති වෙලා යයි.+හංගලා දෙන* අල්ලසකින් දැවෙන කෝපය නිවිලා යයි. 15  යුක්තිය ඉටු කරන එක ධර්මිෂ්ඨයාට සතුටක්.+ඒත් නපුරු දේ කරන අයට ඒක පිළිකුලක්. 16  සිහිබුද්ධිය අත්හැරලා යන අයට වෙන්නේමිය ගිය අය එක්ක සැතපෙන්නයි.+ 17  විනෝදයෙන්ම කල් ගෙවන* කෙනා දුප්පතෙක් වෙයි.+වයින්වලටත් තෙල්වලටත් අධික ආශාවක් තියෙන කෙනා පොහොසතෙක් වෙන්නේ නැහැ. 18  ධර්මිෂ්ඨයාව බේරගන්න දුෂ්ටයාව වන්දියක් විදිහට දෙයි.අවංක අය වෙනුවට ද්‍රෝහිකම් කරන අයව පැහැරගෙන යයි.+ 19  රණ්ඩුවට බර බිරිඳක් එක්ක එකම ගෙදර ඉන්නවාට වඩාකාන්තාරයක ජීවත් වෙන එක හොඳයි.+ 20  ප්‍රඥාවන්තයාගේ නිවස වටිනා වස්තුවලිනුත් තෙල්වලිනුත් පිරිලා.+ඒත් මෝඩයා තමන්ට තියෙන දේත් නාස්ති කරලා දායි.*+ 21  හරි දේ කරන්නත් නොසැලෙන ආදරේ පෙන්වන්නත් වෙහෙසෙන අයටධර්මිෂ්ඨකමත් ගෞරවයත් ජීවනයත් හිමි වෙයි.+ 22  ප්‍රඥාවන්තයාට පුළුවන් බලවත් නුවරක පවුරට නඟින්න.ඒකේ වැසියන් විශ්වාසය තියලා තියෙන බලකොටු බිඳලා දාන්න.+ 23  දිව පාලනය කරගන්න කෙනා අනවශ්‍ය ප්‍රශ්නවලින් බේරෙයි.+ 24  හිතන්නේ බලන්නේ නැතුව උඩඟු විදිහට වැඩ කරන කෙනාව හඳුන්වන්නේඋද්ධච්ච,* පුරසාරම් දොඩන කෙනෙක් විදිහටයි.+ 25  කම්මැළියා කිසි වැඩක් කරන්න කැමති නැහැ.+එයාගේ ආශාවන් එයාව මරණයට ළං කරයි. 26  දවස තිස්සේම එයාගේ හිත කෑදරකමින් පිරිලා.ඒත් ධර්මිෂ්ඨයා පොඩ්ඩක්වත් අදිමදි කරන්නේ නැතුව දෙනවා.+ 27  දුෂ්ටයා ඔප්පු කරන පූජා දෙවියන්ට පිළිකුලක්.+ එහෙනම්, දුෂ්ට අරමුණකින් දෙන* පූජා ඊට වඩා කොච්චර පිළිකුල්ද! 28  බොරු සාක්ෂිකරුවෙක් විනාශ වෙයි.+ඒත් හොඳින් සවන් දෙන කෙනාගේ සාක්ෂි ඇත්ත කියලා පිළිගනියි.* 29  දුෂ්ටයා බොරු නිර්භීතකමක් මවාපායි.+ඒත් ස්ථිර මඟක ඇවිදින්නේ* ප්‍රතිපත්තිගරුක කෙනායි.+ 30  යෙහෝවාගේ කැමැත්තට විරුද්ධව යන්න තරම් ප්‍රඥාවක්වත්අවබෝධයක්වත් උපදෙසක්වත් කිසි කෙනෙක් ගාව නැහැ.+ 31  යුද්ධ කරන දවස වෙනුවෙන් අශ්වයාව පුහුණු කරයි.+ඒත් ගැලවීම දෙන්නේ යෙහෝවායි.+

පාදසටහන්

හෝ, “චේතනා.”
හෝ, “ප්‍රයෝජනවත්.”
හෝ සමහරවිට, “මරණයට අත වනන අයට නැති වෙලා යන මීදුමක් වගේ.”
හෝ, “නිතරම ඇනඇන දේවල් කියන.”
හෝ, “කරන්න ඕනෙ දේ තේරුම්ගන්නවා.”
ඒ කියන්නේ ළය ප්‍රදේශයේ තියෙන සාක්කුවට දාන.
හෝ, “විනෝදයට ඇලුම් කරන.”
මූ.අ., “ගිලලා දායි.”
කිසි බයක් නැතුව තමන්ට අයිති නැති දේ කරන කෙනෙක් කියන අදහස මුල් භාෂාවේ තියෙනවා.
හෝ, “නින්දිතව හැසිරෙන ගමන් දෙන.”
මූ.අ., “කෙනා හැමදාටම කතා කරයි.”
හෝ, “මාර්ගය සාර්ථක කරගන්නේ.”