හිතෝපදේශ 22:1-29

  • ධන සම්පත්වලට වඩා හොඳ නමක් වටිනවා (1)

  • පුංචි කාලේ දෙන පුහුණුව ජීවිත කාලෙටම මතක තියෙයි (6)

  • කම්මැළියා එළිමහනේ ඉන්න සිංහයාට බයයි (13)

  • හික්මවීම්වලින් මෝඩකම් නැති වෙනවා (15)

  • දක්ෂ විදිහට වැඩ කරන කෙනා රජවරුන් ඉස්සරහට යයි (29)

22  ධන සම්පත් තියෙනවාට වඩා හොඳ නමක් තියෙන එක වටිනවා.+ගෞරවය* දිනාගන්න එක රන් රිදීවලටත් වඩා වටිනවා.   දුප්පතා සහ පොහොසතා අතරේ සමානකමක් තියෙනවා. ඒ දෙගොල්ලන්ගෙම සැදුම්කරු යෙහෝවායි.+   බුද්ධිමත් අය අවදානම දුර තියාම දැකලා ඒකෙන් අයින් වෙනවා.ඒත් අද්දැකීම් අඩු අය ඒ දිහාවටම ගිහිල්ලා ප්‍රතිඵල* විඳිනවා.   යෙහෝවා ගැන තියෙන ගරුබිය නිසාත් නිහතමානිකම නිසාත්වස්තුවත් ගෞරවයත් ජීවනයත් ලැබෙයි.+   වංක කෙනාගේ ගමන් මඟේ කටු ගස් සහ උගුල් තියෙනවා.ජීවිතේට ආදරේ කරන කෙනා ඒ මඟෙන් ඈත් වෙලා ඉන්නවා.+   දරුවෙක්ට* හරි මඟේ යන්න අවශ්‍ය පුහුණුව දෙන්න.+වයසට ගියාට පස්සෙත් එයා ඒ මඟෙන් ඉවතට යන්නේ නැහැ.+   ධනවතා දුප්පතාව පාලනය කරයි.ණයට ගත්ත කෙනා ණයට දුන්න කෙනාගේ සේවකයෙක්.+   අධර්මිෂ්ඨකම වපුරන්නා නෙළාගන්නේ විනාශයයි.+එයා කේන්තියෙන් වේවැලකින් පහර දුන්නත් ඒක කඩලා දායි.*+   ත්‍යාගශීලී කෙනාට ආශීර්වාද කරයි.මොකද එයා දුප්පතා එක්ක එයාගේ කෑම පංගුව බෙදාගනියි.+ 10  සමච්චල් කරන්නාව එළවලා දාන්න.එතකොට රණ්ඩු දබර, වාදවිවාද,* නින්දා අපහාස නවතියි. 11  හිත පවිත්‍රව තියාගන්න කැමති,සිත්ගන්නා විදිහට කතා කරන කෙනා රජගේ මිත්‍රයෙක් වෙයි.+ 12  යෙහෝවා සත්‍යය* ආරක්ෂා කරනවා.ඒත් ද්‍රෝහිකම් කරන අයගේ වචනවලින් ඔහු එයාලටම අනතුරක් වෙන්න සලස්වනවා.+ 13  “පාරේ සිංහයෙක් ඉන්නවා. මම එළියට ගියොත් ඌ මාව මරයි” කියලා කම්මැළියා කියයි.+ 14  පහත් ජීවිතයක් ගත කරන* ස්ත්‍රියකගේ කට ගැඹුරු වළක් වගේ.+ යෙහෝවා හෙළා දකින කෙනා ඒ වළට වැටෙයි. 15  මෝඩකම දරුවෙක්ගේ හිතේ කෙටිලා තියෙනවා.+ඒත් ඒක අයින් කරලාම දාන්න හික්මවීම කියන වේවැලටපුළුවන්.+ 16  වස්තුව වැඩි කරගන්න හිතාගෙන දුප්පතාට වංචා කරන කෙනාත්+පොහොසතාට තෑගි දෙන කෙනාත්අන්තිමේදී දුප්පතෙක් වෙයි. 17  ප්‍රඥාවන්තයන්ගේ වදන්වලට ඇහුම්කන් දීලා+මං දෙන දැනුම හිතට ගන්න.+ 18  මොකද ඒ වදන් හිතේ තියාගෙන ඉන්න එක ඔයාට සතුටක්.+එතකොට නිතරම ඒවා ගැන කතා කරන්නත් ඔයා පෙලඹෙයි.+ 19  මම අද ඔයාව දැනුවත් කරනවා.එතකොට යෙහෝවා ගැන ඔයාට ලොකු විශ්වාසයක් ඇති වෙයි. 20  මම උපදෙස් සහ දැනමුතුකම් ඔයාට ලියලා දීලයි තියෙන්නේ. 21  එහෙම කළේ විශ්වාස කරන්න පුළුවන් සත්‍ය වදන් ඔයාට උගන්වන්නයි.ඔයාව එවපු කෙනා එක්ක සත්‍ය කියමන් බෙදාගන්න ඔයාට පුළුවන් වෙන්නයි. 22  දුප්පතාගේ අසරණකම හේතුවක් කරගෙන එයාගෙන් හොරකම් කරන්න එපා.+නුවර දොරටුව ළඟ පීඩිතයාට හිරිහැර කරන්නත් එපා.+ 23  මොකද යෙහෝවාම එයාලා වෙනුවෙන් කතා කරලා සාධාරණය ඉටු කරලා දෙයි.+එයාලට වංචා කරපු අයගේ ජීවිත ඔහු නැති කරලා දායි. 24  ඉක්මනින් කේන්ති ගන්න කෙනෙක් එක්ක ඇසුරු කරන්න එපා.නිතරම කේන්ති ගන්න කෙනෙක් එක්ක කිසි ගනු දෙනුවක් තියාගන්නත් එපා. 25  එහෙම කළොත් ඔයාත් එයා යන පාරේ ගිහින් උගුලකට අහු වෙයි.+ 26  අතට අත දීලා ණයකට ඇප වෙන්න පොරොන්දු වෙන්න එපා.+ 27  ඇපය ගෙවන්න කිසිම දෙයක් ඔයා ගාව නැත්නම්ණයහිමියා ඔයා නිදාගෙන ඉන්න ඇඳත් අරගෙන යයි. 28  අතීතයේදී ඔයාගේ මුතුන්මිත්තන්ට වෙන් කරලා දුන්නඉඩම්වල මායිම් වෙනස් කරන්න එපා.+ 29  තමන්ගේ වැඩේ දක්ෂ විදිහට කරන කෙනෙක්ව දැකලා තියෙනවාද? එයා රජවරුන් ඉස්සරහට යයි.+සාමාන්‍ය අය අතරේ එයාව දකින්න ලැබෙන්නේ නැහැ.

පාදසටහන්

මූ.අ., “අනුමැතිය.”
හෝ, “දඬුවම්.”
හෝ, “යෞවනයෙක්ට.”
හෝ, “එයාගේ කුරිරු පාලනය අවසන් වෙයි.”
හෝ, “නඩුහබ.”
මූ.අ., “දැනුම.”
මූ.අ., “නාඳුනන.” හිතෝ 2:16 බලන්න.