හිතෝපදේශ 23:1-35

  • කෑමකට ලැබෙන ආරාධනා පිළිගන්න කලින් හිතලා බලන්න (2)

  • ධනය පස්සේ යන්න එපා (4)

  • වස්තුව තටු විහිදලා යයි (5)

  • බේබද්දන් එක්ක ඇසුරු කරන්න එපා (20)

  • මත්පැන් සර්පයෙක් වගේ දෂ්ට කරයි (32)

23  ඔයා රජෙක් එක්ක ඉඳගෙන කෑම කද්දීඔයා ඉන්නේ කොහෙද කියලා අමතක කරන්න එපා.   ඔයා කෑමට හුඟක් ආස කරන කෙනෙක් නම්ඔයාවම පාලනය කරගන්න.*   රස නහර පිනවන ඔහුගේ කෑමවලට ආශාවක් ඇති කරගන්න එපා.මොකද ඔහු ඒවා දෙන්නේ අවංක හිතකින් නෙමෙයි.   පොහොසත් වෙන්න ඔයාගේ මුළු ශක්තියම වැය කරන්න එපා.+ එහෙම කරන එක නවත්තලා අවබෝධයෙන් වැඩ කරන්න.*   වස්තුවට ඔයාගේ හිත ඇදිලා යන්න දෙන්න එපා.ඔයා බලන් ඉද්දීම ඒක රාජාලියෙක් වගේ තටු විහිදලා ඈතින් ඈතට පියඹලා යයි.+   ලෝභ කෙනෙක් දෙන කෑම කන්න එපා.එයාගේ රසවත් කෑමවලට ආස කරන්නත් එපා.   මොකද ඔයා කොච්චර කනවාද කියලා එයා ඇහැගහගෙනයි ඉන්නේ.* “කන්න, බොන්න” කිව්වාට එයා ඒක කියන්නේ යටි අදහසක් තියාගෙන.   එයා දීපු කෑම ඔයාට වමාරන්න සිද්ධ වෙයි.ඔයා එයාට කියපු කාරුණික වචනවලින් කිසිම වැඩක් වෙන්නේ නැහැ.   මෝඩයෙක්ට උගන්වන්න යන්න එපා.+මොකද ඔයාගේ ප්‍රඥාවන්ත වදන් එයා හෙළා දකියි.+ 10  අතීතයේදී වෙන් කරලා දීපු ඉඩම්වල මායිම් වෙනස් කරන්නවත්+තාත්තා නැති දරුවන්ගේ ඉඩම්වලට බලහත්කාරයෙන් ඇතුල් වෙන්නවත් එපා. 11  මොකද එයාලා වෙනුවෙන් පෙනී ඉන්න තැනැත්තා* ශක්තිමත්.ඔහු එයාලා වෙනුවෙන් ඔයාට විරුද්ධව පියවර ගනියි.+ 12  හික්මවීම්වලට ඔයාගේ හිත යොමු කරන්න.දැනුමට කන් යොමු කරන්න. 13  දරුවෙක්ට* අවශ්‍ය හික්මවීම් දෙන්න අදිමදි කරන්න එපා.+ වේවැලෙන් දඬුවම් කළා කියලා එයා මැරෙන්නේ නැහැ. 14  එයාව මරණයෙන් බේරගන්න වේවැල පාවිච්චි කරන්න. 15  මගේ පුතේ, ඔයා ප්‍රඥාවන්ත කෙනෙක් වුණොත්මගේ හිත සතුටින් පිරෙයි.+ 16  ඔයා හරි දේ කතා කරනවා නම්මම මුළු හදවතින්ම* සතුටු වෙනවා. 17  වැරදි කරන අයට ඊර්ෂ්‍යා කරන්න එපා.+ඒ වෙනුවට දවස පුරාම යෙහෝවා ගැන ගරුබියක් ඇතුව ඉන්න.+ 18  එතකොට ඔයාට හොඳ අනාගතයක් තියෙයි.+ඔයාගේ බලාපොරොත්තු කඩ වෙන්නෙත් නැහැ. 19  මගේ පුතේ, උපදෙස්වලට ඇහුම්කන් දීලා ප්‍රඥාවන්ත වෙන්න.ඔයාගේ හිත හරි මඟට යොමු කරන්න. 20  හුඟක් වයින් බොන අය එක්කවත්+මස්වලට කෑදර අය එක්කවත්+ ඇසුරු කරන්න එපා. 21  මොකද බේබද්දොත් කෑදරයොත් දුප්පත් වෙයි.+මත් වෙලා ඉන්න අයට ඉතුරු වෙන්නේ වැරහැලි විතරයි. 22  ඔයාට ජීවිතය දුන්න* ඔයාගේ තාත්තාට ඇහුම්කන් දෙන්න.ඔයාගේ අම්මා වයසට ගියා කියලා එයාව පහත් කරන්න එපා.+ 23  සත්‍යය මිල දී ගන්න.* ඒක කවදාවත් විකුණන්න එපා.+ප්‍රඥාවත් හික්මවීමත් අවබෝධයත් මිල දී ගන්න.+ 24  ධර්මිෂ්ඨ කෙනාගේ තාත්තා අනිවාර්යයෙන්ම සතුටු වෙයි.ප්‍රඥාවන්ත පුතෙක් ඉන්න තාත්තා කෙනෙක්ගේ හිත සතුටින් පිරිලා යයි. 25  ඔයාත් ඒ වගේ වුණොත් ඔයාගේ අම්මා තාත්තාත් සතුටු වෙයි.ඔයාව බිහි කරපු අම්මාට ලොකු සතුටක් දැනෙයි. 26  මගේ පුතේ, මං කියන දේ හිතට ගන්න.සතුටු සිතින් මං යන මාර්ගයේම යන්න.+ 27  ගණිකාවක් ගැඹුරු වළක් වගේ.අනාචාරයේ යෙදෙන* ස්ත්‍රියක් පටු ළිඳක් වගේ.+ 28  කොල්ලකරුවෙක් වගේ එයා මඟ රැකගෙන ඉන්නවා.+එයා පුරුෂයන් හුඟදෙනෙක්ව ද්‍රෝහිකමට පොලඹවනවා. 29  රතු ඇස් තියෙන්නේ කාටද? දුක තියෙන්නේ කාටද? සිත්තැවුලෙන් ඉන්නේ කවුද? ප්‍රශ්න තියෙන්නේ කාටද? අඬදබර කරන්නේ කවුද? නිකරුණේ තුවාල වෙන්නේ කාටද? 30  එහෙම වෙන්නේ පැය ගණන් වයින් බොන අයටයි.+සැර වැඩි කරපු* වයින් හොයාගෙන යන අයටයි. 31  වයින් රතට රතේ දිස් වෙද්දී, ඒක කුසලානේ දිලිසෙද්දීඒකෙන් ආස්වාදයක් ලැබෙද්දී ඒකට වශී වෙන්න එපා. 32  අන්තිමේදී ඒක සර්පයෙක් වගේ දෂ්ට කරයි.පොළඟෙක් වගේ විෂ පිට කරයි. 33  ඔයාගේ ඇස් දෙකට අමුතු දේවල් පෙනෙයි.ඔයාගේ හිතට විකෘති අදහස් එයි.+ 34  ඔයා මුහුදු පතුලටම ගිලෙන කෙනෙක් වගෙත්කුඹගහක් උඩ ඉන්න කෙනෙක් වගෙත් වෙයි. 35  ඔයා මෙහෙම කියයි. “එයාලා මට ගැහුවා. ඒත් මට රිදුණේ නැහැ. එයාලා මට පහර දුන්නා. ඒත් මට ඒක දැනුණෙවත් නැහැ. ඇහැරුණ ගමන්ම+ මං ගිහින් තව ටිකක් බොනවා.”

පාදසටහන්

මූ.අ., “උගුරට පිහියක් තියාගන්න.”
හෝ සමහරවිට, “ඔයාගෙම නුවණ මත රඳා ඉන්න එපා.”
හෝ, “කන ප්‍රමාණය ගැන හිතින් ගණන් තියාගන්නවා.”
මූ.අ., “මිදුම්කරු.”
හෝ, “යෞවනයෙක්ට.”
මූ.අ., “මගේ වකුගඩු.”
හෝ, “ඔයාව ජනිත කරපු.”
හෝ, “ලබාගන්න.”
මූ.අ., “විදේශික.” හිතෝ 2:16 බලන්න.
හෝ, “කුළු බඩු මිශ්‍ර කරපු.”