හිතෝපදේශ 24:1-34

  • නපුරු මිනිසුන්ට ඊර්ෂ්‍යා කරන්න එපා (1)

  • ප්‍රඥාවෙන් නිවසක් ගොඩනැඟෙනවා (3)

  • ධර්මිෂ්ඨයා වැටුණත් ආයෙත් නැඟිටිනවා (16)

  • පළිගන්න එපා (29)

  • නින්දට ආස කරන කෙනා දුප්පතෙක් වෙයි (33, 34)

24  නපුරු මිනිස්සුන්ට ඊර්ෂ්‍යා කරන්න එපා.එයාලාගේ ඇසුරට ප්‍රිය කරන්නත් එපා.+   මොකද එයාලා හිතන්නෙම අනුන්ට අනතුරක් කරන එක ගැනයි.එයාලා කතා කරන්නේ වෙන අයට හානි කරන විදි ගැනයි.   ප්‍රඥාවෙන් නිවසක්* ගොඩනැඟෙනවා.+වටහාගැනීමේ හැකියාවෙන් ඒක සුරක්ෂිත තැනක් වෙනවා.   දැනුම නිසා ඒකේ කාමර හුඟක් වටිනා දේවලිනුත්ලස්සන දේවලිනුත් පිරිලා තියෙනවා.+   ප්‍රඥාවන්ත කෙනෙක් බලවත්.+දැනුමෙන් එයා එයාගේ බලය තවත් වැඩි කරගනියි.   යුද්ධ කරද්දී නැණවත් උපදෙස් පතන්න.+උපදේශකයන් හුඟදෙනෙක් ඉද්දී ජයග්‍රහණය ලැබෙයි.*+   මෝඩයාට සැබෑ ප්‍රඥාව ලබාගන්න බැහැ.+නුවර දොරටුව ළඟදී එයාට කියන්න කිසිම දෙයක් නැහැ.   නපුරුකම් කරන්න කුමන්ත්‍රණය කරන කෙනාව හඳුන්වන්නේදුෂ්ට සැලසුම් යොදන්න අතිදක්ෂයෙක් විදිහටයි.+   මෝඩයාගේ සැලසුම් එයාව* පාපයට ඇදලා දායි.සමච්චල් කරන්නාව මිනිස්සු හෙළා දකියි.+ 10  දුක් කරදර එද්දී ඔයා අධෛර්යය වුණොත්ඔයාගේ ශක්තිය අඩු වෙලා යයි. 11  මරන්න ගෙනියන අයව ගලවගන්න.මරලා දාන්න ඔන්න මෙන්න ඉන්න අයව බේරගන්න.+ 12  “අපි මේ ගැන දැනන් හිටියේ නැහැ” කියලා ඔයා කිව්වොත් හිත* සෝදිසි කරන තැනැත්තා ඔයා කියන්නේ ඇත්තක්ද කියලා හොයලා බලන්නේ නැද්ද?+ ඔයා දිහා බලාගෙන ඉන්න තැනැත්තා ඔයාගේ හිතේ තියෙන දේ අනිවාර්යයෙන්ම දැනගන්නවා.එක් එක් කෙනාගේ ක්‍රියාවලට අනුව ඔහු ප්‍රතිඵල දෙනවා.+ 13  මගේ පුතේ, මීපැණි කන්න. ඒවා ඔයාට ගුණයි.මීවදයෙන් වෑස්සෙන පැණිවලින් දිව පිනා යයි. 14  ඒ වගේ, ප්‍රඥාවෙනුත් ඔයාට ප්‍රයෝජන ලැබෙනවා.+ ඔයා ඒක හොයාගත්තොත් ඔයාට හොඳ අනාගතයක් තියෙයි.ඔයාගේ බලාපොරොත්තු කඩ වෙන්නෙත් නැහැ.+ 15  දුෂ්ට අදහසකින් ධර්මිෂ්ඨයාගේ නිවස ළඟ රැකගෙන ඉන්න එපා.එයාගේ නිවහන විනාශ කරන්න එපා. 16  ධර්මිෂ්ඨයා හත් වතාවක් වැටුණත් එයා නැඟිටිනවා.+ඒත් දුෂ්ටයා විපතකට අහු වෙලා වැටිලා යනවා.+ 17  ඔයාගේ හතුරා වැටුණොත් ඒ ගැන ප්‍රීති වෙන්න එපා.එයාගේ පය පැටලුණොත් සතුටු වෙන්න එපා.+ 18  එහෙම කළොත් යෙහෝවා ඔයා ගැන සතුටු වෙන්නේ නැහැ.ඒ කෙනා ගැන දෙවියන්ට තිබුණ කේන්තියත් නිවිලා යයි.+ 19  නපුරු අය නිසා කේන්ති ගන්න එපා.දුෂ්ටයන්ට ඊර්ෂ්‍යා කරන්නත් එපා. 20  මොකද නපුරු අයට කිසිම අනාගතයක් නැහැ.+දුෂ්ටයන්ගේ පහන නිවලා දායි.+ 21  මගේ පුතේ, යෙහෝවාටත් රජටත් ගැඹුරු ගෞරවයක් පෙන්වන්න.+ කැරලිකරුවන්* එක්ක ඇසුරු කරන්න එපා.+ 22  මොකද කැරලිකරුවන් ක්ෂණිකව විනාශ වෙයි.+ ඒ දෙන්නා* මොන වගේ විනාශයක් ගෙනෙයිද කියලා කවුද දන්නේ?+ 23  මේවාත් ප්‍රඥාවන්තයන්ගේ කියමන්. විනිශ්චය කරද්දී පැති ගන්න එක වැරදියි.+ 24  කෙනෙක් “ඔයා ධර්මිෂ්ඨයි” කියලා දුෂ්ටයෙක්ට කිව්වොත්+ මිනිස්සු එයාට ශාප කරයි. ජාතීන් එයාව හෙළා දකියි. 25  ඒත් දුෂ්ටයෙක්ට අවවාද කරන කෙනාට යහපතක් වෙනවා.+එයාට හුඟක් ආශීර්වාද ලැබෙනවා.+ 26  අවංකව උත්තර දෙන කෙනාව සෙනඟ ආදරයෙන් සිපගනියි.*+ 27  එළිමහනේ තියෙන වැඩ සැලසුම් කරලා ඔයාගේ කෙත සකසන්න.ඊටපස්සේ ඔයාගේ ගේ* ගොඩනඟන්න. 28  කිසිම පදනමක් නැතුව ඔයාගේ අසල්වැසියාට විරුද්ධව සාක්ෂි දෙන්න එපා.+ ඔයා කියන දේවලින් අනිත් අයව රවට්ටන්න එපා.+ 29  “එයා මට කරපු දේම මමත් එයාට කරනවා.එයා කරපු දේට මං එයාගෙන් පළිගන්නවා” කියලා කියන්න එපා.+ 30  මම කම්මැළියාගේ කෙත ළඟින් ගියා.+සිහිකල්පනාවෙන් වැඩ කරන්නේ නැති කෙනාගේ* මිදිවත්ත ළඟින් ගියා. 31  ඒ කෙත්වතු වල් පැළෑටිවලින් පිරිලා තිබුණා.කටු ගස්වලින් වැහිලා තිබුණා.තාප්ප බිඳ වැටිලා තිබුණා.+ 32  මම ඒ දිහා බලලා පාඩමක් ඉගෙනගත්තා.මම මේ දේ හිතට ගත්තා. 33  තව ටිකක් නිදාගන්න. තව ටිකක් හාන්සි වෙලා ඉන්න.අත් දෙක බැඳගෙන හොඳට නිදාගන්න. 34  එතකොට දුප්පත්කම මංකොල්ලකරුවෙක් වගෙත්අගහිඟකම් අවි ගත්ත කෙනෙක් වගෙත් හදිස්සියේම ඔයා පිටට එයි.+

පාදසටහන්

හෝ, “පවුලක්.”
හෝ, “සාර්ථක වෙයි; ගැලවීම ලැබෙයි.”
හෝ, “මෝඩ සැලසුම් කෙනෙක්ව.”
හෝ, “චේතනා.”
හෝ, “වෙනසක් කරන්න හදන අය.”
ඒ කියන්නේ යෙහෝවා සහ රජ.
හෝ සමහරවිට, “කිසි දෙයක් හංගන්නේ නැතුව උත්තර දෙන එක හරියට කෙනෙක්ව ආදරෙන් සිපගන්නවා වගේ.”
හෝ, “පවුල.”
හෝ, “අඥාන කෙනෙක්ගේ.”