හිතෝපදේශ 25:1-28

  • රහසිගත කාරණා හෙළි නොකිරීම (9)

  • හොඳට හිතලා බලලා කියන වචන (11)

  • අනිත් අයගේ නිදහසට ගරු කරන්න (17)

  • සතුරාගේ ඔළුවට ගිනි අඟුරු ගොඩගහන එක (21, 22)

  • හොඳ ආරංචියක් සිසිල් පැන් පොදක් වගේ (25)

25  මේ හිතෝපදේශත් රචනා කළේ සලමොන් රජයි.+ යූදාවල රජ වුණ හෙසකියාගේ+ සේවකයන් ඒවා පිටපත් කළා.*   දෙවියන් ගෞරවයට පත් වෙන්නේ කාරණා රහසිගතව තියාගන්න එකෙන්.+රජවරුන් ගෞරවයට පත් වෙන්නේ කාරණා සෝදිසි කරලා බලන එකෙන්.   අහසේ උසත් පොළොවේ ගැඹුරත් මනින්න බැහැ වගේරජවරුන්ගේ හිතේ තියෙන දේත් තේරුම්ගන්න බැහැ.   රිදීවලින් බොර අයින් කරන්න.එතකොට ඒක සම්පූර්ණයෙන්ම පවිත්‍ර වෙයි.+   රජ ඉස්සරහින් දුෂ්ටයාව පන්නලා දාන්න.එතකොට ඔහුගේ සිංහාසනය ස්ථිර වෙලා ඔහු ධර්මිෂ්ඨකමින් පාලනය කරයි.+   රජ ඉස්සරහා ඔයාවම උසස් කරගන්න එපා.+හොඳ පිළිගැනීමක් තියෙන අය ඉන්න තැනට යන්නත් එපා.+   ඔහු ඔයාව අධිපතියෙක් ඉස්සරහා ලැජ්ජා කරනවාට වඩා,+ “මෙතනට එන්න” කියලා ඔහුම කියන එක හොඳයි.   අසල්වැසියාට විරුද්ධව නඩුවක් දාන්න ඉක්මන් වෙන්න එපා.අන්තිමේදී එයා ඔයාව ලැජ්ජාවට පත් කළොත් ඔයා මොනවාද කරන්නේ?+   කෙනෙක් එක්ක ප්‍රශ්නයක් ඇති වුණාම ඒක එයාත් එක්ක විතරක් කතා කරලා විසඳගන්න.+ඔයාට රහසින් කියපු දෙයක්* හෙළි කරන්න එපා.+ 10  එහෙම කළොත් ඔයාට ඇහුම්කන් දෙන කෙනා ඔයාට ලැජ්ජා කරයි.ඔයා කියපු නරක කතාව* පැතිරිලා යන එක නවත්තන්නත් ඔයාට බැරි වෙයි. 11  නියම වෙලාවට කියන වචනකැටයම් කරපු රිදී බඳුන්වල තියපු රන් ඇපල් වගේ.+ 12  කෙනෙක් ප්‍රඥාවන්තයා දෙන අවවාද පිළිගද්දී+ඒවා එයාට රන් කරාබුවක් වගේ. වටිනා රන් ආභරණයක් වගේ. 13  විශ්වාසවන්ත පණිවිඩකරුවෙක්අස්වැන්න නෙළන කාලයේදී සිසිලස දෙන හිම වගේ.එයා එයාගේ ස්වාමියාට අලුත් පණක් දෙනවා.+ 14  තෑග්ගක් දෙනවා කියලා මහ ලොකුවට කිව්වත් ඒක දෙන්නේ නැති කෙනා+ හරියටවැසි වස්සන්නේ නැති වලාකුළු සහ සුළං වගේ. 15  අණ දෙන නිලධාරියෙක්ගේ හිත වුණත් ඉවසීමෙන් දිනාගන්න පුළුවන්.කාරුණික* වචනයකින් ඇටකටු පවා බිඳින්න පුළුවන්.+ 16  මීපැණි ලැබුණොත් අවශ්‍ය ප්‍රමාණයට වඩා කන්න එපා.ඕනෑවට වඩා කෑවොත් ඒක ඔයාට වමාරන්න වෙයි.+ 17  ඔයාගේ අසල්වැසියාගේ ගෙදරට නිතර නිතර යන්න එපා.එහෙම ගියොත් එයාට ඔයාව එපා වෙලා ඔයාට වෛර කරන්නත් පටන්ගනියි. 18  අසල්වැසියාට විරුද්ධව බොරු සාක්ෂි දෙන කෙනා+ හරියටපොල්ලක්, කඩුවක් සහ තියුණු ඊතලයක් වගේ. 19  කරදරේක වැටිලා ඉද්දී, විශ්වාසය තියන්න බැරි* කෙනෙක් මත රඳා ඉන්න එක හරියටකැඩුණු දතකින් හපනවා වගේ. කොර වුණ කකුලකින් ඇවිදිනවා වගේ. 20  දුකින් ඉන්න කෙනෙක්ට ගී ගයන එක+ හරියටසීතල දවසක තමන්ගේ ඇඳුම ගලවලා දානවා වගේ.ආප්ප සෝඩාවලට විනාකිරි දානවා වගේ. 21  ඔයාගේ සතුරා* බඩගින්නේ ඉන්නවා නම් එයාට කන්න දෙන්න.එයා තිබහෙන් ඉන්නවා නම් එයාට බොන්න වතුර දෙන්න.+ 22  එහෙම කරන එක හරියට එයාගේ ඔළුවට ගිනි අඟුරු ගොඩගහනවා වගේ.*+යෙහෝවාගේ ආශීර්වාදයත් ඔයාට ලැබෙයි. 23  උතුරෙන් හමන සුළඟත් එක්ක තද වර්ෂාවක් එයි.ඕපාදූප පතුරුවන එකෙන් කේන්තිය ඇවිස්සෙයි.+ 24  රණ්ඩුවට බර* බිරිඳක් එක්ක එකම ගෙදර ඉන්නවාට වඩාවහලේ මුල්ලට වෙලා ජීවත් වෙන එක හොඳයි.+ 25  දුර පළාතකින් ලැබෙන හොඳ ආරංචියක්වෙහෙසට පත් වුණ කෙනෙක්ට* දෙන සිසිල් පැන් පොදක් වගේ.+ 26  දුෂ්ටයාගේ බලපෑමට යටත් වෙන* ධර්මිෂ්ඨ කෙනෙක් හරියටමඩ වතුර උනන උල්පතක් වගේ. ජරා වතුර තියෙන ළිඳක් වගේ. 27  ඕනෑවට වඩා මීපැණි කන එක හොඳ නැහැ.+තමන්ටම ගෞරවය ගන්න හදන එකත් ඒ වගේ.+ 28  කේන්තිය* පාලනය කරගන්න බැරි කෙනෙක්+ හරියටපවුර කඩලා බිඳලා දාපු නුවරක් වගේ.

පාදසටහන්

හෝ, “පිටපත් කරලා පිළිවෙළකට සකස් කළා.”
හෝ, “අනිත් අයගේ රහස්.”
හෝ, “හොඳ නම නැති කරන අදහසින් කියපු කතාව.”
හෝ, “මෘදු.”
හෝ සමහරවිට, “ද්‍රෝහිකම් කරන.”
මූ.අ., “ඔයාට වෛර කරන කෙනා.”
ඒ කියන්නේ ඒ කෙනාගේ දැඩි හිත මොළොක් කරනවා කියන එක.
හෝ, “නිතරම ඇනඇන දේවල් කියන.”
හෙබ්‍රෙව් භාෂාවෙන් නෙෆෙෂ්. “පැහැදිලි කිරීමක්” බලන්න.
හෝ, “දුෂ්ටයා නිසා ප්‍රතිපත්ති පාවලා දෙන.”
හෝ, “තමන්වම.”