හිතෝපදේශ 26:1-28

  • කම්මැළියන් ගැන විස්තරයක් (13-16)

  • අනිත් අයගේ රණ්ඩුවලට පැටලෙන්න එපා (17)

  • අනවශ්‍ය විහිළු කරන්න එපා (18, 19)

  • දර නැත්නම් ගින්දරත් නැහැ (20, 21)

  • බොරු කියලා අපහාස කරන කෙනාගේ වචන රස කෑමක් වගේ (22)

26  ගිම්හානයේදී හිම වැටෙන එකත් අස්වැන්න නෙළන කාලයේදී වහින එකත් සුදුසු නැහැ.මෝඩයෙක්ව ගෞරවයට පත් කරන එකත් ඒ වගේ.+   කුරුල්ලෙක් ඉගිල්ලිලා යන්නෙත් වැහිළිහිණියෙක් පියඹලා යන්නෙත් හේතුවක් ඇතුවයි.ඒ වගේ, හේතුවක් නැතුව කෙනෙක් පිටට ශාපයක් එන්නෙත් නැහැ.*   අශ්වයන්ට කසයකුත් බූරුවන්ට නාස් ලණුවකුත් තියෙනවා.+වේවැල තියෙන්නේ මෝඩයන්ව හික්මවන්නයි.+   මෝඩයෙක්ට උත්තර දෙද්දී එයා කතා කරන විදිහටම කතා කරන්න එපා.එහෙම කළොත් ඔයාත් එයාගේ තත්වයටම වැටෙයි.   මෝඩයෙක්ට එයාගේ මෝඩකම ඉස්මතු වෙන විදිහට උත්තර දෙන්න.නැත්නම් එයා හිතයි එයා ප්‍රඥාවන්තයෙක් කියලා.+   මෝඩයෙක්ට දෙයක් විශ්වාසයෙන් භාර දෙන කෙනා හරියටඇවිදගන්න බැරි වෙන තරමට කකුල් තුවාල කරගන්න කෙනෙක් වගේ.   මෝඩයෙක්ගේ කටින් පිට වෙන හිතෝපදේශයක්+ හරියටකොර කෙනෙක්ගේ කකුල් වගේ.*   මෝඩයෙක්ට ගෞරවය දෙන එක+ හරියටගල්පටියකට ගලක් බඳිනවා වගේ.   මෝඩයෙක් කියන හිතෝපදේශයක්බේබද්දෙක් අතේ තියෙන කටු අත්තක් වගේ. 10  මඟ යන එන කෙනෙක්ව නැත්නම් මෝඩයෙක්ව වැඩට ගන්න කෙනෙක්ඔහේ හැම අතටම ඊතල විදලා තුවාල කරන දුනුවායෙක් වගේ. 11  මෝඩයෙක් එකම මෝඩකම ආයේ ආයේ කරන එකබල්ලෙක් උගේ වමනය ලෙව කනවා වගේ.+ 12  තමන් ප්‍රඥාවන්තයෙක් කියලා හිතන කෙනෙක්ව ඔයා දන්නවාද?+ මෝඩයෙක් ගැන ඊට වඩා බලාපොරොත්තු තියාගන්න පුළුවන්. 13  “පාරේ සිංහ පැටියෙක් ඉන්නවා.ප්‍රධාන හන්දියේ සිංහයෙක් ඉන්නවා” කියලා කම්මැළියා කියයි.+ 14  දොරක් නිතරම ඇරෙනවා වැහෙනවා වගේකම්මැළියාත් ඇඳේ ඒ මේ අත පෙරළෙයි.+ 15  කම්මැළියා කෑම බඳුනට අත දැම්මත්ඒක කටට දාගන්න එකත් එයාට මහන්සියක්.+ 16  කම්මැළියා හිතන්නේ නැණවත්ව උත්තර දෙනහත්දෙනෙක්ට වඩා එයා ප්‍රඥාවන්තයි කියලා. 17  පාරේ යද්දී අනුන්ගේ රණ්ඩුවක් දැකලා කේන්ති ගන්න* කෙනා+බල්ලෙක්ගේ කන් දෙක අල්ලගන්න කෙනෙක් වගේ. 18  පිස්සෙක් ගිනිමය ඊතල විදලා, මාරාන්තික කිනිසි වීසි කරයි. 19  තමන්ගේ යාළුවාව රවට්ටලා “මං ඒක කළේ විහිළුවට” කියලා කියන කෙනාත් ඒ වගේ.+ 20  දර නැති වුණාම ගින්න නිවිලා යනවා.බොරු කියලා අනුන්ට අපහාස කරන කෙනෙක් නැති වුණාම වාදවිවාදත් නතර වෙනවා.+ 21  දර නිසාත් අඟුරු නිසාත් ගින්නක් ඇවිළෙයි.ඒ වගේ, රණ්ඩුවට බර කෙනා නිසා ආරවුල් ඇති වෙයි.+ 22  බොරු කියලා අපහාස කරන කෙනාගේ වචන කෑදරකමින් ගිලලා දාන රස කෑමක් වගේ.ඒක ගිල්ලාට පස්සේ ඇඟට හොඳින් උරාගනියි.+ 23  දුෂ්ට හිතක් තියෙන කෙනෙක් ආදරෙන් කියන වචන+මැටි කැබැල්ලක ආලේප කරපු රිදී වගේ. 24  අනිත් අයට වෛර කරන කෙනෙක් එයාගේ කතාවෙන් වෛරය හංගනවා.එයාට ඇත්තටම හැඟෙන විදිහ එයා හෙළි කරන්නේ නැහැ. 25  මිහිරි වචන කිව්වත් එයාව විශ්වාස කරන්න එපා.මොකද එයාගේ හිතේ පිළිකුල්සහගත සිතුවිලි හතක් තියෙනවා.* 26  එයා කපටිකමින් හිතේ තියෙන වෛරය හංගගෙන හිටියත්එයාගේ දුෂ්ටකම හැමෝම* ඉස්සරහා හෙළි කරයි. 27  අනුන්ට වළක් කපන කෙනා ඒ වළටම වැටෙයි.කෙනෙක් ගලක් පෙරළුවොත් ඒ ගල ආයෙත් ඇවිත් එයාවම යට කරගෙන යයි.+ 28  කෙනෙක් බොරු කියලා අනුන්ව රිද්දන්නේ එයාලා ගැන තියෙන වෛරය නිසයි.චාටු කතා කියන කෙනෙක් නිසා වෙන්නේ ලොකු හානියක්.+

පාදසටහන්

හෝ සමහරවිට, “හොඳ හේතුවක් නැතුව කරන ශාපයක් ඉටු වෙන්නේ නැහැ.”
හෝ, “පණ නැති කකුල් වගේ.”
හෝ සමහරවිට, “රණ්ඩුවකට පැටලෙන.”
හෝ, “එයාගේ හිත පිරිලා තියෙන්නේ පිළිකුල් දේවලින්.”
මූ.අ., “සභාව.”