හිතෝපදේශ 27:1-27

  • යාළුවෙක් දෙන අවවාද හුඟක් වටිනවා (5, 6)

  • මගේ පුතේ, මගේ හිත සතුටු කරන්න (11)

  • යකඩින් යකඩ මුවහත් වෙයි (17)

  • ඔයාගේ රැළේ තත්වය දැනගෙන ඉන්න (23)

  • වස්තුව හැමදාටම තියෙන්නේ නැහැ (24)

27  හෙට දවසේ කරන්න යන දේවල් ගැන මහ ලොකුවට කතා කරන්න එපා.මොකද දවසක් ඇතුළත මොනවා වෙයිද කියලා ඔයා දන්නේ නැහැ.+   ඔයාටම ප්‍රශංසා කරගන්න එපා.+ඔයාවම වර්ණනා කරගන්නවාට වඩා වෙන කෙනෙක්* ඔයාව වර්ණනා කරන එක හොඳයි.   විශාල ගලක් බරයි. වැලි මල්ලකුත් බරයි.ඒත් මෝඩයෙක් නිසා ඇති වෙන කරදර ඊටත් වඩා බරයි.+   කේන්තිය දරුණුයි. අධික කෝපය ජලගැල්මක් වගේ.ඒත් ඊර්ෂ්‍යාව දරාගන්න පුළුවන් කාටද?+   සැඟවුණු ආදරේකට වඩා අවංක හිතකින් දෙන අවවාදයක් හොඳයි.+   විශ්වාසවන්ත යාළුවෙක් ඇති කරන තුවාල+ඔයාට වෛර කරන කෙනෙක් ඔයාව සිය වරක්* සිපගන්නවාට වඩා හොඳයි.*   හොඳට බඩ පිරිලා ඉන්න කෙනෙක් මීවදයකින් වෑස්සෙන පැණිත් එපා කියයි.*ඒත් බඩගින්නේ ඉන්න කෙනාට තිත්ත දේත් මිහිරියි.   ගෙදර අත්හැරලා* යන මිනිසෙක්කැදැල්ල අත්හැරලා යන කුරුල්ලෙක් වගේ.   තෙල්වලිනුත් සුවඳ දුම්වලිනුත් හිතට සතුටක් දැනෙනවා.ආදරයෙන් උපදෙස් දෙන කෙනෙක් එක්ක ඇති කරගන්න යාළුකමත් ඒ වගේ මිහිරියි.+ 10  ඔයාගේ යාළුවාවත් ඔයාගේ තාත්තාගේ යාළුවාවත් අත්හරින්න එපා.විපතකදී ඔයාගේ සහෝදරයාගේ ගෙදරට යන්න එපා.ඈතින් ඉන්න සහෝදරයෙක්ට වඩා ළඟින් ඉන්න අසල්වැසියෙක් හොඳයි.+ 11  මගේ පුතේ, ප්‍රඥාවන්තව වැඩ කරලා මගේ හිත සතුටු කරන්න.+එතකොට මට පුළුවන් මට නින්දා කරන කෙනාට උත්තර දෙන්න.+ 12  බුද්ධිමත් කෙනා අවදානම දුර තියාම දැකලා ඒකෙන් අයින් වෙනවා.+ඒත් අද්දැකීම් අඩු අය ඒ දිහාවටම ගිහිල්ලා ප්‍රතිඵල* විඳිනවා. 13  මිනිසෙක් නාඳුනන කෙනෙක්ගේ ණයකට ඇප වෙලා ඉන්නවා නම් ඒ මිනිසාගේ ඇඳුම අරගන්න.එයා ඇප වුණේ විදේශික ස්ත්‍රියක්* වෙනුවෙන් නම් එයාගෙන් ඇපයක් ගන්න.+ 14  කෙනෙක් උදේ පාන්දරින්ම නැඟිටලා මහ හයියෙන් එයාගේඅසල්වැසියාට ආශීර්වාද කරනවා නම් එයා ඒක සලකන්නේ ශාපයක් විදිහටයි. 15  රණ්ඩුවට බර* බිරිඳක්, වහිද්දී දිගටම වතුර වැටෙන කැඩිච්ච වහලක් වගේ.+ 16  එයාව නවත්තන්න හදන එක හුළඟ නවත්තන්න හදනවා වගේ.දකුණු අතේ තෙල් පුරවගන්න හදනවා වගේ. 17  යකඩින් යකඩ මුවහත් වෙයි.ඒ වගේ, කෙනෙක්ට පුළුවන් එයාගේ යාළුවාට දියුණු වෙන්න උදව් කරන්න.*+ 18  අත්තික්කා ගහ රැකබලා ගන්න කෙනාට ඒකේ ගෙඩි කන්න ලැබෙනවා.+තමන්ගේ ස්වාමියාව රැකබලා ගන්න කෙනාට ගෞරවය ලැබෙනවා.+ 19  කෙනෙක්ට පුළුවන් වතුරෙන් එයාගේ මූණ බලාගන්න.ඒ වගේ, එක් කෙනෙක්ගේ හිතේ තියෙන දෙයින් තව කෙනෙක්ගේ හිතේ තියෙන දේ දැනගන්න පුළුවන්. 20  මිනී වළ සහ හැම දේම දිරාපත් වෙන තැන* කවදාවත් සෑහීමට පත් වෙන්නේ නැහැ.+මිනිසෙක්ගේ ඇස් දෙකත් ඒ වගේ. 21  රිදී පිරිසිදු කරන්න භාජනයකුත් රන් පිරිසිදු කරන්න උදුනකුත් තියෙනවා.+ඒ වගේ අනිත් අයගෙන් ලැබෙන ප්‍රශංසාව නිසා කෙනෙක්ගේ හිතේ තියෙන දේ හෙළි වෙනවා.* 22  මෝඩයෙක්ව වංගෙඩියක දාලා, ධාන්‍ය කොටනවා වගේ කෙටුවත්එයාගේ මෝඩකම අයින් කරන්න බැහැ. 23  ඔයාගේ රැළේ තත්වය මොන වගේද කියලා ඔයා දැනගෙන ඉන්න ඕනේ. ඔයාගේ බැටළුවන්ව හොඳින් රැකබලා ගන්න.*+ 24  මොකද වස්තුව හැමදාටම තියෙන්නේ නැහැ.+ඔටුන්නක් හැම පරම්පරාවකටම හිමි වෙන්නෙත් නැහැ. 25  තණකොළ මැලවිලා ගියත් අලුත් තණකොළ හටගන්නවා.කඳුවල තියෙන තණකොළ කපාගන්නවා. 26  බැටළු පැටවුන්ගේ ලොම්වලින් ඔයාට ඇඳුම් හදාගන්න පුළුවන්.එළුවන්ව විකුණලා තණබිමක් ගන්න පුළුවන්. 27  ඔයාටත් ඔයාගේ ගෙදර අයටත් ඔයාගේ සේවිකාවන්ටත් ඇති තරම් එළු කිරි තියෙයි.ඔයාලා හැමෝම ඒකෙන් පෝෂණය වෙයි.

පාදසටහන්

මූ.අ., “අඳුරන්නේ නැති කෙනෙක්.”
හෝ සමහරවිට, “බොරුවට; අකමැත්තෙන්.”
හෝ, “ඔයාට වෛර කරන කෙනෙක් නිතරම ඔයාව සිපගන්නවාට වඩා විශ්වාසවන්ත යාළුවෙක් දෙන අවවාද නිසා හිත රිදෙන එක හොඳයි.”
මූ.අ., “පාගලා දායි.”
මූ.අ., “කැදැල්ලෙන් පලා.”
හෝ, “දඬුවම්.”
හෝ, “විදේශිකයෙක්.”
හෝ, “නිතරම ඇනඇන දේවල් කියන.”
මූ.අ., “මිනිසෙක් එයාගේ යාළුවාගේ මුහුණ මුවහත් කරයි.”
හෝ, “අබද්දොන්.” “පැහැදිලි කිරීමක්” බලන්න.
හෝ, “සෝදිසියට ලක් වෙනවා.”
හෝ, “බැටළුවන් ගැන හොඳ අවධානයකින් ඉන්න.”