හිතෝපදේශ 28:1-28

  • නීතිය ගණන් ගන්නේ නැති කෙනාගේ යාච්ඤා පිළිකුලක් (9)

  • වැරදි හෙළි කරන කෙනාට දයාව පෙන්වයි (13)

  • ඉක්මනින් පොහොසත් වෙන්න හදන කෙනාට නිර්දෝෂව ඉන්න බැහැ (20)

  • චාටු කතාවලට වඩා අවවාද හොඳයි (23)

  • ත්‍යාගශීලී කෙනාට කිසිම දේකින් අඩුවක් නැහැ (27)

28  තමන්ගේ පස්සෙන් කවුරුත් පන්නගෙන ආවේ නැතත් දුෂ්ටයා බයෙන් දුවයි.ඒත් ධර්මිෂ්ඨයා සිංහයෙක්* වගේ එඩිතරයි.+   රටක නීති විරෝධී දේවල් වෙද්දී* පාලකයන්ව නිතර නිතර වෙනස් කරන්න වෙයි.+ඒත් හොඳ අවබෝධයක් තියෙන බුද්ධිමත් කෙනෙක්ගේ උදව්වෙන් පාලකයෙක් හුඟක් කල් පාලනය කරයි.+   අසරණයන්ට වංචා කරන දුප්පතෙක්+ හරියටමුළු දේශයේම තියෙන පලදාව නැති නාස්ති කරන තද වැස්සක් වගේ.   නීතිය කඩ කරන අය දුෂ්ටයන්ට ප්‍රශංසා කරනවා.ඒත් නීතිය රකින අයට එයාලා ගැන දැනෙන්නේ ලොකු කේන්තියක්.+   යුක්තිය කියන්නේ මොකක්ද කියලා නපුරු මිනිස්සුන්ට තේරුම්ගන්න බැහැ.ඒත් යෙහෝවාව හොයන අයට හැම දේම වටහාගන්න පුළුවන්.+   වංචනික ජීවිතයක් ගත කරන පොහොසතෙක්ට වඩාදෙවියන්ට විශ්වාසවන්තව ඉන්න දුප්පතෙක් හොඳයි.+   අවබෝධයෙන් වැඩ කරන පුතෙක් නීතිය පිළිපදියි.ඒත් කෑදර අය එක්ක ඇසුරු කරන පුතෙක් එයාගේ තාත්තාට ලැජ්ජාවක්.+   පොලී අය කරන,+ අසාධාරණ විදිහට ලාභ ලබන කෙනෙක් පොහොසතෙක් වෙනවා.ඒත් එයා රැස් කරගත්ත දේ අයිති වෙන්නේ දුප්පතුන්ට කරුණාව පෙන්වන අයටයි.+   නීතියට ඇහුම්කන් දෙන්නේ නැති කෙනාගේ යාච්ඤාවත් දෙවියන්ට පිළිකුලක්.+ 10  ප්‍රතිපත්තිගරුක අයව නොමඟ යවන කෙනා එයා කපපු වළටම වැටෙයි.+ඒත් නිර්දෝෂ අයට හොඳ දේවල් උරුම වෙයි.+ 11  පොහොසත් කෙනා හිතන්නේ එයා ප්‍රඥාවන්තයෙක් කියලයි.+ඒත් එයාගේ සැබෑ තත්වය තේරුම්ගන්න වටහාගැනීමේ හැකියාව තියෙන දුප්පතෙක්ට පුළුවන්.+ 12  ධර්මිෂ්ඨයන් ජය ගද්දී මිනිස්සු සතුටු වෙයි.ඒත් දුෂ්ටයන් බලයට එද්දී මිනිස්සු හැංගෙයි.+ 13  තමන්ගේ වැරදි හංගන කෙනා සාර්ථක වෙන්නේ නැහැ.+ඒත් තමන්ගේ වැරදි හෙළි කරලා ඒවාවලින් ඈත් වෙන කෙනාට දයාව පෙන්වයි.+ 14  තමන් කරන කියන දේවල් ගැන නිතරම හොඳ අවධානයෙන් ඉන්න කෙනා* සන්තෝෂවත්.ඒත් හිත දැඩි කරගන්න කෙනා ලොකු අනතුරකට වැටෙයි.+ 15  අසරණයන්ව පාගලා දාන දුෂ්ට පාලකයෙක්+ හරියටගොරවන සිංහයෙක් වගේ. ඇඟට කඩන් පනින වලහෙක් වගේ. 16  වටහාගැනීමේ හැකියාව නැති නායකයෙක් බලය අයුතු විදිහට පාවිච්චි කරනවා.+ඒත් වංචාවෙන් ලාභ උපයන එක පිළිකුල් කරන කෙනා හුඟක් කල් ජීවත් වෙනවා.+ 17  මිනිසෙක්ගේ මරණයට වග කියන්න ඕනෙ කෙනාට* මිනී වළට යන කල්ම පලා යන්න වෙයි.+ ඒ වගේ කෙනෙක්ට උදව් කරන්න එපා. 18  නිර්දෝෂ ජීවිතයක් ගත කරන කෙනාව බේරගනියි.+ඒත් වංචාවෙන් ජීවත් වෙන කෙනා ක්ෂණිකව වැටෙයි.+ 19  තමන්ගේ කෙත්වතුවල වගා කරන කෙනාට කෑමෙන් කිසිම හිඟයක් නැහැ.ඒත් නිෂ්ඵල දේවල් පස්සේ යන කෙනා දුප්පතෙක් වෙයි.+ 20  විශ්වාසවන්ත කෙනාට හුඟක් ආශීර්වාද ලැබෙයි.+ඒත් ඉක්මනින් පොහොසත් වෙන්න හදන කෙනාට වැඩි කල් නිර්දෝෂව ඉන්න බැරි වෙයි.+ 21  පැති ගන්න එක වරදක්.+ඒත් රොටි කෑල්ලක් වෙනුවෙන් මිනිසෙක් වරදක් කරන්න ඉඩ තියෙනවා. 22  ඊර්ෂ්‍යා කරන* කෙනා වස්තුව ලබාගන්න වෙහෙසෙනවා.ඒත් එයා දන්නේ නැහැ අන්තිමේදී එයා දුප්පතෙක් වෙනවා කියලා. 23  චාටු කතා කියන කෙනාට වඩා අවවාදයක් දෙන කෙනාට+පස්සේ දවසක ගෞරවය ලැබෙයි.+ 24  අම්මා තාත්තාගෙන් හොරකම් කරලා“ඒක වරදක් නෙමෙයි”+ කියලා කියන කෙනා දේවල් නැති නාස්ති කරන කෙනාගේ හවුල්කරුවෙක්.+ 25  කෑදර* කෙනෙක් මතභේද ඇති කරයි.ඒත් යෙහෝවා මත රැඳිලා ඉන්න කෙනා සාර්ථක වෙයි.+ 26  තමන්ගෙම හිත ගැන විශ්වාසය තියන කෙනා මෝඩයෙක්.+ඒත් ප්‍රඥාවන්තව වැඩ කරන කෙනා අනතුරෙන් ගැලවෙයි.+ 27  දුප්පතාට දෙන කෙනාට කිසි දේකින් හිඟයක් වෙන්නේ නැහැ.+ඒත් දුප්පතාව දැකලා අහක බලාගන්න කෙනාට හුඟක් වේදනා විඳින්න වෙයි. 28  දුෂ්ටයන් බලයට එද්දී මිනිස්සු හැංගෙයි.ඒත් එයාලා නැති වෙලා යද්දී ධර්මිෂ්ඨයන් වැඩි වෙයි.+

පාදසටහන්

හෝ, “තරුණ සිංහයෙක්.”
හෝ, “රටක සෙනඟ කැරලිගහද්දී.”
හෝ, “දෙවියන් ගැන නිතරම ගරුබියක් ඇතුව ඉන්න කෙනා.”
මූ.අ., “වරදකාරී හැඟීමක් තියෙන කෙනෙක්ට.”
හෝ, “කෑදර.”
හෝ සමහරවිට, “අහංකාර.”