හිතෝපදේශ 29:1-27

  • හිතුමතේට වැඩ කරන්න ඉඩහරින දරුවෙක් දෙමාපියන්ට ලැජ්ජාවක් (15)

  • දෙවියන්ගෙන් මඟ පෙන්වීම් නැති වෙද්දී මිනිසුන් පාලනයක් නැතුව හැසිරෙයි (18)

  • කේන්ති ගන්න කෙනා රණ්ඩු දබර ඇති කරයි (22)

  • නිහතමානී කෙනා ගෞරවයට පත් වෙයි (23)

  • මිනිසුන්ට බය වෙන එක උගුලක් (25)

29  කීප වතාවක්ම ලැබුණ අවවාද මුරණ්ඩු විදිහට ප්‍රතික්ෂේප කරන කෙනාට+හදිස්සියේම අනතුරකට මුහුණ දෙන්න වෙනවා.එයාට කොහොමටවත් බේරෙන්න ලැබෙන්නේ නැහැ.+   ධර්මිෂ්ඨයන්ගේ ගාණ වැඩි වුණාම මිනිස්සු සතුටු වෙයි.ඒත් පාලනය දුෂ්ටයෙක්ගේ අතට පත් වුණාම ජනයා සුසුම්ලයි.+   ප්‍රඥාවට ප්‍රිය කරන කෙනා එයාගේ තාත්තාව සතුටු කරයි.+ඒත් ගණිකාවන් එක්ක ඇසුරු කරන කෙනා එයාගේ වස්තුව නාස්ති කරලා දායි.+   රජෙක් යුක්තිය ඉටු කරද්දී රටේ සාමකාමී වාතාවරණයක් තියෙයි.+ඒත් අල්ලස, දූෂණය නිසා රටක් පරිහානියට ලක් වෙයි.   අසල්වැසියාව බොරුවට ප්‍රශංසා කරන කෙනාඑයා ඉස්සරහා දැලක් එළනවා.+   දුෂ්ටයා කරන වැරදි එයාටම උගුලක් වෙයි.+ඒත් ධර්මිෂ්ඨයා සතුටින් ගී ගයයි.+   ධර්මිෂ්ඨයා දුප්පතාගේ අයිතිවාසිකම් ගැන සැලකිලිමත්.+ඒත් දුෂ්ටයාට ඒ ගැන කිසි ගාණක් නැහැ.+   පුරසාරම් දොඩන අය මුළු නගරේම ගිනි තියයි.*+ඒත් ඥානවන්ත අය කේන්තිය නිවලා දායි.+   ඥානවන්තයෙක් මෝඩයෙක් එක්ක වාදයකට පැටලුණොත්එයාට නින්දා අපහාස, බැණුම් අහන්න වෙනවා මිසක් සැනසිල්ලක් නම් ලැබෙන්නේ නැහැ.+ 10  ලේ පිපාසිත අය නිර්දෝෂ අයට වෛර කරයි.+එයාලා ප්‍රතිපත්තිගරුක අයගේ ජීවිත නැති කරන්න උත්සාහ කරයි.* 11  මෝඩයා තමන්ගේ කේන්තිය සම්පූර්ණයෙන්ම පිට කරනවා.+ඒත් ඥානවන්තයා දිගටම සන්සුන්ව ඉන්නවා.+ 12  බොරු කතාවලට සවන් දෙන පාලකයෙක්ගේ හැම සේවකයෙක්ම දුෂ්ටයි.+ 13  දුප්පතා සහ පීඩා කරන කෙනා අතරේ සමානකමක් තියෙනවා. ඒ දෙන්නාටම ජීවිතය දුන්නේ* යෙහෝවා දෙවියන්. 14  රජෙක් දුප්පතුන්ව සාධාරණව විනිශ්චය කරද්දී+එයාගේ සිංහාසනය හැමදාටම ස්ථිර වෙයි.+ 15  වේවැලෙනුත්* අවවාදවලිනුත් ප්‍රඥාව ලබා දෙන්න පුළුවන්.+ඒත් දරුවෙක්ට හිතුමතේට වැඩ කරන්න ඉඩහැරියොත් එයා අම්මාව ලැජ්ජාවට පත් කරයි. 16  දුෂ්ටයන් වැඩි වෙද්දී නීති විරෝධී දේවලුත් වැඩි වෙයි.ඒත් ධර්මිෂ්ඨයා දුෂ්ටයන්ගේ වැටීම ඇස් දෙකෙන්ම දකියි.+ 17  ඔයාගේ පුතාව හික්මවන්න.එතකොට එයා ඔයාට ලොකු සතුටක්, සැනසීමක් වෙයි.+ 18  දෙවියන්ගෙන් මඟ පෙන්වීම්* නොලැබුණාම මිනිස්සු කිසි පාලනයක් නැතුව හැසිරෙයි.+ඒත් නීතිය පිළිපදින අය ඉන්නේ සතුටින්.+ 19  වරදක් පෙන්වලා දුන්නත් සේවකයෙක් ඒක හදාගන්නේ නැහැ.කියන දේ තේරුම්ගත්තත් එයා ඒකට කීකරු වෙන්නේ නැහැ.+ 20  කතා කරන්න ඉක්මන් වෙන කෙනෙක්ව ඔයා දන්නවාද?+ මෝඩයෙක් ගැන ඊට වඩා බලාපොරොත්තු තියාගන්න පුළුවන්.+ 21  සේවකයෙක්ට පොඩි කාලේ ඉඳන්ම ඕනෑවට වඩා සලකන්න ගියොත්පස්සේ කාලෙකදී එයා කිසි අගයක් පෙන්වන්නේ නැති කෙනෙක් වෙයි. 22  නිතරම කේන්ති ගන්න කෙනෙක් රණ්ඩු දබර ඇති කරයි.+ඉක්මනින් කේන්ති ගන්න කෙනාගේ අතින් හුඟක් වැරදි වෙයි.+ 23  කෙනෙක්ගේ උඩඟුකම එයාව පහතට ඇදලා දායි.+ඒත් නිහතමානී කෙනා ගෞරවයට පත් වෙයි.+ 24  හොරෙක් එක්ක හවුලේ වැඩ කරන කෙනෙක් තමන්ටම හානියක් කරගන්නවා. වරදක් ගැන සාක්ෂි දෙන්න කියන ප්‍රසිද්ධ නිවේදනය* ඇහුණත් එයා සාක්ෂි දෙන්නේ නැහැ.+ 25  මිනිස්සුන්ට බය වෙන එක උගුලක්.+ඒත් යෙහෝවාව විශ්වාස කරන කෙනාට ආරක්ෂාව ලැබෙයි.+ 26  හුඟක් අය උදව් ගන්න පාලකයන් ළඟට යන්න හදනවා.*ඒත් මිනිස්සුන්ට යුක්තිය ඉටු කරලා දෙන්නේ යෙහෝවායි.+ 27  ධර්මිෂ්ඨයා අසාධාරණ විදිහට වැඩ කරන කෙනාව හෙළා දකියි.+ඒත් දුෂ්ටයා හෙළා දකින්නේ යුක්තිගරුක කෙනාවයි.+

පාදසටහන්

හෝ, “උසිගන්වයි.”
හෝ සමහරවිට, “ඒත් ප්‍රතිපත්තිගරුක අය එයාලාගේ ජීවිත ආරක්ෂා කරන්න උත්සාහ කරයි.”
මූ.අ., “ඒ දෙන්නාගෙම ඇස්වලට එළිය ලබා දුන්නේ.”
හෝ, “නිවැරදි කරන එකෙනුත්; දඬුවම් දෙන එකෙනුත්.”
හෝ, “අනාගතවක්තෘවරයෙක්ට දර්ශනයක්; එළිදරව්වක්.”
හෝ, “ශාපයක් ඇතුළත් ප්‍රසිද්ධ නිවේදනයක්.”
හෝ, “හුඟක් අය පාලකයෙක් ඉස්සරහට යන්න උත්සාහ කරනවා.”