හිතෝපදේශ 30:1-33

  • ආගුර් කියපු පණිවිඩය (1-33)

    • මට දුප්පත් වෙන්නවත් පොහොසත් වෙන්නවත් දෙන්න එපා (8)

    • සෑහීමට පත් වෙන්නේ නැති දේවල් (15, 16)

    • තේරුම්ගන්න අමාරු දේවල් (18, 19)

    • අනාචාරයේ යෙදෙන ස්ත්‍රියක් (20)

    • සහජයෙන්ම ප්‍රඥාවන්ත සත්තු (24)

30  මේ යාකේගේ පුතා වුණ ආගුර් කියපු බැරෑරුම් පණිවිඩයක්.එයා ඒක කිව්වේ ඉතියෙල්ට සහ ඌකාල්ට.   මං අනිත් හැමෝටම වඩා දැනුමෙන් අඩු කෙනෙක්.+මිනිසෙක්ට සාමාන්‍යයෙන් තියෙන්න ඕනෙ අවබෝධයවත් මට නැහැ.   මං ප්‍රඥාව අත් කරගෙන නැහැ.අතිශුද්ධ තැනැත්තා දෙන දැනුම මං ලබාගෙනත් නැහැ.   ස්වර්ගයට ගිහින් ආයෙත් පොළොවට ආවේ කවුද?+ තමන්ගේ අත් දෙකෙන් සුළඟ අල්ලගත්තේ කවුද? තමන්ගේ සළුවෙන් ජල ධාරා රැස් කරගත්තේ කවුද?+ පොළොවේ සීමා නියම කළේ කවුද?+ ඒ වගේ කෙනෙක්ව ඔයා දන්නවාද?දන්නවා නම් ඔහුගේ නම මට කියන්න.ඔහුගේ පුතාගේ නමත් මට කියන්න.   දෙවියන්ගේ හැම වචනයක්ම පවිත්‍රයි.+ ඔහුගේ රැකවරණය පතන අයට ඔහු පලිහක්.+   ඔහුගේ වචනවලට කිසි දෙයක් එකතු කරන්න එපා.+එහෙම කළොත් දෙවියන් ඔයාට තරවටු කරයි.ඔයා බොරුකාරයෙක් කියලත් ඔප්පු වෙයි.   දෙවියනි, මම ඔබෙන් දේවල් දෙකක් ඉල්ලනවා. මං ජීවත් වෙන තාක් කල් ඒ දේවල් දෙක හැරෙන්න වෙන කිසි දෙයක් ඉල්ලන්නේ නැහැ.   බොරුවත් වංචාවත් මගෙන් අයින් කරන්න.+ මට දුප්පත් වෙන්නවත් පොහොසත් වෙන්නවත් දෙන්න එපා. එදිනෙදා ඕනෙ කරන කෑම ටික විතරක් මට දෙන්න.+   නැත්නම් මං ඕනෑවට වඩා සෑහීමට පත් වෙලා,“යෙහෝවා කියන්නේ කවුද?+ මං ඔහුව අඳුරන්නේ නැහැ” කියලා කියයි. මට දුප්පතෙක් වෙන්න දෙන්නත් එපා.එහෙම වුණොත් මං හොරකමට පුරුදු වෙලා ඔබගේ නමට නින්දා කරයි. 10  සේවකයෙක් ගැන එයාගේ ස්වාමියාට බොරු කියලා එයාගේ හොඳ නම නැති කරන්න එපා.එහෙම කළොත් එයා ඔයාට ශාප කරයි. ඔයා වරදකරුවෙක් කියලත් ඔප්පු වෙයි.+ 11  තමන්ගේ තාත්තාට ශාප කරන,අම්මාට කිසි ගෞරවයක් දක්වන්නේ නැති පරම්පරාවක් ඉන්නවා.+ 12  තමන් පවිත්‍රයි කියලා හිතන පරම්පරාවක් ඉන්නවා.+ඒත් එයාලා එයාලාගේ ජරා ගති අයින් කරගෙන නැහැ.* 13  හරිම අහංකාර විදිහට වැඩ කරන පරම්පරාවක් ඉන්නවා.එයාලා අනිත් අයව දකින්නේ පහත් අය විදිහට.+ 14  කඩු වගේ තියුණු දත් තියෙන,මන්න පිහි වගේ ශක්තිමත් හකු තියෙන පරම්පරාවක් ඉන්නවා.එයාලා අසරණ අයව කාලා දානවා.දුප්පත් අයව ගිලලා දානවා.+ 15  කූඩැල්ලාට දුවලා දෙන්නෙක් ඉන්නවා.“දෙන්න! දෙන්න” කියකිය එයාලා නිතරම කෑගහනවා. කවදාවත් සෑහීමට පත් වෙන්නේ නැති දේවල් තුනක් තියෙනවා.“මට ඇති” කියලා කියන්නේ නැති දේවල් හතරක් තියෙනවා. 16  ඒ, මිනී වළ,+ දරුපල නැති ගැබ,නියඟයෙන් වියළී ගිය දේශය සහකවදාවත් “මට ඇති” කියලා කියන්නේ නැති ගින්න. 17  තාත්තාව හෑල්ලු කරන,අම්මාගේ උපදෙස් ගණන් ගන්නේ නැති කෙනෙක් ඉන්නවා.+නිම්නයේ ඉන්න කපුටෝ ඇවිත් එයාගේ ඇස් උගුල්ලලා දායි.රාජාලි පැටව් ඒවා කාලා දායි.+ 18  මට තේරුම්ගන්න බැරි දේවල් තුනක් තියෙනවා.මට වටහාගන්න බැරි දේවල් හතරක් තියෙනවා. 19  ඒ, රාජාලියෙක් අහසේ පියාඹන විදිහ,සර්පයෙක් පර්වතයක් මත ඇදී යන විදිහ,නැවක් ගැඹුරු මුහුදේ යාත්‍රා කරන විදිහ,ඒ වගේම තරුණියක් වෙතට පුරුෂයෙක්ගේ හිත ඇදී යන විදිහ. 20  අනාචාරයේ* යෙදෙන ස්ත්‍රියක් හැසිරෙන්නේ මෙහෙමයි. එයා කෑම කාලා කට පිහදාලා“මං කිසි වරදක් කළේ නැහැ”+ කියලා කියනවා. 21  පොළොවේ වැසියන්ව කලඹවන දේවල් තුනක් තියෙනවා.එයාලට දරාගන්න බැරි දේවල් හතරක් තියෙනවා. 22  ඒ, දාසයෙක් රජකමට පත් වෙන එක,+මෝඩයෙක් උගුරට එන කල් කන එක, 23  වෛර කරපු* ස්ත්‍රියක්ව විවාහ කරගන්න එක,දාසියක් එයාගේ ස්වාමිදුවට හිමි තැන පැහැරගන්න එක.+ 24  පොළොවේ පොඩිම සතුන් අතරේ සතුන් හතරදෙනෙක් ඉන්නවා.උන් පොඩි වුණත් සහජයෙන්ම ප්‍රඥාවන්තයි.*+ 25  කූඹින්ට ලොකු සවිශක්තියක් නැහැ.ඒත් උන් ගිම්හාන කාලේදී කෑම සූදානම් කරගන්නවා.+ 26  බෙන්හාවුන්ටත්+ ලොකු ශක්තියක් නැහැ.ඒත් උන් ගෙවල් හදන්නේ පර්වතවල.+ 27  පළඟැටියන්ට+ රජෙක් නැහැ.ඒත් උන් හැමෝම හමුදාවක් වගේ* පිළිවෙළකට ගමන් කරනවා.+ 28  හූණාට+ පුළුවන් උගේ කකුල්වලින් එල්ලිලා ඉන්න.ඌ රජමාලිගා ඇතුළටත් යනවා. 29  ආඩම්බර ලීලාවෙන් ගමන් කරන තුන්දෙනෙක් ඉන්නවා.සිත්ගන්නා විදිහට ඇවිදගෙන යන හතරදෙනෙක් ඉන්නවා. 30  එක් කෙනෙක් සිංහයා. ඌ වනසතුන් අතරින් බලවතා.ඌ කිසිම කෙනෙක්ට බයේ ආපහු හැරිලා යන්නේ නැහැ.+ 31  දඩබල්ලාගේ ගමනත් එළුවාගේ ගමනත්තමන්ගේ සේනාව ඉස්සරහා යන රජෙක්ගේ ගමනත් ඒ වගේ. 32  ඔයා මෝඩ විදිහට ඔයාවම උසස් කරගෙන තියෙනවා නම්,+නැත්නම් එහෙම කරන්න හිතන් ඉන්නවා නම්අතින් කට වහගෙන නිහඬව ඉන්න.+ 33  මොකද කිරි කලත්තද්දී බටර්* හැදෙනවා වගෙත්නහය මිරිකද්දී ලේ ගලනවා වගෙත්කෙනෙක්ව කේන්ති ගස්සද්දී ආරවුල් ඇති වෙයි.+

පාදසටහන්

මූ.අ., “ජරාව හෝදගෙන නැහැ.”
ඒ කියන්නේ බිරිඳට හරි සැමියාට හරි ද්‍රෝහි වෙන එක.
හෝ, “ආදරේ ලබපු නැති.”
හෝ, “හුඟක් ප්‍රඥාවන්තයි.”
හෝ, “කණ්ඩායම්වලට බෙදිලා.”
හෝ, “වෙඬරු.”