හිතෝපදේශ 31:1-31

  • ලෙමුවෙල් රජ ලියපු පණිවිඩයක් (1-31)

    • හොඳ බිරිඳක් හොයාගන්න පුළුවන් කාටද? (10)

    • කඩිසරයි, දක්ෂයි (17)

    • ආදරෙන් කතා කරයි (26)

    • දරුවනුත් සැමියාත් ප්‍රශංසා කරයි (28)

    • රූමත්කම හැමදාටම තියෙන්නේ නැහැ (30)

31  මේ, ලෙමුවෙල් රජ ලියපු පණිවිඩයක්. ඒක එයාගේ අම්මා එයාට අවවාද කරන්න දීපු බැරෑරුම් පණිවිඩයක්.+   මගේ පුතේ, දෙවියන්ට භාර වෙලා මං කන්නලව් කළේ ඔයා ගැනයි.මගේම කුසෙන් බිහි වුණ මගේ පුතේ,මං ඔයාට දෙන්න ඕනෙ මොන වගේ උපදෙස්ද?+   ඔයාගේ පුරුෂ ශක්තිය ස්ත්‍රීන්ට දෙන්න එපා.+රජවරුන්ගේ විනාශයට හේතු වෙන විදිහේ ජීවිතයක් ගත කරන්න එපා.+   ලෙමුවෙල් මගේ පුතේ, වයින් බොන එක රජ කෙනෙක්ට සුදුසු නැහැ.“කෝ මගේ මත්පැන් ටික” කියලා අහන එක නිලධාරියෙක්ට සුදුසු නැහැ.+   එහෙම කළොත් එයාලා වයින් බීලා නීතිය අමතක කරලා දායි.අසරණයන්ට යුක්තිය ඉටු නොකර ඉඳියි.   මරණාසන්නව ඉන්න අයට මත්පැන් දෙන්න.+කලකිරුණු අයට වයින් දෙන්න.+   එතකොට එයාලාගේ දුප්පත්කම එයාලට අමතක වෙයි.හිතේ තියෙන කරදරත් එයාලාගේ මතකයට එන්නේ නැහැ.   තමන් වෙනුවෙන් කතා කරන්න බැරි අය වෙනුවෙන් කතා කරන්න.මැරෙන්න යන අයගේ අයිතීන් වෙනුවෙන් නැඟී ඉන්න.+   ඔයාගේ කට ඇරලා සාධාරණ විනිශ්චයක් දෙන්න.අසරණ, දුප්පත් අයගේ අයිතීන් වෙනුවෙන් නැඟී ඉන්න.*+ א [ආලෙෆ්] 10  හොඳ* බිරිඳක් හොයාගන්න පුළුවන් කාටද?+ එයා කොරල්වලටත්* වඩා හුඟක් වටිනවා. ב [බේත්] 11  එයාගේ සැමියා මුළු හිතින්ම එයාව විශ්වාස කරනවා.එයාගේ සැමියාට කිසිම දේකින් අඩුවක් නැහැ. ג [ගීමෙල්] 12  මුළු ජීවිත කාලය පුරාමඑයා සැමියාට හොඳක් මිසක් නරකක් කරන්නේ නැහැ. ד [දාලෙත්] 13  එයා ලොම් සහ ලිනන් මිල දී ගන්නවා.එයාගේ අත් දෙකෙන් එයා වැඩ කරන්නේ හරිම සතුටින්.+ ה [හේ] 14  එයා හරියට වෙළඳ නැවක් වගේ.+දුර ඈත තැන්වලට ගිහින් කෑම මිල දී ගන්නවා. ו [වාව්] 15  එයා පාන්දරින්ම නැඟිටලාපවුලේ අයට කෑම ලෑස්ති කරනවා.එයාගේ සේවිකාවන්ටත් කොටසක් දෙනවා.+ ז [ෂායින්] 16  එයා ඉඩමක් ගැන හොඳට හොයලා බලලා ඒක මිල දී ගන්නවා.එයාගෙම මහන්සියෙන්* එයා මිදිවත්තක් වවනවා. ח [හෙත්] 17  මහන්සි වෙලා වැඩ කරන්න එයා හොඳින් ලෑස්ති වෙනවා.+එයාගේ දෑත් සවිමත් කරගන්නවා. ט [ටේත්] 18  එයාගේ වෙළඳාම්වලින් එයා ලාභ ලබනවා.රාත්‍රියේදීත් එයාගේ පහන නිවිලා යන්නේ නැහැ. י [යෝද්] 19  එයා නූල් ඔතන උපකරණය එක අතකිනුත්නූල් ගොතන උපකරණය අනිත් අතිනුත් අල්ලගන්නවා.+ כ [කෆ්] 20  එයා අසරණයාටත් දුප්පතුන්ටත් ලෝභ නැතුව දෙනවා.+ ל [ලාමෙද්] 21  හිම වැටෙන කාලයේදී ගෙදර ඉන්න අය ගැන එයා කරදර වෙන්නේ නැහැ.මොකද ඒ හැමෝටම උණුසුම්ව ඉන්න ඕනෙ කරන ඇඳුම්* තියෙනවා. מ [මෙම්] 22  ඇඳඇතිරිලි හදාගන්නෙත් එයාමයි. එයා ඇඳගෙන ඉන්නේ ලිනන් සහ දම් පාට ලොම්වලින් හදපු ඇඳුම්. נ [නුන්] 23  නුවර දොරටුව ළඟ+ ඉන්න අය එයාගේ සැමියාව හොඳට අඳුරනවා.එයාගේ සැමියා ඉඳගෙන ඉන්නේ එතන ඉන්න වැඩිමහල්ලන් එක්කයි. ס [සාමෙක්] 24  එයා ලිනන්වලින් ඇඳුම්* හදලා ඒවා විකුණනවා.ඉණපටි හදලා වෙළෙන්දන්ට දෙනවා. ע [ආයින්] 25  එයා ශක්තියෙනුත් ගෞරවයෙනුත් සැරසිලා ඉන්නවා.එයා අනාගතය දිහා බලන්නේ කිසි බයක් සැකක් නැතුවයි.* פ [පේ] 26  එයා කතා කරන්නේ ඥානවන්තව.+වචන හසුරුවන්නේ ආදරේ* කියන නීතිය පදනම් කරගෙන. צ [ට්සාධේ] 27  ගෙදර අයගේ ඕනෑ එපාකම් ගැන එයා හොයලා බලනවා.එයා පොඩ්ඩක්වත් කම්මැළි* නැහැ.+ ק [කෝෆ්] 28  එයාගේ දරුවෝ නැඟිටලා එයාට ප්‍රශංසා කරනවා.එයාගේ සැමියාත් නැඟිටලා එයාට ප්‍රශංසා කරනවා. ר [රේෂ්] 29  හොඳ* කාන්තාවන් හුඟදෙනෙක් ඉන්නවා.ඒත් ඔයා ඒ හැමෝටම වඩා හුඟක් වටිනවා. ש [ෂින්] 30  ප්‍රියමනාප පෙනුමට රැවටෙන්න පුළුවන්.රූමත්කම හැමදාම තියෙන්නේ නැහැ.*+ඒත් ප්‍රශංසාව ලබන්නේ යෙහෝවාට ගරුබිය දක්වන කාන්තාවයි.+ ת [ටාව්] 31  එයා කරන යහපත් දේවලට ලැබෙන්න ඕනෙ තෑග්ග දෙන්න.*+එයා කරන වැඩ වෙනුවෙන් නුවර දොරටුව ළඟ එයාට ප්‍රශංසාව ලැබේවා!+

පාදසටහන්

හෝ, “අය වෙනුවෙන් යුක්තිය ඉටු කරන්න.”
හෝ, “ගුණවත්.”
හෝ, “මහන්සි වෙලා හම්බ කරගත්ත සල්ලිවලින්.”
මූ.අ., “ඇඳුම් දෙක ගාණේ.”
හෝ, “යට ඇඳුම්.”
හෝ, “සිනාසෙමින්.”
හෝ, “කරුණාව; නොසැලෙන ආදරේ.”
මූ.අ., “අලසකමේ කෑම කන්නේ.”
හෝ, “ගුණවත්.”
හෝ, “නිෂ්ඵලයි.”
මූ.අ., “දෑතේ උත්සාහයෙන් හම්බ කරගත්ත දෙයින් කොටසක් දෙන්න.”