හිතෝපදේශ 6:1-35

  • ණයකට ඇප වෙන එක ගැන පරෙස්සම් වෙන්න (1-5)

  • “කම්මැළියෙනි, කූඹියා ළඟට යන්න” (6-11)

  • කිසි කමකට නැති, දුෂ්ට කෙනෙක් (12-15)

  • යෙහෝවා පිළිකුල් කරන දේවල් හතක් (16-19)

  • නරක ස්ත්‍රියගෙන් ආරක්ෂා වෙන්න (20-35)

6  මගේ පුතේ, ඔයාගේ අසල්වැසියා වෙනුවෙන් ඇපකරුවෙක් වෙන්න ඔයා ඉදිරිපත් වෙලා තියෙනවා නම්,+අඳුරන්නේ නැති කෙනෙක්ට අතට අත දීලා පොරොන්දුවක් වෙලා තියෙනවා නම්,+   ඔයා දුන්න පොරොන්දුව නිසා ඔයා කරදරේක වැටිලා නම්,ඔයා කියපු වචන දැන් ඔයාටම උගුලක් වෙලා නම්,+   මගේ පුතේ, ඔයාගේ අසල්වැසියාගේ අතට ඔයා අහු වෙලයි ඉන්නේ.ඒ නිසා එයාගෙන් නිදහස් වෙන්න මෙහෙම කරන්න. ඉක්මනින්ම එයා ළඟට ගිහින් ඒ පොරොන්දුවෙන් ඔයාව නිදහස් කරන්න කියලා බැගෑපත්ව ඉල්ලන්න.+   එයාගෙන් නිදහස් වෙන කල් නිදාගන්න එපා.ඇස් පියවෙන්න දෙන්නත් එපා.   දඩයක්කරුවෙක්ගෙන් බේරිලා යන මුවෙක්* වගෙත්කුරුලු දඩයක්කරුගෙන් බේරිලා යන කුරුල්ලෙක් වගෙත් එයාගෙන් ගැලවිලා යන්න.   කම්මැළියෙනි,+ කූඹියා ළඟට යන්න.ඌ වැඩ කරන විදිහ දිහා බලලා ඉගෙනගන්න.*   ඌට අණ දෙන්නවත් උගේ වැඩ බලන්නවත්ඌව පාලනය කරන්නවත් කවුරුත් නැහැ.   ඒත් ගිම්හාන කාලේදී ඌ කෑම සූදානම් කරගන්නවා.+අස්වැන්න නෙළන කාලේදී ආහාර රැස් කරගන්නවා.   කම්මැළියා, තව කොච්චර වෙලාවක් ඔයා නිදාගෙන ඉන්නවාද? ඔයා නින්දෙන් ඇහැරෙන්නේ කීයටද? 10  තව ටිකක් නිදාගන්න. තව ටිකක් හාන්සි වෙලා ඉන්න.අත් දෙක බැඳගෙන හොඳට නිදාගන්න.+ 11  එතකොට දුප්පත්කම මංකොල්ලකරුවෙක් වගෙත්අගහිඟකම් අවි ගත්ත කෙනෙක් වගෙත් හදිස්සියේම ඔයා පිටට එයි.+ 12  කිසි කමකට නැති, දුෂ්ට කෙනෙක් බොරු කියකිය ඇවිදිනවා.+ 13  එයා ඇස්වලින් ඉඟි කරනවා.+ අතින් පයින් සංඥා කරනවා. 14  එයාගේ හිත අන්තිම පහත් අදහස්වලින් පිරිලා.එයා නිතරම දුෂ්ට දේවල් කරන්න කුමන්ත්‍රණය කරනවා.+එකිනෙකා අතරේ භේද පතුරුවනවා.+ 15  ඒ නිසා හදිස්සියේම එයා පිටට විනාශය එයි.එක මොහොතකින් එයා නැති වෙලා යයි.එයාට කොහොමටවත් බේරෙන්න බැහැ.+ 16  යෙහෝවා හෙළා දකින දේවල් හයක් තියෙනවා.ඔහු පිළිකුල් කරන දේවල් හතක් තියෙනවා. 17  උඩඟු ඇස්,+ බොරු කියන දිව,+ අහිංසකයන්ගේ ලේ හලන අත්,+ 18  දුෂ්ට කුමන්ත්‍රණ කරන හිත,+ නපුරු දේවල් කරන්න ඉක්මන් වෙන පාද, 19  කට ඇරියොත් බොරු සාක්ෂි දෙන අය+ සහ සහෝදරයන් අතරේ භේද පතුරුවන අය.+ 20  මගේ පුතේ, ඔයාගේ තාත්තාගේ ආඥාව පිළිපදින්න.ඔයාගේ අම්මාගේ උපදෙස්වලට* පිටු පාන්න එපා.+ 21  නිතරම ඒවා ඔයාගේ හිතේ තියාගන්න.ඒවා ඔයාගේ ගෙල වටේ බැඳගන්න. 22  එතකොට ඔයා ඇවිදිද්දී ඒවා ඔයාට මඟ පෙන්වයි.ඔයා විවේකයෙන් ඉද්දී ඒවා ඔයාව ආරක්ෂා කරයි.ඔයා අවදි වෙද්දී ඔයාට ඒවා මතක් වෙයි.* 23  මොකද ආඥාව පහනක්.+නීතිය ආලෝකයක්.+හික්මවද්දී දෙන අවවාදවලින් ජීවනය ලැබෙනවා.+ 24  ඒවා ඔයාව නරක ස්ත්‍රියගෙන් ආරක්ෂා කරයි.+අනාචාරයේ යෙදෙන* ස්ත්‍රියගේ වශී කරවන කතාවලින් ඔයාව රැකගනියි.+ 25  එයාගේ ලස්සන රූපෙට ඔයාගේ හිත ඇදිලා යන්න දෙන්න එපා.+එයාගේ වශී කරවන බැල්මට අහු වෙන්නත් එපා. 26  මොකද ගණිකාවක් ඇසුරු කරන කෙනාට ඉතුරු වෙන්නේ රොටි කෑල්ලක් විතරයි.+ඒත් සැමියාට ද්‍රෝහි වෙන බිරිඳක් වටිනා ජීවිතයක් බිලිගන්නවා. 27  මිනිසෙක් ගින්දර පපුව ළඟට ගත්තොත් එයාගේ ඇඳුම් පිච්චෙන්නේ නැද්ද?+ 28  මිනිසෙක් ගිනි අඟුරු උඩ ඇවිද්දොත් එයාගේ කකුල් පිච්චෙන්නේ නැතුව තියෙයිද? 29  වෙන කෙනෙක්ගේ බිරිඳ එක්ක අනාචාරයේ යෙදෙන කෙනාට වෙන්නෙත් ඒකමයි.එයා එක්ක සම්බන්ධකම් පවත්වන ඕනෙම කෙනෙක්ට දඬුවම් ලැබෙනවාමයි.+ 30  හොරෙක් බඩගින්න නිවාගන්න හොරකම් කළාටමිනිස්සු එයාව හෙළා දකින්නේ නැහැ. 31  ඒත් එයාව අහු වුණොත් එයාට හත් ගුණයක් වන්දි ගෙවන්න වෙනවා.ගෙදර තියෙන හැම වටිනා දෙයක්ම වුණත් දෙන්න එයාට සිද්ධ වෙයි.+ 32  ස්ත්‍රියක් එක්ක අනාචාරයේ* යෙදෙන කෙනා වැඩ කරන්නේ සිහිකල්පනාව නැතුවයි.*ඒ කෙනා තමන්ගෙම ජීවිතය නාස්ති කරගන්නවා.+ 33  එයාට ඉතුරු වෙන්නේ දුක, නින්දාව විතරයි.+එයාට වුණ ලැජ්ජාව කවදාවත් මැකිලා යන්නේ නැහැ.+ 34  මොකද සැමියෙක්ගේ හිතේ ඊර්ෂ්‍යාවක් ඇති වුණොත් එයාට ලොකු කේන්තියක් ඇති වෙයි.පළිගන්න දවසේදී එයා කිසිම අනුකම්පාවක් පෙන්වන්නේ නැහැ.+ 35  වරදට වන්දියක් ගෙව්වත් එයා ඒක භාරගන්නේ නැහැ.වටිනා තෑගිබෝග දුන්නත් එයාගේ කේන්තිය නිවන්න බැහැ.

පාදසටහන්

මූ.අ., “ගසෙල් මුවෙක්; කුරංගයෙක්.”
මූ.අ., “ඥානවන්ත වෙන්න.”
හෝ, “නීතියට.”
මූ.අ., “කතා කරයි.”
මූ.අ., “විදේශික.” හිතෝ 2:16 බලන්න.
ඒ කියන්නේ බිරිඳට හරි සැමියාට හරි ද්‍රෝහි වෙන එක.
හෝ, “අඥාන කෙනෙක්.” ඒ කියන්නේ යහපත් චේතනා නැති, හොඳ විනිශ්චයක් කරන්න බැරි කෙනෙක්.