හිතෝපදේශ 7:1-27

  • දෙවියන්ගේ ආඥාවලට කීකරු වෙලා ජීවිතේ රැකගන්න (1-5)

  • අද්දැකීම් අඩු තරුණයෙක්ව රවට්ටගනියි (6-27)

    • “මරන්න ගෙනියන ගොනෙක් වගේ” (22)

7  මගේ පුතේ, මං කියන දේවල් හිතේ තියාගන්න.මගේ ආඥා නිධානයක් වගේ රැකගන්න.+   මගේ ආඥාවලට කීකරු වෙලා ජීවිතේ රැකගන්න.+මගේ උපදෙස්* ඔයාගේ ඇහේ කලු ඉංගිරියාව වගේ ආරක්ෂා කරන්න.   ඒවා ඔයාගේ ඇඟිලිවල බැඳගන්න.හිත කියන පුවරුවේ ලියාගන්න.+   ප්‍රඥාවට “ඔයා මගේ සහෝදරිය” කියලත් තේරුම්ගැනීමේ හැකියාවට “ඔයා මගේ නෑදෑයෙක්” කියලත් කියන්න.   එතකොට නරක* ස්ත්‍රියට ඔයා අහු වෙන්නේ නැහැ.+අනාචාරයේ යෙදෙන* ස්ත්‍රියගේ චාටු බස්වලට* ඔයා රැවටෙන්නෙත් නැහැ.+   මං මගේ ගෙදර ජනේලේ ළඟ ඉඳන්,   අද්දැකීම් අඩු තරුණයන් දිහා බලාගෙන හිටියා.සිහිකල්පනාව නැතුව වැඩ කරන*+ තරුණයෙක් එයාලා අතරේ ඉන්නවා මං දැක්කා.   එයා පාර දිගේ ගිහින් ඒ ස්ත්‍රිය ඉන්න පාරට හැරිලාඑයාගේ ගෙවල් පැත්තට ඇවිදගෙන ගියා.   එයා එහෙට ගියේ හවස් වරුවේ අඳුර වැටීගෙන එද්දියි.+රෑ, ගන අඳුර පැතිරීගෙන එද්දියි. 10  එතකොටම එයාව හම්බ වෙන්න ස්ත්‍රියක් ආවා.එයා ගණිකාවක් වගේ ඇඳගෙන හිටපු,+ කපටි ස්ත්‍රියක්. 11  එයා කටකාර, හිතුවක්කාර ස්ත්‍රියක්.+ කොයි වෙලාවකවත් ගෙදර ඉන්නේ නැති කෙනෙක්. 12  වෙලාවකට එයා ඉන්නේ එළියේ.තව වෙලාවක එයා ප්‍රධාන හන්දිවල ඇවිදිනවා.හැම පාරකම මුල්ලට වෙලා බලාගෙන ඉන්නවා.+ 13  එයා දුවලා ගිහින් ඒ තරුණයාව බදාගෙන සිපගත්තා.එයා කිසි ලැජ්ජා බයක් නැතුව මෙහෙම කිව්වා. 14  “මට අද හවුල් පූජා ඔප්පු කරන්න යන්න වුණා.+ මගේ භාර ඔක්කොම මං අද ඉටු කළා. 15  ඒකයි මං ඔයාව හම්බ වෙන්න ආවේ.මම ඔයාව හොයාගෙන ආවා. 16  මගේ ඇඳ ලස්සන ඇතිරිලිවලින් සරසලයි තියෙන්නේ.ඊජිප්තුවෙන් ගෙනාපු පාට පාට ලිනන් රෙදි+ ඒකට අතුරලයි තියෙන්නේ. 17  මං මගේ ඇඳ සුවඳ ලාටු, අගිල් සහ කුරුඳුවලින් සුවඳවත් කළා.+ 18  එන්න, අපි උදේ වෙන කල් ආදරේ කරමු.එළිය වැටෙන කල් ආදරෙන් මත් වෙලා ඉමු. 19  මගේ සැමියා ගෙදර නැහැ.එයා දුර ගමනක් ගිහින්. 20  එයා ගියේ සල්ලි මල්ලකුත් අරගෙන.එයා ආයෙත් එන්නේ මාසේ මැද.”* 21  ඒ ස්ත්‍රිය එයාගේ මායම්වලින් තරුණයාව රවට්ටගත්තා.+ චාටු කතාවලින් එයාව වශී කරගත්තා. 22  එකපාරටම එයා ඒ ස්ත්‍රිය පස්සේ යන්න පටන්ගත්තා.හරියට මරන්න ගෙනියන ගොනෙක් වගෙත්දඬුකඳේ ගහලා* දඬුවම් කරන්න අරන් යන මෝඩයෙක් වගෙත් එයා ස්ත්‍රිය පස්සේ ගියා.+ 23  එයා හදිස්සියේම උගුලකට අහු වෙන කුරුල්ලෙක් වගේ.එයාගේ ජීවිතේ තියෙන්නේ අනතුරේ කියලා එයා දන්නේ නැහැ.+අන්තිමේදී ඊතලයක් එයාගේ අක්මාව පසාරු කරගෙන ගියා. 24  ඉතින් මගේ පුතාලා, මට සවන් දෙන්න.මං කියන දේ හොඳට හිතට ගන්න. 25  ඒ ස්ත්‍රිය කරන කියන දේවලට හිත ඇදිලා යන්න දෙන්න එපා. එයා පස්සේ යන්නත් එපා.+ 26  මොකද එයා නිසා හුඟදෙනෙක්ගේ ජීවිත නැති වෙලා තියෙනවා.+ගණන් කරන්න බැරි තරම් දෙනෙක් එයාගේ අතින් මැරුම් කාලා තියෙනවා.+ 27  එයාගේ ගෙදර බැහැගෙන යන්නේ මිනී වළටයි.මිනී වළේ ගැඹුරුම තැන්වලටයි.

පාදසටහන්

හෝ, “නීතිය.”
මූ.අ., “නාඳුනන.” හිතෝ 2:16 බලන්න.
මූ.අ., “විදේශික.” හිතෝ 2:16 බලන්න.
හෝ, “වශී කරවන කතාවලට.”
හෝ, “අඥාන.”
මූ.අ., “පුන්සඳ දකින දවසේදී.”
හෝ, “විලංගු දාලා.”