හිතෝපදේශ 8:1-36

  • ප්‍රඥාව කතා කරයි (1-36)

    • ‘දෙවියන්ගේ මුල්ම නිර්මාණය මමයි’ (22)

    • ‘දෙවියන්ගේ ළඟින්ම ඉඳන් ප්‍රධාන සේවකයා විදිහට වැඩ කළා’ (30)

    • “මට වැඩියෙන්ම ආදරේ දැනුණේ මනුෂ්‍ය පුත්‍රයන් ගැනයි” (31)

8  ප්‍රඥාව ශබ්ද නඟලා අඬගහනවා. වටහාගැනීමේ ශක්තිය හැමෝටම ඇහෙන්න කතා කරනවා.+   උස් තැන්වල+ තියෙන පාරවල් දිගෙත්හන්දිවලත් ප්‍රඥාවේ හඬ ඇහෙනවා.   නුවරේ දොරටු ළඟත් ඒ අවට තැන්වලත්ප්‍රඥාව කෑගහලා මෙහෙම කියනවා.+   “මනුෂ්‍යයෙනි, මං කතා කරන්නේ ඔයාලටයි.මං අඬගහන්නේ හැමෝටමයි.   අද්දැකීම් අඩු හැමෝම සිහිබුද්ධියෙන් වැඩ කරන්න ඉගෙනගන්න.+අඥානයෙනි, අවබෝධයෙන් වැඩ කරන්න ඉගෙනගන්න.   මට ඇහුම්කන් දෙන්න. මං කියන දේ හුඟක් වැදගත්.මගේ කටින් පිට වෙන්නේ හරි දේ විතරයි.   මං හැම වෙලාවෙම කතා කරන්නේ සත්‍යය.බොරුව මගේ තොල්වලට පිළිකුලක්.   මං කියන හැම දේම ධර්මිෂ්ඨයි. වංක, රැවටිලිකාර වචනයක්වත් මගේ කටින් පිට වෙන්නේ නැහැ.   වටහාගැනීමේ හැකියාව තියෙන අය මං කියන දේවල් ඇත්ත කියලා පිළිගන්නවා.දැනුම ලබාගෙන ඉන්න අය දන්නවා මගේ වචන සාධාරණයි කියලා. 10  රිදී වෙනුවට මගෙන් හික්මවීම් ලබාගන්න.පවිත්‍ර රන් වෙනුවට දැනුම තෝරගන්න.+ 11  මොකද ප්‍රඥාව කොරල්වලට* වඩා වටිනවා.මිනිස්සු ආස කරන කිසිම දෙයක් ඒකට සමාන කරන්න බැහැ. 12  ප්‍රඥාව වන මම, සිහිකල්පනාව එක්ක අත්වැල් බැඳගෙන ඉන්නවා.දැනුම සහ හොඳින් සිතීමේ හැකියාව+ මං ළඟ තියෙනවා. 13  යෙහෝවාට ගරුබිය දක්වනවා කියන්නේ නපුරු දේ පිළිකුල් කරන එකටයි.+ තමන්වම උසස් කරගන්න එක, උඩඟුකම,+ දුෂ්ටකම් වගේම වංක, පහත් කතා+ මට පිළිකුලක්. 14  හොඳ උපදෙස් සහ බුද්ධිය*+ මගෙන් ලබාගන්න පුළුවන්.ශක්තිය+ සහ තේරුම්ගැනීමේ හැකියාව+ තියෙන්නේ මං ළඟයි. 15  රජවරුන් පාලනය කරන්නේ මගේ උදව්වෙන්.නිලධාරීන් ධර්මිෂ්ඨ නීති පනවන්නේ මං නිසයි.+ 16  අධිපතීන් පාලනය කරන්නෙත්ධර්මිෂ්ඨ විදිහට විනිශ්චය කරන්නෙත් මගේ උදව්වෙන්. 17  මට ආදරේ කරන අයට මමත් ආදරෙයි.මාව හොයන අයට මාව හම්බ වෙයි.+ 18  ධනය සහ ගෞරවය තියෙන්නේ මං ළඟයි.කවදාවත් නැති වෙන්නේ නැති වස්තුත්* ධර්මිෂ්ඨකමත් මට අයිතියි. 19  මගෙන් ලැබෙන දේවල් රන්වලට වඩා වටිනවා.ඒවා පිරිසිදු රන්වලටත් වඩා අනර්ඝයි.මගෙන් නෙළාගන්න පලදාව ඉස්තරම්ම රිදීවලටත් වඩා වටිනවා.+ 20  මං ගමන් කරන්නේ ධර්මිෂ්ඨ මාර්ගයේ.යුක්තියේ මාවත් මැදින් මම ඇවිදන් යනවා. 21  මට ආදරේ කරන අයට මං වටිනා උරුමයක් දෙනවා.මං නිතරම එයාලාගේ ගබඩා පුරවනවා. 22  “යෙහෝවාගේ මුල්ම නිර්මාණය මමයි.+ඈත අතීතයේ, වෙන කිසිම දෙයක් හදන්න කලින් ඔහු මාව බිහි කළා.+ 23  ඈත අතීතයේ ඉඳන්ම ඔහු මට ගෞරවනීය තැනක් ලබා දුන්නා.+ඒ තැන ඔහු මට දුන්නේ මුල ඉඳන්මයි. පොළොව නිර්මාණය කරන්නත් කලින් ඉඳන්මයි.+ 24  මාව බිහි කළේ මහා ජල කඳන් ඇති වෙන්න කලින්.+ඒ කාලේදී ගැඹුරු දිය උල්පත් තිබුණෙත් නැහැ. 25  මාව බිහි කළේ කඳු හෙල් පිහිටුවන්නත් කලින්. 26  ඒ වෙනකොට පෘථිවියවත් ඒකේ කෙත්වතුවත්භූමියේ එක පස් පිඩැල්ලක්වත් හදලා තිබුණේ නැහැ. 27  ඔහු අහස පිහිටුවද්දීත්+ජල කඳේ ඈත කෙළවරේ ක්ෂිතිජය* ලකුණු කරද්දීත්+ මම හිටියා. 28  ඔහු ඉහළ අහසේ වලා පටලයන් තියද්දීත්සාගරයේ දිය උල්පත් ස්ථිරව පිහිටුවද්දීත් 29  ඔහු මුහුදු රළට, දාපු සීමාවෙන් එහාට යන්න එපා කියලා අණ කරද්දීත්+පොළොවේ අත්තිවාරම් දාද්දීත් මම හිටියා. 30  ඒ කාලේදී මම ඔහු ළඟින්ම ඉඳන් ඔහුගේ ප්‍රධාන සේවකයා විදිහට වැඩ කළා.+ හැම දවසකම ඔහු වැඩියෙන්ම සතුටු වුණේ මං ගැනයි.+හැම තිස්සේම මම ඔහු ඉස්සරහා හිටියේ හරිම සතුටින්.+ 31  මිනිස්සුන්ට ජීවත් වෙන්න ඔහු හදපු පොළොව දැක්කාම මට දැනුණේ ලොකු සතුටක්.මට වැඩියෙන්ම ආදරේ දැනුණේ මනුෂ්‍ය පුත්‍රයන් ගැනයි.* 32  “මගේ පුතාලා, මට ඇහුම්කන් දෙන්න.මොකද මං පෙන්වන මාර්ගයේ යන අය සන්තෝෂවත්. 33  හික්මවීම් පිළිගෙන+ ප්‍රඥාවන්ත වෙන්න.කවදාවත් ඒවා ප්‍රතික්ෂේප කරන්න එපා. 34  හැම දවසකම උදෙන්ම මගේ ගෙදරට ඇවිත්*දොරකඩ ළඟ බලන් ඉඳලා,මට ඇහුම්කන් දෙන කෙනා සන්තෝෂවත්. 35  මාව හොයාගන්න කෙනාට ජීවනය ලැබෙනවා.+එයාට යෙහෝවාගේ අනුමැතියත් ලැබෙනවා. 36  ඒත් මාව ගණන් ගන්නේ නැති කෙනා එයාටම හානියක් කරගන්නවා.මට වෛර කරන අය මරණයට අත වනනවා.”+

පාදසටහන්

මූ.අ., “තැනට සුදුසු නුවණ.”
හෝ, “හොඳ සාරධර්මත්.”
හෝ, “නිම් වළල්ල.”
හෝ, “මිනිස්සුන්ටයි.”
හෝ, “මගේ දොර ළඟ අවදියෙන් ඉඳලා.”