හිතෝපදේශ 9:1-18

  • සැබෑ ප්‍රඥාව කරන ආරාධනය (1-12)

    • “මං නිසා ඔයා ගොඩක් කල් ජීවත් වෙයි” (11)

  • මෝඩ ස්ත්‍රියකගෙන් ලැබෙන ආරාධනය (13-18)

    • “හොරෙන් ගත්ත වතුර මිහිරියි” (17)

9  සැබෑ ප්‍රඥාව ගෙයක් හදාගෙන තියෙනවා.ඒ ගෙට කුලුනු හතක් තියෙනවා.   ප්‍රඥාව, කෑමට මස් සූදානම් කරලා,*වයින් මිශ්‍ර කරලා තියෙනවා.කෑම මේසයකුත් ලෑස්ති කරලා තියෙනවා.   ප්‍රඥාව එයාගේ සේවිකාවන්ව නුවරේ උස් තැන්වලට යවලා+එයාලා ලවා මෙහෙම ආරාධනා කරනවා.   “අද්දැකීම් අඩු හැමෝම මෙහෙට එන්න.” ඇය සිහිකල්පනාවෙන් වැඩ කරන්නේ නැති* හැමෝටම මෙහෙම කියනවා.   “එන්න, මගේ රොටි කන්න.ඇවිත් මං මිශ්‍ර කරපු වයින් බොන්න.   ඔයාලාගේ මෝඩකම්* අත්හැරලා ජීවත් වෙන්න.+අවබෝධය කියන මාවතේ දිගටම ගමන් කරන්න.”+   සමච්චල් කරන කෙනෙක්ව නිවැරදි කරන කෙනාට අත් වෙන්නේ අගෞරවයයි.+දුෂ්ටයෙක්ට අවවාද කරන කෙනාට අත් වෙන්නේ වේදනාවයි.   සමච්චල් කරන කෙනෙක්ට අවවාද කරන්න එපා. එයා ඔයාට වෛර කරයි.+ ප්‍රඥාවන්ත කෙනෙක්ට අවවාද කරන්න. එයා ඔයාට ආදරේ කරයි.+   ප්‍රඥාවන්ත කෙනෙක් එක්ක දැනුම බෙදාගන්න. එයා තවත් ප්‍රඥාවන්ත වෙයි.+ ධර්මිෂ්ඨ කෙනෙක්ට උගන්වන්න. එයා දැනුම තවත් වැඩි කරගනියි. 10  ප්‍රඥාව ලබාගන්න නම් කෙනෙක් මුලින්ම යෙහෝවාට ගරුබිය දක්වන්න ඕනේ.+අවබෝධය ලබාගන්න නම් අතිශුද්ධ තැනැත්තාව දැන හඳුන ගන්න ඕනේ.+ 11  මං නිසා ඔයා ගොඩක් කල් ජීවත් වෙයි.+ඔයාගේ ආයු කාලය තවත් වැඩි වෙයි. 12  ඔයා ප්‍රඥාවන්ත කෙනෙක් වුණොත් ඒකෙන් ප්‍රයෝජන ලැබෙන්නේ ඔයාටමයි.ඒත් ඔයා සමච්චල් කරන කෙනෙක් නම් ඒකේ නරක ප්‍රතිඵල විඳින්න වෙන්නෙත් ඔයාටමයි. 13  මෝඩ ස්ත්‍රියක් කටකාරයි.+ එයා කිසි දෙයක් නොදන්න බොළඳ කෙනෙක්. 14  නුවරේ කන්දක් උඩ තියෙන එයාගේ ගෙයි දොරකඩ ළඟ එයා ඉඳගෙන ඉන්නවා.+ 15  එතනින් යන එන අයට එයා අඬගහනවා.නවතින්නේ නැතුව කෙළින්ම යන අයට එයා මෙහෙම කියනවා. 16  “අද්දැකීම් අඩු හැමෝම මෙහෙට එන්න.” සිහිකල්පනාවෙන් වැඩ කරන්නේ නැති*+ හැමෝටම එයා මෙහෙම කියනවා. 17  “හොරෙන් ගත්ත වතුර මිහිරියි.හොර රහසින් කන රොටි හරිම රසයි.”+ 18  ඒත් ඒ ස්ත්‍රියගේ ගෙදර මිය ගිය අයගෙන් පිරිලා කියලත්එයාගේ ආරාධනාව පිළිගත්ත අය ඉන්නේ මිනී වළේ ගැඹුරුම තැන්වල+ කියලත් එයාලා දන්නේ නැහැ.

පාදසටහන්

හෝ, “සතුන්ව මරලා කෑමට සූදානම් කරලා තියෙනවා.”
හෝ, “අඥාන.”
හෝ, “අද්දැකීම් අඩු අයගේ ආශ්‍රය.”
හෝ, “අඥාන.”