Skip to content

පටුනට යන්න

හෙබ්‍රෙව්වරුන්ට ලියපු ලිපිය

පරිච්ඡේද

1 2 3 4 5 6 7 8 9 10 11 12 13

පොතේ සාරාංශයක්

  • 1

    • දෙවියන් තමන්ගේ පුතා මාර්ගයෙන් කතා කරයි (1-4)

    • පුතා දේවදූතයන්ට වඩා උසස් (5-14)

  • 2

    • වැඩි අවධානයක් දෙන්න (1-4)

    • හැම දෙයක්ම යේසුස් යටතට පත් කළා (5-9)

    • යේසුස් සහ ඔහුගේ සහෝදරයෝ (10-18)

      • පුතුන්ව ගලවගන්න ප්‍රධාන තැනැත්තා (10)

      • දයාවන්ත උත්තම පූජකයෙක් (17)

  • 3

    • යේසුස් මෝසෙස්ට වඩා උසස් (1-6)

      • හැම දෙයක්ම හදපු තැනැත්තා දෙවියන් (4)

    • විශ්වාසය නැති කරගන්න එක ගැන අනතුරු අඟවයි (7-19)

      • “ඔහු කිව්ව දේට ඔබ අද සවන් දෙනවා නම්!” (7, 15)

  • 4

    • දෙවියන් වගේ විවේක ගන්නේ නැති එකේ අනතුර (1-10)

    • දෙවියන් වගේ විවේක ගන්න දිරිගන්වයි (11-13)

      • දෙවියන්ගේ වදන් ජීවමානයි (12)

    • යේසුස් ශ්‍රේෂ්ඨ උත්තම පූජකයා (14-16)

  • 5

    • යේසුස් පොළොවේ හිටපු උත්තම පූජකයන්ට වඩා ශ්‍රේෂ්ඨයි (1-10)

      • මෙල්කිසදෙක් වගේ (6, 10)

      • වින්ද දුක් පීඩාවලින් කීකරුකම ඉගෙනගත්තා (8)

      • සදාකාල ගැලවීම ලැබෙන්නේ ඔහු මාර්ගයෙන් (9)

    • අවබෝධයෙන් වැඩ කරන්නේ නැති එක ගැන අනතුරු අඟවයි (11-14)

  • 6

    • අවබෝධයෙන් වැඩ කරන්න උනන්දු කරයි (1-3)

    • සත්‍ය ඉගැන්වීම් අතහරින අය පුතාව ආයෙත් වධකණුවේ ඇණ ගහයි (4-8)

    • ඔයාලාගේ බලාපොරොත්තුව ස්ථිර කරගන්න (9-12)

    • දෙවියන්ගේ පොරොන්දුව අනිවාර්යයෙන්ම ඉටු වෙනවා (13-20)

      • දෙවියන්ගේ පොරොන්දුව සහ දිවුරුම කවදාවත් වෙනස් වෙන්නේ නැහැ (17, 18)

  • 7

    • මෙල්කිසදෙක් විශේෂ රජෙක් සහ පූජකයෙක් (1-10)

    • ක්‍රිස්තුස් ශ්‍රේෂ්ඨ පූජකයෙක් (11-28)

      • සීයට සීයක් ගැලවීම ලබා දෙන්න ක්‍රිස්තුස්ට පුළුවන් (25)

  • 8

    • ශුද්ධ කූඩාරමෙන් ස්වර්ගයේ තියෙන දේවල් නියෝජනය වෙනවා (1-6)

    • පරණ ගිවිසුම සහ අලුත් ගිවිසුම අතර වෙනස (7-13)

  • 9

    • ශුද්ධ කූඩාරමේ කරපු පරිශුද්ධ සේවය (1-10)

    • ක්‍රිස්තුස් තමන්ගේ ලේ අරගෙන ස්වර්ගයට යයි (11-28)

      • අලුත් ගිවිසුමක මැදිහත්කරු (15)

  • 10

    • සත්ව පූජාවලට බැහැ පව් අයින් කරලා දාන්න (1-4)

      • නීතිය ඡායාවක් විතරයි (1)

    • ක්‍රිස්තුස් පූජාව ඔප්පු කළේ එක පාරයි (5-18)

    • ජීවනයට යන අලුත් මඟ (19-25)

      • අපේ රැස්වීම් අතපසු නොකරමු (24, 25)

    • හිතාමතාම වැරදි කරන අයට අනතුරු ඇඟවීම් (26-31)

    • විඳදරාගන්න නිර්භීතකමයි, විශ්වාසයයි ඕනේ (32-39)

  • 11

    • විශ්වාසයෙන් අදහස් කරන දේ (1, 2)

    • විශ්වාසවන්ත අයගේ ආදර්ශ (3-40)

      • විශ්වාසයක් නැත්නම් දෙවියන්ව සතුටු කරන්න බැහැ (6)

  • 12

    • යේසුස් අපේ විශ්වාසය කිසිම අඩුවක් නැති තත්වෙකට ගේන තැනැත්තායි (1-3)

      • සාක්ෂිකරුවන් විශාල වලාකුළක් (1)

    • යෙහෝවා දෙන හික්මවීම් සැහැල්ලුවට ගන්න එපා (4-11)

    • දිගටම හරි පාරේ යන්න (12-17)

    • ළං වෙලා ඉන්නේ ස්වර්ගයේ තියෙන යෙරුසලමටයි (18-29)

  • 13

    • දිරිගැන්වීම් සහ සුබ පැතුම් (1-25)

      • ආගන්තුක සත්කාරය පෙන්නන්න අමතක කරන්න එපා (2)

      • විවාහය ගෞරවයෙන් සලකන්න (4)

      • පෙරමුණ අරන් වැඩ කරන අයට කීකරු වෙන්න (7, 17)

      • ප්‍රශංසාව කියන පූජාව ඔප්පු කරන්න (15, 16)