හෙබ්‍රෙව්වරුන්ට 2:1-18

  • වැඩි අවධානයක් දෙන්න (1-4)

  • හැම දෙයක්ම යේසුස් යටතට පත් කළා (5-9)

  • යේසුස් සහ ඔහුගේ සහෝදරයෝ (10-18)

    • පුතුන්ව ගලවගන්න ප්‍රධාන තැනැත්තා (10)

    • දයාවන්ත උත්තම පූජකයෙක් (17)

2  ඒ නිසයි අපි අහපු දේවල්වලට සාමාන්‍යයෙන් දෙනවාටත් වඩා වැඩි අවධානයක් දෙන්න ඕනේ.+ එහෙම කළේ නැත්නම් අපිව සත්‍ය මාර්ගයෙන් ඈතට ගහගෙන යයි.+  දේවදූතයන් මාර්ගයෙන් කියපු වචන+ වෙනස් වුණෙත් නැත්නම් හැම වරදකටම සහ අකීකරු වෙලා කරපු හැම දේකටම ලැබෙන්න ඕනෙ දඬුවමත් ලැබුණා නම්+  මෙච්චර ශ්‍රේෂ්ඨ ගැලවීමක් ගණන් ගන්නේ නැතුව ඉඳලා අපිට දඬුවමෙන් බේරෙන්න පුළුවන් කියලා හිතනවාද?+ ඒ ගැලවීම ගැන මුලින්ම කියන්න පටන්ගත්තේ අපේ ස්වාමීන්.+ ඔහු කියපු දේවල් අහපු අය ඒ පණිවිඩය ඇත්තක් කියලා අපිට ස්ථිර කළා.  එයාලා දීපු සාක්ෂිය ඇත්තක් කියලා දෙවියනුත් පෙන්නුවා. ඔහු ඒක කළේ ආශ්චර්යයන් සහ පුදුම හිතෙන දේවල් කරලයි.+ ලකුණු පෙන්නලයි. ඒ වගේම තමන්ගේ කැමැත්තට එකඟව ඔහුගේ බලයත් එක් එක් කෙනාට බෙදලා දීලයි.+  අපි මේ කතා කරන, ඉස්සරහට එන්න තියෙන ලෝකේ*+ දෙවියන් යටත් කරලා දුන්නේ දේවදූතයන්ට නෙමෙයි.  කෙනෙක් එක අවස්ථාවක මේ දේ ගැන සාක්ෂි දුන්නා. “මිනිසාව ඔබ සිහි කරන්න තරම් ඔහු කවුද? ඔබේ රැකවරණය ලබන්න තරම් ඔහු වටිනවාද?+  ඔබ ඔහුව නිර්මාණය කරද්දී ඔහුට දුන්නේ දේවදූතයන්ට වඩා ටිකක් අඩු තත්වයක්. ඊටපස්සේ ඔබ තේජස සහ ගෞරවය කියන ඔටුන්න ඔහුට පැලඳෙව්වා. ඔබ නිර්මාණය කරපු හැම දෙයක්ම බලාගන්න ඔහුව පත් කළා.  ඔබ හැම දෙයක්ම ඔහුගේ පාදවලට යටත් කළා.”+ හැම දෙයක්ම ඔහු යටතට පත් කරපු නිසා+ දෙවියන් ඔහුට යටත් කරලා දුන්නේ නැති කිසිම දෙයක් නැහැ.+ ඇත්ත, හැම දෙයක්ම ඔහු යටතේ තියෙනවා කියලා අපිට තාම පේන්නේ නැහැ.+  ඒත් දේවදූතයන්ට වඩා ටිකක් අඩු තත්වයක් දුන්න යේසුස්ව අපි දකිනවා.+ දුක් විඳලා මරණය අද්දැක්ක නිසා ඔහුට තේජස සහ ගෞරවය කියන ඔටුන්න දැන් පලඳවලයි තියෙන්නේ.+ හැම කෙනෙක්ම වෙනුවෙනුයි ඔහු මරණය අද්දැක්කේ. ඔහු එහෙම කළේ දෙවියන් පෙන්නපු මහත් කරුණාව* නිසයි.+ 10  හැම දෙයක්ම පවතින්නේ දෙවියන්ට ගෞරවයක් ගේන්නයි. ඒ වගේම හැම දෙයක්ම පවතින්නේ ඔහු නිසයි. ඉතින් ඔහු තීරණය කළා පුතුන් හුඟදෙනෙක්ව ගෞරවයට පත් කරන්න+ ප්‍රධාන තැනැත්තා දුක් විඳින්න අවශ්‍යයි+ කියලා. ඒ විදිහට ඒ පුතුන්ව ගලවගන්න ඒ තැනැත්තා සුදුසු කෙනෙක් වුණා.+ 11  ශුද්ධ තත්වයකට පත් වෙන අයගෙත් එයාලව ශුද්ධ තත්වයකට ගේන කෙනාගෙත්+ තාත්තා එක් කෙනෙක්.+ ඒ නිසා එයාලට සහෝදරයන් කියලා කතා කරන්න යේසුස් ලැජ්ජා වෙන්නේ නැහැ.+ 12  ඔහු මෙහෙම කියනවා. “මම මගේ සහෝදරයන්ට ඔබේ නම ගැන කියලා දෙනවා. සභාව මැද මම ගී ගයලා ඔබට ප්‍රශංසා කරනවා.”+ 13  ඔහු මෙහෙමත් කියනවා. “මම දෙවියන් ගැන විශ්වාසය තියනවා.”+ ඒ වගේම ඔහු මෙහෙමත් කියනවා “මං දිහාත් යෙහෝවා* මට දුන්න දරුවන් දිහාත් බලන්න!”+ 14  ඒ “දරුවන්” ලේ ඇට මස් නහර තියෙන අය නිසා ඔහුත් ලේ ඇට මස් නහර තියෙන කෙනෙක් වුණා.+ එහෙම වුණේ ඔහුගේ මරණය මාර්ගයෙන් මරණය ගේන්න හැකියාව තියෙන කෙනාව+ ඒ කියන්නේ යක්ෂයාව නැති කරලා දාන්නයි.+ 15  ඒ වගේම මරණයට තියෙන බය නිසා මුළු ජීවිත කාලේ පුරාම වහලුන් වෙලා ඉන්න හැමෝවම නිදහස් කරන්නයි.+ 16  ඇත්තටම ඔහු ආවේ දේවදූතයන්ට උදව් කරන්න නෙමෙයි. ආබ්‍රහම්ගෙන් පැවතෙන අයට උදව් කරන්නයි.+ 17  ඉතින් ඔහුට සිද්ධ වුණා හැම අතින්ම ඔහුගේ “සහෝදරයන්ට” සමාන වෙන්න.+ එහෙම කරපු නිසා දෙවියන්ට සේවය කරද්දී දයාවන්ත, කීකරු උත්තම පූජකයෙක් වෙන්න ඔහුට පුළුවන් වුණා. ඒ වගේම මිනිස්සුන්ගේ පව් වෙනුවෙන්+ පූජාවක් ඔප්පු කරලා මිනිස්සුන්ට දෙවියන් එක්ක සමාදාන වෙන්න* අවස්ථාව+ දෙන්නත් ඒකෙන් ඔහුට පුළුවන් වුණා. 18  ඔහු පීඩාවලට මූණ දෙද්දී දුක් වින්ද නිසා+ පීඩාවලට මූණ දෙන අයට උදව් කරන්න ඔහුට පුළුවන්.+

පාදසටහන්

හෝ, “ජනාවාස වුණ පොළොව.”
හෝ, “ලබන්න නොවටිනා කරුණාව.” “පැහැදිලි කිරීමක්” බලන්න.
උප. A5 බලන්න.
හෝ, “දෙවියන්ගේ අනුමැතිය ලබාගන්න.”