හෙබ්‍රෙව්වරුන්ට 4:1-16

  • දෙවියන් වගේ විවේක ගන්නේ නැති එකේ අනතුර (1-10)

  • දෙවියන් වගේ විවේක ගන්න දිරිගන්වයි (11-13)

    • දෙවියන්ගේ වදන් ජීවමානයි (12)

  • යේසුස් ශ්‍රේෂ්ඨ උත්තම පූජකයා (14-16)

4  තමන්ට වගේ විවේක ගන්න අවස්ථාවක් ලැබෙනවා කියන පොරොන්දුව දෙවියන් දීලා තියෙනවා. ඒ අවස්ථාව තවමත් අපිට විවෘතයි. ඒ නිසා අපි සෝදිසියෙන් ඉමු. නැත්නම් ඒ අවස්ථාව අපිට අහිමි වෙයි.+  ඊශ්‍රායෙල්වරුන්ට අහන්න ලැබුණ හොඳ පණිවිඩය අපිටත් අහන්න ලැබුණා.+ ඒත් එයාලා ඒ පණිවිඩයට කීකරු වුණේ නැති නිසා ඒකෙන් එයාලට වැඩක් වුණේ නැහැ. මොකද කීකරු වුණ අයට තිබුණා වගේ ශක්තිමත් විශ්වාසයක් එයාලට තිබුණේ නැහැ.  විශ්වාසයක් තියෙන අපිට, දෙවියන් වගේ විවේක ගන්න අවස්ථාවක් ලැබෙනවා. මොකද අනිත් අය ගැන ඔහු මෙහෙම කියලා තියෙනවා. “මං කේන්තියෙන් දිවුරලා මෙහෙම කිව්වා. ‘මං වගේ විවේක ගන්න ඔවුන්ට අවස්ථාව ලැබෙන්නේ නැහැ.’”+ ඔහු එහෙම කිව්වේ පොළොවේ දරුවන්* බිහි වෙන්නත් කලින් ඔහු කරපු වැඩ අවසන් කරලා තියෙද්දියි.+  මොකද ශුද්ධ ලියවිල්ලේ එක පදයක හත්වෙනි දවස ගැන ඔහු මෙහෙම කියලා තියෙනවා. “හත්වෙනි දවසේ දෙවියන් සියලු වැඩවලින් විවේක ගත්තා.”+  තවත් තැනක ඔහු මෙහෙම කියනවා. “මං වගේ විවේක ගන්න ඔවුන්ට අවස්ථාව ලැබෙන්නේ නැහැ.”+  හොඳ පණිවිඩය ගැන මුලින් අහන්න ලැබුණ අය අකීකරු වුණ නිසා දෙවියන් වගේ විවේක ගන්න එයාලට අවස්ථාව ලැබුණේ නැහැ.+ ඒත් ඒ අවස්ථාව තවමත් සමහරුන්ට විවෘතයි.  හුඟ කාලෙකට පස්සේ දාවිත් ලියපු ගීතිකාවක් මාර්ගයෙන් මෙහෙම දෙයක් කියලා තියෙනවා. “අනේ, ඔහු කිව්ව දේට ඔබ අද සවන් දෙනවා නම්! ඔබේ හිත් දැඩි කරගන්න එපා.”+ ඒ ගැන මේ ලියුමේ කලින් තැනකත් කිව්වා. එතන “අද” කියලා සඳහන් කරද්දී දෙවියන් ආයෙත් සැරයක් එක දවසක් ගැන කතා කරනවා.  යොෂුවා+ එයාලව දෙවියන් එක්ක විවේක ගන්න පුළුවන් තැනකට අරගෙන ගියා නම් විවේක ගන්න දවසක් ගැන ආයෙත් කතා කරන්න දෙවියන්ට අවශ්‍ය වෙන්නේ නැහැ.  ඉතින් සබත් දවසේදී විවේක ගත්තා වගේ විවේක ගන්න පුළුවන් දවසක් තවමත් දෙවියන්ගේ සෙනඟ ඉස්සරහා තියෙනවා.+ 10  දෙවියන් වගේ විවේක ගන්න අවස්ථාව කෙනෙක්ට ලැබුණාම එයා තමන් කරන වැඩවලිනුත් විවේක ගන්නවා. හරියට දෙවියන් තමන් කරපු වැඩවලින් විවේක ගත්තා වගේ.+ 11  ඉතින් විවේක ගන්න තියෙන ඒ අවස්ථාව ලබාගන්න අපිට කරන්න පුළුවන් හැම දේම අපි කරමු. එහෙම කරනවා නම් අපෙන් කවුරුවත් අකීකරු වුණ අය ගිය පාරේ ගමන් කරන එකක් නැහැ.+ 12  මොකද දෙවියන්ගේ වදන් ජීවමානයි, හරිම බලවත්.+ ඒක දෙපැත්තම කැපෙන ඕනෙම කඩුවකට වඩා තියුණුයි.+ ඒක කොච්චර ගැඹුරට පසාරු කරගෙන යනවාද කියනවා නම් ඒකට පුළුවන් පිටින් පේන පුද්ගලයාවයි,* ඇතුළාන්තයෙන්* එයා ඇත්තටම මොන වගේ කෙනෙක්ද කියන දේයි වෙන් කරලා පෙන්නන්න. ඒකට පුළුවන් සන්ධිවලින් ඇටමිදුලු පවා වෙන් කරන්න. ඒ වගේම කෙනෙක් හිතන පතන දේ හෙළි කරන්න පුළුවන් හැකියාවත් ඒකට තියෙනවා. 13  අපි ගණන් දෙන්න ඕනෙ තැනැත්තාගේ ඇස් ඉස්සරහා හැම දෙයක්ම කිසිම වැස්මක් නැතුව පැහැදිලිව පේන්න තියෙනවා.+ ඔහුගෙන් හංගන්න පුළුවන් කිසිම දෙයක් නැහැ.+ 14  අපේ ශ්‍රේෂ්ඨ උත්තම පූජකයා දෙවියන්ගේ පුතා වන යේසුස්.+ ඔහු ස්වර්ගයට ඇතුල් වුණා. ඒ නිසා ඔහු ගැන අපිට තියෙන විශ්වාසය ගැන අපි අත්හරින්නේ නැතුව කතා කරමු.+ 15  අපිට ඉන්නේ අපේ දුර්වලකම් තේරුම්ගන්න බැරි* උත්තම පූජකයෙක් නෙමෙයි.+ ඒ වෙනුවට අපේ උත්තම පූජකයා අපි මූණ දෙන හැම පීඩාවකටම, ප්‍රශ්නෙකටම මූණ දීලා තියෙනවා. ඒත් ඔහු කිසිම වරදක් කළේ නැහැ.+ 16  එහෙමනම් මහත් කරුණාවක් පෙන්නන තැනැත්තාණන්ගේ සිංහාසනය ළඟට ගිහින් ලොකු නිසැකකමකින් අපි ඔහුට යාච්ඤා කරමු.+ එතකොට ඔහු අපිට දයාව පෙන්නයි. අපිට උදව් ඕනෙම කරන වෙලාවලදී ඔහුගේ මහත් කරුණාවත් අපිට ලැබෙයි.

පාදසටහන්

මෙතන කතා කරන්නේ ආදම් සහ ඒවගේ දරුවන් ගැන.
ග්‍රීක භාෂාවෙන් සීකී. “පැහැදිලි කිරීමක්” බලන්න.
ග්‍රීක භාෂාවෙන් නියුමා. “පැහැදිලි කිරීමක්” බලන්න.
හෝ, “දුර්වලකම් ගැන අනුකම්පාවක් දැනෙන්නේ නැති.”