හොෂෙයා 3:1-5

  • අනාචාරයේ යෙදුණ ඔහුගේ බිරිඳව හොෂෙයා ආයෙත් මිල දී ගනියි (1-3)

  • ඊශ්‍රායෙල් ආයෙත් යෙහෝවා ළඟට එයි (4, 5)

3  ඊටපස්සේ යෙහෝවා දෙවියන් මට මෙහෙම කිව්වා. “ඔයා දැන් ගිහින් වෙන පුරුෂයෙක්ගේ ආදරේ ලබන ඒ ස්ත්‍රියට ආයෙත් ආදරේ කරන්න. ඊශ්‍රායෙල්වරුන් වෙනත් දෙවිවරුන්ට නමස්කාර කරකර+ ලොකු ආශාවකින් ඒ දෙවිවරුන්ට වියළි මිදි කුට්ටි ඔප්පු කළත් යෙහෝවා වන මම එයාලට ආදරේ කරනවා.+ ඒ වගේ ඔයාත් අනාචාරයේ යෙදෙන ඒ ස්ත්‍රියට ආදරේ කරන්න.”+  ඉතින් මං රිදී ෂෙකෙල් 15කුත් බාර්ලි හෝමර* එකහමාරකුත් දීලා ඇයව මිල දී ගත්තා.  ඊටපස්සේ මං ඇයට මෙහෙම කිව්වා. “ඔයා දැන් අයිති මටයි. ඒත් මං ඔයා එක්ක සම්බන්ධකම් පවත්වන්නේ නැහැ. ඒ විදිහට කාලයක්ම මාත් එක්ක ඉන්න. ඔයාත් වෙන පුරුෂයෙක්ට ආදරේ කරන්නවත් අනාචාරයේ යෙදෙන්නවත් එපා.”  මොකද ඊශ්‍රායෙල්වරුන්ට හුඟ කාලයක් රජෙක්වත් පාලකයෙක්වත් නැතුව ඉන්න වෙනවා.+ ඒ කාලයේදී ඔවුන් කිසිම පූජාවක් ඔප්පු කරන්නේ නැහැ. නමස්කාරය වෙනුවෙන් කුලුනු ඉදි කරන්නෙත් නැහැ. ඔවුන්ට පූජකයෙක් ඉන්න*+ යන්නෙවත් ටෙරෆිම් රූපයක්*+ තියෙන්න යන්නෙවත් නැහැ.  පස්සේ කාලෙකදී ඊශ්‍රායෙල්වරු ආයෙත් ඔවුන්ගේ දෙවියන් වන යෙහෝවාවයි,+ ඔවුන්ගේ රජු වන දාවිත්වයි+ හොයාගෙන එනවා. යෙහෝවා දෙවියන්ගේ යහපත්කම අද්දකින්න තියෙන ආසාව නිසා අවසාන කාලයේදී ඔවුන් ලොකු ගරුබියක් ඇතුව* ඔහු ළඟට එයි.+

පාදසටහන්

හෝමරයක් කියන්නේ ලීටර් 220ක් (කි.ග්‍රෑ. 130ක් විතර). උප. B14 බලන්න.
මූ.අ., “ඒෆොද් ඇඳුමක් තියෙන්න.”
හෝ, “පවුලේ අය වැන්ද දෙවිවරුන්ගේ පිළිමයක්.”
මූ.අ., “වෙවුලමින්.”