හොෂෙයා 4:1-19

  • ඊශ්‍රායෙල් සෙනඟට විරුද්ධව යෙහෝවාට නඩුවක් තියෙනවා (1-8)

    • දෙවියන්ව නොදන්න අය විදිහට සෙනඟ වැඩ කරයි (1)

  • ඊශ්‍රායෙල්වරු බොරු දෙවිවරුන්ට වඳියි. අනාචාරයේ යෙදෙයි (9-19)

    • අනාචාරයට හිත් ඇදිලා නොමඟ යයි (12)

4  ඊශ්‍රායෙල්වරුනි, යෙහෝවා දෙවියන් කියන දේට සවන් දෙන්න.මේ දේශයේ වැසියන් අවංක නැහැ. ඔවුන්ගේ හිත්වල කිසිම ආදරයක්* නැහැ.දෙවියන්ව නොදන්න අය විදිහටයි ඔවුන් වැඩ කරන්නේ.+ඒ නිසා ඔවුන්ට විරුද්ධව යෙහෝවා දෙවියන්ට නඩුවක් තියෙනවා.+   බොරුවට දිවුරන එක, බොරු කියන එක,+ මිනී මැරුම්,+සොරකම්, අනාචාරය*+ දේශයේ අස්සක් මුල්ලක් නෑර පැතිරිලා.එක පිට එක මිනී මැරුම්+ සිද්ධ වෙනවා.   ඒ නිසා මුළු දේශයටම හඬා වැලපෙන්න වෙනවා.+එහේ ජීවත් වෙන හැමෝගෙම ශක්තිය හීන වෙනවා.ඔවුන් එක්කම වනසතුන්, කුරුල්ලන් සහ මත්ස්‍යයනුත් විනාශ වෙනවා.   “කිසිම කෙනෙක් මේ සෙනඟ එක්ක වාද කරන්නවත් ඒ අයට අවවාද කරන්නවත් එපා.+මොකද ඔවුන් පූජකයන් එක්ක වාද කරන අය වගේ හරිම මුරණ්ඩුයි.+   රාත්‍රි කාලයේදී කෙනෙක් පැටලිලා වැටෙනවා වගේ ඔබ මහ දවාලෙත් වැටෙනවා.අනාගතවක්තෘවරුනුත් ඔබත් එක්කම වැටෙනවා. මම ඔබේ මවව විනාශ* කරනවා.   මගේ සෙනඟ මාව හඳුනන්නේ නැති නිසා ඔවුන් විනාශ* වෙනවා. මාව හඳුනගන්න ඔබ අකමැති වුණ නිසා*+දිගටම මගේ පූජකයා විදිහට සේවය කරන්න මම ඔබට ඉඩ දෙන්නේ නැහැ.ඔබේ දෙවියන් දුන්න නීතිය* ඔබ අමතක කරපු නිසා+මමත් ඔබේ පුතුන්ව අමතක කරනවා.   පූජකයන් ගණනින් වැඩි වෙන්න වැඩි වෙන්න ඔවුන් තව තවත් මට විරුද්ධව පව් කළා.+ ඔවුන් උසස් තත්වයක හිටියත් මම ඔවුන්ව නින්දාවට පත් කරනවා.*   මගේ සෙනඟ කරන පව් නිසා පූජකයන් තර වෙනවා.*සෙනඟ පව් කරන කල් ඔවුන් කෑදරකමින් බලන් ඉන්නවා.   පූජකයන්ට අත් වෙන්නෙත් සෙනඟට අත් වෙන විනාශයමයි.ඔවුන්ට සිද්ධ වෙනවා මට ගණන් දෙන්න.ඔවුන් කරන වැරදිවලට මම ඔවුන්ට දඬුවම් කරනවාමයි.+ 10  ඇති තරම් කෑවත් ඔවුන් සතුටට පත් වෙන්නේ නැහැ.+ කැමති කැමති ස්ත්‍රීන් එක්ක දිගටම* අනාචාරයේ* යෙදුණත් ඔවුන්ට දරු සම්පත් ලැබෙන්නේ නැහැ.+මොකද යෙහෝවා වන මම කියන කිසිම දෙයක් ඔවුන් ගාණකටවත් ගන්නේ නැහැ. 11  අනාචාරය නිසා, පරණ සහ අලුත් වයින් නිසාහරි දේ කරන්න තියෙන අධිෂ්ඨානය නැති වෙලා යනවා.+ 12  මගේ සෙනඟ කන්නලව් කරන්නේ තමන්ම හදාගත්ත ලී රූපවලටයි.මඟ පෙන්වීම් ලබාගන්නේ ඔවුන්ගෙම සැරයටියෙන්.*අනාචාරයට හිත් ඇදිලා යන නිසා ඔවුන් නොමඟ යනවා.ඔවුන් මට පිටු පානවා. 13  ඔවුන් කඳු මුදුන්වල පූජා ඔප්පු කරයි.+උස්බිම් මත සුවඳ දුම් ඔප්පු කරයි.ඕක් ගස්, ස්ටෝරැක්ස් ගස් සහ වෙනත් දැවැන්ත ගස්වලින්+හොඳ සෙවණක් ලැබෙන නිසා ඔවුන් ඒ ගස් යට පූජා ඔප්පු කරයි. ඒ නිසයි ඔබේ දූවරුන් ගණිකාවන් වගේ හැසිරෙන්නේ,ඔබේ පුතුන්ගේ භාර්යාවන් අනාචාරයේ යෙදෙන්නේ. 14  ඔබේ දූවරුන් සහ ලේළිලා අනාචාරයේ යෙදුණත්මම ඔවුන්ට දඬුවම් කරන්නේ නැහැ. මොකද පුරුෂයනුත් ගණිකාවන් එක්ක යනවා.ඔවුන් දේවාලවල ඉන්න ගණිකාවන් එක්ක එකතු වෙලා පූජා ඔප්පු කරනවා.කිසි අවබෝධයක් නැතුව වැඩ කරන ඒ හැමෝටම+ අත් වෙන්නේ විනාශයයි. 15  ඊශ්‍රායෙල්වරු අනාචාරයේ යෙදුණත්+යූදා වැසියෙනි, ඔබ නම් ඒ පාපයට වැටෙන්න එපා.+ ගිල්ගාල්වලටවත්+ බෙත්ආවෙන්වලටවත්*+ යන්න එපා.‘යෙහෝවා ජීවමානයි කියන දේ ස්ථිරයි වගේම’ කියකිය දිවුරන්නත් එපා.+ 16  ඊශ්‍රායෙල් මුරණ්ඩු එළදෙනක් වගෙයි.+ ඉතින් යෙහෝවාට පුළුවන්ද ඇයව තණබිමක ඉන්නබැටළු පැටියෙක්ව බලාගන්නවා වගේ බලාගන්න? 17  එෆ්‍රායිම් වැසියෝ රූප නමස්කාරයට වහල් වෙලා.+ ඇයට කැමති දෙයක් කරන්න ඉඩහරින්න. 18  සෙනඟ මත්පැන්* බීලා ඉවර වුණාමහිතේ හැටියට අනාචාරයේ යෙදෙනවා. ඇගේ පාලකයන් නින්දාවට ප්‍රිය කරනවා.+ 19  සුළඟ ඇයව වෙළාගෙන ඈතට අරන් යයි.*ඔවුන් ඔප්පු කරපු පූජා ගැන ඔවුන්ම ලැජ්ජාවට පත් වෙයි.”

පාදසටහන්

හෝ, “නොසැලෙන ආදරයක්.”
ඒ කියන්නේ බිරිඳට හරි සැමියාට හරි ද්‍රෝහි වෙන එක.
මූ.අ., “නිහඬ.”
මූ.අ., “නිහඬ.”
මූ.අ., “දැනුම ප්‍රතික්ෂේප කරපු නිසා.”
හෝ, “මඟ පෙන්වීම්.”
හෝ සමහරවිට, “මට ගෞරව කරනවා වෙනුවට මට නින්දා කරනවා.”
ඒ කියන්නේ සෙනඟ පව් වෙනුවෙන් ඔප්පු කරන පූජා පූජකයන් කන්න බලාගෙන ඉන්නවා කියන එකයි.
හෝ, “ස්ත්‍රීන්ව ගණිකාවන් විදිහට සලකලා.”
හෝ, “ලිංගික දුරාචාරයේ.”
හෝ, “පේන කියන්න පාවිච්චි කරන සැරයටියෙන්.”
හොෂෙයා පොතේ බෙත්ආවෙන් (“දුක් දෙන ගෘහය”) කියන නම පාවිච්චි කරන්නේ බෙතෙල් (“දෙවියන්ගේ ගෘහය”) නගරයට අපහාසයක් විදිහටයි.
හෝ, “තිරිඟුවලින් හදන බියර්.”
හෝ, “සුළඟට ඇයව ගහගෙන යයි.”