හොෂෙයා 6:1-11

  • යෙහෝවාට ආයෙත් ළං වෙන්න කියලා කියයි (1-3)

  • මොහොතකින් නැති වෙලා යන ඊශ්‍රායෙල්වරුන්ගේ ආදරේ (4-6)

    • පූජාවට වඩා ආදරේ වටිනවා (6)

  • සෙනඟගේ පිළිකුල් හැසිරීම (7-11)

6  “ජනයෙනි, එන්න අපි යෙහෝවාට ආයෙත් ළං වෙමු.ඔහු අපිව කෑලි කෑලිවලට ඉරලා දැම්මත්+ ආයෙත් අපිව සුව කරයි. අපිට පහර දුන්නත් අපේ තුවාල වෙළුම් පටිවලින් බඳියි.   දවස් දෙකකට පස්සේ ඔහු අපිව ප්‍රාණවත් කරයි. තුන්වෙනිදා ඔහු අපිව නැඟිටුවයි.අපිට ආයෙත් ජීවිතේ දීලා ඔහුගේ ආදරේ දැනෙන්න සලස්වයි.   ඒ කාලයේදී අපි යෙහෝවා දෙවියන්ව දැන හඳුන ගන්නවා. තව තවත් හොඳින් දැන හඳුන ගන්න උත්සාහ කරනවා.ඔහුගේ පැමිණීම අලුයම ඉර උදා වෙනවා වගේ ස්ථිරයි.ඔහු අපි ළඟට එන්නේ පොළොවට ඇද හැලෙන වරුසාව වගෙයි.වසන්ත කාලයේ පොළොව නහවන වැස්ස වගෙයි.”   “අනේ එෆ්‍රායිම්, අනේ යූදා, ඔබට මං ගැන තියෙන ආදරේ* මොහොතකින් නැති වෙලා යන අලුයම මීදුම වගෙයි. සැණෙකින් නැති වෙලා යන පින්න වගෙයි.මං ඔබව කොහොම නිවැරදි මාර්ගයට ගන්නද?   ඒ නිසයි අනාගතවක්තෘවරුන්ගේ පණිවිඩවලින් මං ඔබට පහර* දෙන්නේ.+මගේ මුවින් නික්මෙන වචනවලින් මං ඔබව විනාශ කරන්නේ.+ එදාට ඔබ ලබන දඬුවම හිරු එළිය වගේ පැහැදිලිව දිස් වෙයි.+   මට වටින්නේ නොසැලෙන ආදරේ* මිසක් පූජාවන් නෙමෙයි.මං අගය කරන්නේ මාව දැන හඳුන ගෙන වැඩ කරන එක මිසක් දවන පූජාවන් නෙමෙයි.+   ඒත් අනිත් මිනිසුන් වගේ ඔවුනුත් මගේ ගිවිසුම කඩ කළා.+ ඔවුන්ගෙම දේශයේ ඉඳන් මට ද්‍රෝහිකම් කරනවා.   ගිලියද් දුෂ්ටයන්ගෙන් පිරුණු නගරයක්.+යනයන තැන දකින්න තියෙන්නේ ලේ තැවරුණු පිය සටහන්.*+   පූජකයන් මඟ රැකගෙන ඉන්න කොල්ලකරුවන් වගෙයි. ඔවුන්ගේ හිත් ඇදී යන්නේ පහත් දේවල් කරන්නමයි.ඔවුන් ෂීකෙම්+ නගරය ළඟ මිනී මරන්නේ ඒ නිසයි. 10  ඊශ්‍රායෙල් දේශයේ පිළිකුල් දෙයක් වෙනවා මම දැක්කා. එෆ්‍රායිම් අනාචාරයේ යෙදෙනවා.+ඊශ්‍රායෙල් හැම අතින්ම අපවිත්‍ර වෙලා!+ 11  ඒත් යූදා වැසියෙනි, මම ඔබව වහල්කමින් නිදහස් කරනවා.මං මගේ සෙනඟව සරුසාර අස්වැන්නක් වගේ එකතු කරගන්නවා.”+

පාදසටහන්

හෝ, “නොසැලෙන ආදරේ.”
ගහක් කපලා දානවා වගේ කියන අදහස මුල් භාෂාවේ තියෙනවා.
හෝ, “දයාව.”
ඒ කියන්නේ යනයන තැන ලේ හැලුවා.