හොෂෙයා 8:1-14

  • රූපවලට නමස්කාර කරපු නිසා නරක ප්‍රතිඵල නෙළාගනියි (1-14)

    • සුළඟ වපුරලා සුළිසුළඟ කපාගනියි (7)

    • ඊශ්‍රායෙල්වරු තමන්ගේ නිර්මාණකරුව අමතක කරලා (14)

8  “හොරණෑව පිඹින්න!+ සතුරා රාජාලියෙක් වගේ යෙහෝවා දෙවියන් වන මගේ ගෘහයට හදිස්සියෙන් කඩාවදියි.+මොකද මගේ සෙනඟ මගේ ගිවිසුමත්+ නීතියත් කඩ කරලා.+   ඒත් ඔවුන් මට කියන්නේ ‘අපේ දෙවියනි, අපි ඔබව හඳුනනවා’ කියලයි.+   ඊශ්‍රායෙල් යහපතට පයින් ගැහුවා.+ ඔවුන්ව සතුරාගේ අතට හසු වේවා!   ඔවුන් හිතුමනාපෙට රජවරුන්ව පත් කරගත්තා. මගෙන් අහන්නේ නැතුව පාලකයන්ව පත් කරගත්තා. ඔවුන්ගේ රන් රිදීවලින් දෙවිවරුන්ගේ රූප හදාගත්තා.+ඒ නිසා ඔවුන්ට අත් වෙන්නේ විනාශයයි.+   සමාරියේ ජනයෙනි, ඔබ හදාගත්ත වස්සා මට පිළිකුලක්.+ මගේ කෝපය ඔබට විරුද්ධව ඇවිළෙයි.+ ඔබේ සිත් පිරිසිදු කරගන්න තව කොච්චර නම් කාලයක් ගත වෙයිද?   සමාරිවරුන්ගේ වස්සා සුනුවිසුනු වෙලා යයි.මොකද ඒක ඊශ්‍රායෙල් සෙනඟ කරපු නිර්මාණයක්. ඒක ඔවුන් හදපු රූපයක් විතරයි.ඒකට සැබෑ දෙවියන් කියලා කියන්නේ කොහොමද?   ඔවුන් සුළඟ වපුරලා සුළිසුළඟ කපාගනියි.+ඔවුන්ගේ කෙත්වල පැළ හටගත්තත් කරල් පීදෙන්නේ නැහැ.+ කරල් ආවත් ඒවාවලින් පිටි ලබාගන්න බැහැ.පිටි ලැබුණත් විදේශිකයන් ඇවිත් ඒවා කාලා දානවා.+   ඊශ්‍රායෙල්වරු සතුරාගේ අතට හසු වෙයි.+ ඔවුන් අහක දාන භාජනයක් වගේ.ඔවුන්ව වෙනත් ජාතීන් අතරට වීසි කරලා දානවා.+   ඔවුන් හිතුමනාපෙට ඇසිරියාවට ගිහින්.+ඔවුන් වැඩ කරන්නේ හීලෑ නැති බූරුවෙක් වගේ. එෆ්‍රායිම් වැසියන් ගණිකාවන්ව කුලියට අරන්.+ 10  ඔවුන් වෙනත් ජාතීන්ගෙන් ගණිකාවන්ව කුලියට ගන්නවා.ඒත් මම දැන් එෆ්‍රායිම් වැසියන්ව රැස් කරනවා.රජු නිසාත් පාලකයන් නිසාත් ඔවුන්ට පීඩා විඳින්න වෙනවා.+ 11  එෆ්‍රායිම් පූජාසන ගණනාවක් හදාගෙන පව් කළා.+ ඒ පූජාසන නිසා ඔවුන් තව තවත් පාපයට ඇද වැටුණා.+ 12  මං හුඟක් නීති* ඔවුන්ට ලියලා දුන්නා.ඒත් ඔවුන් ඒවා ගාණකටවත් ගත්තේ නැහැ.+ 13  ඔවුන් තෑගි විදිහට මට පූජා ඔප්පු කරලා ඒ මස් කනවා.ඒත් යෙහෝවා වන මට ඒ පූජා පිළිකුලක්.+ දැන් මම ඔවුන්ගේ පාප සිහි කරලා ඔවුන්ට දඬුවම් කරනවා.+ඔවුන් ආයෙත් ඊජිප්තුවට ගිහින්.*+ 14  ඊශ්‍රායෙල්වරු තමන්ගේ නිර්මාණකරුව අමතක කරලා+ දේවාල හදාගත්තා.+යූදා වැසියන් බලකොටුවලින් වට වුණු නගරවල් ගණනාවක් හැදුවා.+ ඒ නගරවලට මං ගින්නක් එවනවා.ඒ නගරවල තියෙන හැම මාලිගාවක්ම ඒ ගින්නෙන් විනාශ වෙලා යනවා.”+

පාදසටහන්

හෝ, “මඟ පෙන්වීම්.”
හෝ සමහරවිට, “ආයෙත් ඊජිප්තුවට යයි.”