හොෂෙයා 9:1-17

  • එෆ්‍රායිම් කරන වැරදි නිසා දෙවියන් ඔවුන්ව ප්‍රතික්ෂේප කරයි (1-17)

    • පිළිකුල් දෙවියාට මුළු ජීවිතේම කැප කරයි (10)

9  “ඊශ්‍රායෙල්, ඔබ සතුටු වෙන්නවත්+ වෙනත් ජාතීන් වගේ විනෝද වෙන්නවත් එපා.ඔබේ දෙවියන්ව අත්හැරලා ඔබ අනාචාරයේ* යෙදෙනවා.+ ඔබේ කමත්වල ඔබ ගණිකාවන් වගේ හැසිරෙනවා.ඒකට දෙන කුලිය හරිම සතුටින් අරන් යනවා.+   කමතෙන් කෑමවත් මිදි යන්ත්‍රයෙන් වයින්වත් ඔබට ලැබෙන්නේ නැහැ.ඔබ අලුත් වයින්වලින් තෘප්තියට පත් වෙන්නෙත් නැහැ.+   ඔබ යෙහෝවා දෙවියන්ගේ දේශයේ තව වැඩි කල් ජීවත් වෙන්නේ නැහැ.+එෆ්‍රායිම්ට ආයෙත් ඊජිප්තුවට යන්න වෙයි.ඇසිරියාවේදී අපවිත්‍ර දේ කන්න වෙයි.+   ඔවුන්ට ඒ කාලයේදී යෙහෝවාට පාන පූජා* ඔප්පු කරන්න ලැබෙන්නේ නැහැ.+ඔවුන්ගේ පූජාවලින් දෙවියන් සතුටට පත් වෙන්නේ නැහැ.+ ඒවා මළ ගෙවල්වල දෙන කෑම වගෙයි.ඒ පූජා කන හැමෝම අපවිත්‍ර වෙනවා. ඒවාවලින් වෙන්නේ ඔවුන්ගේ බඩගින්න නිවෙන එක විතරයි.ඒවා යෙහෝවාගේ ගෘහයට ගෙනියන්න සුදුසු නැහැ.   ශුද්ධ එක්රැස්වීම් පවත්වන දවස්වලදීත්යෙහෝවා දෙවියන් වෙනුවෙන් උත්සව පවත්වන දවස්වලදීත්ඔබ කරන්න යන්නේ මොනවාද?   දේශය විනාශ වෙද්දී ඔබට පලා යන්න වෙයි.+ ඔබ ඊජිප්තුවරුන්ගේ අතට හසු වෙයි.+ඔබේ මළ සිරුරු මෙම්ෆිස් නගරයේ තැන්පත් කරයි.+ ඔබේ වටිනා රිදී භාණ්ඩ කටු ගස් අතරේ සැඟවිලා යයි.ඔබේ කූඩාරම් කටු පඳුරුවලින් වැහිලා යයි.   ඊශ්‍රායෙල්ව විනිශ්චය කරන දවස අනිවාර්යයෙන්ම එයි.+ඔහුගේ වැරදිවලට දඬුවම් ලැබෙනවාමයි. ඔහුගේ අනාගතවක්තෘවරුන් මෝඩයන් කියලත්දෙවියන්ගේ නමින් බොරු පණිවිඩ කියන අය සිහිවිකල් වුණු අය කියලත්ඊශ්‍රායෙල්ට එදාට පිළිගන්න සිද්ධ වෙනවා.ඔවුන් සීමාවක් නැතුව වැරදි කරන නිසාඔවුන්ට විරුද්ධව දෙවියන්ගේ කෝපය තව තවත් ඇවිළෙයි.”   එෆ්‍රායිම්වල මුරකරුවා+ මගේ දෙවියන් එක්කම හිටියා.+ ඒත් දැන් ඔහුගේ අනාගතවක්තෘවරුන්+ කරන හැම දේමකුරුලු දඩයක්කරුවෙක් අටවන උගුල් වගේ.එෆ්‍රායිම්ගේ දෙවියන්ගේ ගෘහයේ සතුරුකමක් තියෙනවා.   අතීතයේ ගිබෙයාවල හිටපු වැසියන් වගේ ඔවුනුත් හැම අතින්ම පිරිහිලා.+ දෙවියන් ඔවුන්ගේ වැරදි සිහි කරලා ඔවුන්ට දඬුවම් කරයි.+ 10  “ඊශ්‍රායෙල්ව හොයාගද්දී මං ඔහුව දැක්කේ පාළුකරයේ තිබුණ මිදිපොකුරක් වගේ.+ ඔබේ මුතුන්මිත්තන්ව මං දැක්කේ හරියට අත්තික්කා ගහේ මුල් පලදාව වගේ. ඒත් ඔවුන් පෙයෝර් කන්දේ බාල් දෙවියා පස්සේ ගියා.+පිළිකුල් දේට* ඇලුම් කරපු ඔවුන් මුළු ජීවිතේම ඒකට කැප කළා.+දැන් ඔවුනුත් මට පිළිකුලක්. 11  කුරුල්ලෙක් ඉගිල්ලිලා යනවා වගේ එෆ්‍රායිම්ගේ තේජස නැති වෙලා යයි.එහේ ඉන්න කාන්තාවන් දරුවන්ව පිළිසිඳගන්නෙවත් බිහි කරන්නෙවත් නැහැ.+ 12  ඔවුන් දරුවන්ව බිහි කළත්උස් මහත් වෙන්න කලින් ඒ දරුවන් මිය යයි.+මං ඔවුන්ව අත්හැරලා යද්දී ඔවුන්ට අද්දකින්න වෙන්නේ මොන තරම් වේදනාවක්ද!+ 13  මං එෆ්‍රායිම්ව සැලකුවේ, සරුබිමක තියෙන තීර් දේශය වගේ.+ඒත් එෆ්‍රායිම්ට සිද්ධ වෙනවා තමන්ගේ දරුවන්ව මිනීමරුවෙකුට භාර දෙන්න.” 14  යෙහෝවා දෙවියනි, ඔවුන්ට ලැබෙන්න ඕනෙ දඬුවම දෙන්න.ඔවුන්ට දරුපලවත් කිරි එරෙන පියයුරුවත් දෙන්න එපා. 15  “ඔවුන් ගිල්ගාල්+ නගරයේදී කරන්න පුළුවන් හැම දුෂ්ටකමක්ම කළා. මම ඔවුන්ව හෙළා දකිනවා.ඔවුන්ගේ දුෂ්ටකම් නිසා මම මගේ ගෘහයෙන් ඔවුන්ව පන්නලා දානවා.+ තවත් නම් මම ඔවුන්ට ආදරේ කරන්නේ නැහැ.+ඔවුන්ගේ හැම පාලකයෙක්ම මුරණ්ඩුයි. 16  එෆ්‍රායිම්ව ගහක් වගේ කපලා දානවා.+ ඒකේ මුල් වියළී යනවා. ඒකෙන් කිසි පලදාවක් ලැබෙන්නේ නැහැ. ඔවුන් දරුවන් බිහි කළත් ආදරයෙන් හදා වඩා ගන්න ඒ දරුවන්ව මම විනාශ කරනවා.” 17  ඔවුන් දෙවියන්ට ඇහුම්කන් දුන්නේ නැහැ.+ඒ නිසා මගේ දෙවියන් ඔවුන්ව ප්‍රතික්ෂේප කරනවා.ඔවුන් ජාතීන් අතරේ මංමුළා වෙනවා.+

පාදසටහන්

හෝ, “ලිංගික දුරාචාරයේ.”
මූ.අ., “වයින්.”
හෝ, “දෙවියාට.”