ෆිලිප්පිවරුන්ට 2:1-30
2 ක්‍රිස්තුස් මාර්ගයෙන් ඔයාලා අනිත් අයව දිරිගන්වන්න. ආදරෙන් අනිත් අයව සනසන්න. එකිනෙකා ගැන සැලකිල්ලක්, අනුකම්පාවක්, සෙනෙහසක් පෙන්නන්න.
2 එකා වගේ හිතන්න. හැමෝටම එක වගේ ආදරේ කරන්න. වැඩ කරන විදිහෙනුයි, හිතන විදිහෙනුයි එක්සත්ව ඉන්න.+ ඔයාලා එහෙම කරනවා නම් මට දැනෙන සතුට තවත් වැඩි වෙයි.
3 දෙයක් කරද්දී අනිත් අය එක්ක තරඟෙටවත්+ තමන් ගැන මහ ඉහළින් හිතලවත්+ ඒක කරන්න එපා. ඒ වෙනුවට නිහතමානී වෙන්න. ඔයාට වඩා අනිත් අය වැදගත් කියලා හිතලා වැඩ කරන්න.+
4 ඔයා ගැනම විතරක් හිතන්නේ නැතුව+ අනිත් අය ගැනත් හිතලා වැඩ කරන්න.+
5 ක්‍රිස්තුස් යේසුස් හිතපු විදිහටම දිගටම හිතන්න.+
6 ඔහු දෙවියන්ට සමානකමක් තිබුණත්+ තමන් දෙවියන්ට සමාන වෙන්න ඕනෙ කියලා කොයිම වෙලාවකවත් හිතුවේ නැහැ.+
7 ඒ වෙනුවට ඔහු තමන්ට තිබුණ හැම දේම අතහැරලා* දාසයෙක්ගේ තැන+ ගන්න කැමති වුණා. ඔහු මිනිසෙක් වුණා.+
8 ඒ විතරක් නෙමෙයි ඔහු මිනිසෙක් විදිහට ආවාම යටහත්පහත් වෙලා කීකරු වුණා. කොච්චරද කියනවා නම් මරණය අද්දකින කල්ම, වධකණුවක*+ මරණය අද්දකින කල්ම ඔහු දෙවියන්ට කීකරු වුණා.+
9 ඒ නිසයි කලින් හිටියාටත් වඩා උසස් තත්වයක් දෙවියන් ඔහුට දීලා+ අනිත් හැම නමකටම වඩා උසස් නමක් ඔහුට දුන්නේ.+
10 දෙවියන් එහෙම කළේ ස්වර්ගයෙත් පොළොවෙත් පොළොව යටත්* ඉන්න හැමෝම යේසුස්ගේ නමට ගෞරව කරනවා* දකින්නයි.+
11 ඒ වගේම යේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් කියලා හැම කෙනෙක්ම ප්‍රසිද්ධියේ පිළිගන්නවා දකින්නයි.+ එහෙම වෙද්දී අපේ තාත්තා වන දෙවියන්ට ගෞරවය ලැබෙනවා.
12 ඉතින් මගේ ආදරණීය සහෝදරයෙනි, ඔයාලා හැම දේකදීම කීකරු වෙනවා කියලා පෙන්නලා තියෙනවා. මම ඔයාලා එක්ක ඉද්දී විතරක් නෙමෙයි මම නැති තැනත් ඔයාලා කලින්ටත් වඩා කීකරුයි කියලා පෙන්නලා තියෙනවා. ඒ නිසා මං ඔයාලට උනන්දු කරන්නේ ගැලවීම ලබාගන්න ඔයාලා එක් එක් කෙනා ඔයාලට කරන්න පුළුවන් හැම දේම කරන්න කියලයි. දෙවියන් ගැන ලොකු ගෞරවයක්, ලොකු බයක් ඇතුව* එහෙම කරන්න.
13 මොකද ඔයාලව ශක්තිමත් කරන්නේ දෙවියන්. ඔහු සතුටු වෙන දේ කරන්න ඔහු ඔයාලට ශක්තිය දෙනවා වගේම ඒ දේ කරන්න ඔයාලාගේ හිතේ ආසාවකුත් ඇති කරනවා.
14 ඔයාලා මොන දේ කළත් කන්කෙඳිරි ගාන්නේ නැතුව,+ වාද කරන්නේ නැතුව+ ඒක කරන්න.
15 එතකොට ඔයාලට පුළුවන් වෙයි නිර්දෝෂ, කිසිම කපටිකමක් නැති අය වෙන්න. දෙවියන්ගේ දරුවන්+ වන ඔයාලා දුෂ්ට, පව්කාර පරම්පරාවක්+ අතරේ හිටියත් අවංක විදිහට ජීවත් වෙලා* දීප්තිමත් ආලෝකයක් වගේ බැබළෙන්න.+
16 ජීවනය ලබා දෙන වචනය තදින් අල්ලගෙන ඉන්න.+ එතකොට ක්‍රිස්තුස්ගේ දවසේදී මට ගොඩක් සතුටු වෙන්න පුළුවන්. මොකද එදාට මට දැනගන්න පුළුවන් මං කිසිම තේරුමක් නැතුව ඔහේ දිව්වේ නැහැ කියලා. මගේ මහන්සිය අපතේ ගියේ නැහැ කියලා.
17 ඔයාලා විශ්වාසවන්තව දෙවියන්ට කරන සේවය* සහ ඔයාලා ඔප්පු කරන පූජාව+ එක්ක මාව පාන පූජාවක් වගේ සම්පූර්ණයෙන්ම වක් කළත්+ ඒ ගැන මං සතුටු වෙනවා. ඒ විදිහට ඔයාලා කරන සේවයට හවුල් වෙන්න මටත් අවස්ථාව ලැබෙන නිසා ඔයාලා හැමෝම එක්ක මං සතුටු වෙනවා.
18 මාත් එක්ක සතුටු වෙන්න කියලා මං ඔයාලාගෙනුත් ඉල්ලනවා.
19 වැඩි දවසක් යන්නේ නැතුව තිමෝතිව+ ඔයාලා ළඟට එවන්න ස්වාමීන් වන යේසුස් මට ඉඩ දෙයි කියලා මං හිතනවා. එතකොට එයාගෙන් ඔයාලා ගැන විස්තර දැනගෙන දිරිගැන්වීමක් ලබන්න මට පුළුවන් වෙයි.
20 ඔයාලා ළඟට එවන්න එයා වගේ කෙනෙක් මට තවත් නැහැ. එයා ඔයාලා ගැන අවංකවම සැලකිලිමත් වෙයි.
21 අනිත් හැමෝම හිතන්නේ තමන්ගේ වාසිය ගැන විතරයි. එයාලා යේසුස් ක්‍රිස්තුස් බලාපොරොත්තු වෙන දේ ගැන හිතන්නේ නැහැ.
22 ඒත් තිමෝති ඒ වගේ කෙනෙක් නෙමෙයි කියලා ඔයාලා හොඳටම දන්නවා. තාත්තා කෙනෙක් එක්ක ඉන්න දරුවෙක් වගේ+ එයා මාත් එක්ක එකට එකතු වෙලා ශුභාරංචිය දේශනා කරන්න ගොඩක් මහන්සි වෙලා වැඩ කළා.
23 මාව නිදහස් කරයිද නැද්ද කියලා දැනගත්ත ගමන්ම ඔයාලා ළඟට මං එවන්න හිතාගෙන ඉන්නේ එයාවයි.
24 ඇත්තටම මට විශ්වාසයි ඔයාලා ළඟට ඉක්මනින්ම එන්න ස්වාමීන් මටත් ඉඩ දෙයි කියලා.+
25 ඒත් දැනට මං මගේ සහෝදරයා සහ හවුල් සේවකයා වන එපෆ්‍රොදිතස්ව ඔයාලා ළඟට එවනවා. මං වගේම එයාත් ක්‍රිස්තුස්ගේ හේවායෙක්. එයා ඔයාලාගේ පණිවිඩකරු විදිහට සේවය කළා විතරක් නෙමෙයි මං ළඟින්ම ඉඳන් සේවකයෙක් වගේ මට උදව් කළා.+
26 ඔයාලා හැමෝවම දැක බලා ගන්න එයා ඉන්නේ හරිම ආසාවෙන්. ඒ නිසයි මං එයාව එවන්නේ. ඒත් එයා අසනීප වුණා කියලා ඔයාලට ආරංචි වුණ නිසා එයා ඉන්නේ දුකෙන්.
27 ඇත්තටම එයා ගොඩක් අසනීප වුණා. තව පොඩ්ඩෙන් එයා මැරෙන්නත් ඉඩ තිබුණා. ඒත් දෙවියන් එයාට දයාව පෙන්නුවා. එයාට විතරක් නෙමෙයි දෙවියන් මටත් දයාව පෙන්නුවා. මොකද එයාට මොනවා හරි වුණා නම් මට දැනෙන දුක තවත් වැඩි වෙයි.
28 ඉතින් පුළුවන් ඉක්මනින් මං එයාව ඔයාලා ළඟට එවනවා. එයාව දැක්කාම ඔයාලට ලොකු සතුටක් දැනෙයි කියලා මං හිතනවා. එතකොට ඔයාලා ගැන තවත් කරදර වෙන්නේ නැතුව ඉන්න මට පුළුවන්.
29 ඉතින් ඔයාලා සාමාන්‍යයෙන් සහෝදරයන්ව* පිළිගන්න විදිහට එයාවත් හරිම ආදරෙන් පිළිගන්න. ඒ වගේ පුරුෂයන්ව ඔයාලට ගොඩක් වටිනවා කියලා පෙන්නන්න.+
30 මොකද ක්‍රිස්තුස්* වෙනුවෙන් සේවය කරන්න ගිහින් එයා මරණයටම ළං වුණා. ඔයාලට මං වෙනුවෙන් කරන්න බැරි වුණ දේ එයා මං වෙනුවෙන් කළා. එහෙම කළේ එයාගේ ජීවිතේ පවා අනතුරේ දාලා.+
පාදසටහන්
^ මූ.අ., “තමාව හිස් කරගෙන.”
^ “පැහැදිලි කිරීමක්” බලන්න.
^ මූ.අ., “දණ නමනවා.”
^ ඒ කියන්නේ නැවත නැඟිටින අය.
^ මූ.අ., “බයෙන් වෙවුල වෙවුල.”
^ හෝ, “නිකැළැල් ජීවිතයක් ගත කරලා.”
^ හෝ, “මිනිස්සු වෙනුවෙන් කරන සේවය.”
^ හෝ, “ස්වාමීන්ගේ අනුගාමිකයන්ව.”
^ හෝ සමහරවිට, “ස්වාමීන්.”