ෆිලිප්පිවරුන්ට 3:1-21

  • මිනිස්සු වැදගත් කියලා සලකන දේවල් ගැන විශ්වාසය තියන්න එපා (1-11)

    • ක්‍රිස්තුස් නිසා අනිත් හැම දේම කිසිම වටිනාකමක් නැහැ (7-9)

  • ඉස්සරහා තියෙන දේවල් අල්ලගන්න ලොකු උත්සාහයක් ගන්නවා (12-21)

    • පුරවැසිභාවය තියෙන්නේ ස්වර්ගයේ (20)

3  ඉතින් මගේ සහෝදරයෙනි, ස්වාමීන් නිසා දිගටම සතුටින් ඉන්න.+ එකම දේවල් ගැන ආයේ ඔයාලට ලියන එක මට කරදරයක් නෙමෙයි. මං එහෙම කරන්නේ ඔයාලාගෙම හොඳට.  බල්ලන් වගේ හැසිරෙන අයගෙන්* පරෙස්සම් වෙන්න. අනිත් අයට හානියක් වෙන විදිහට වැඩ කරන අය ගැනත් විමසිල්ලෙන් ඉන්න. චර්මච්ඡේදනය වෙන්නම ඕනෙ කියලා කියන අයගෙනුත්* පරෙස්සම් වෙන්න.+  දෙවියන්ගේ බලයේ මඟ පෙන්වීමට එකඟව ඔහුට පරිශුද්ධ සේවයක් කරන අපිව තමයි සැබවින්ම චර්මච්ඡේදනය කරලා තියෙන්නේ.+ ඒ වගේම අපි විශ්වාසය තියන්නේ ක්‍රිස්තුස් යේසුස් ගැන+ මිසක් මිනිස්සු වැදගත් කියලා සලකන දේවල් ගැන නෙමෙයි.  ඇත්තටම මිනිස්සු වැදගත් කියලා සලකන දේවල් ගැන කතා කරනවා නම් මං තරම් ඒ ගැන කතා කරන්න පුළුවන් කෙනෙක් තවත් නැහැ. කවුරු හරි හිතනවා නම් තමන් වැදගත් කියලා, එයාට වඩා එහෙම හිතන්න මට හේතු තියෙනවා.  මම ඊශ්‍රායෙල් ජාතියට අයිති කෙනෙක්. මගේ ගෝත්‍රය බෙන්ජමින් ගෝත්‍රය. අටවෙනි දවසේදී මාව චර්මච්ඡේදනය කළා.+ මගේ අම්මායි, තාත්තායි දෙන්නාම හෙබ්‍රෙව් ජාතිකයන්. ඉතින් මමත් හෙබ්‍රෙව් ජාතිකයෙක්.+ පරිසිවරයෙක්* විදිහට මම නීතිය අකුරටම පිළිපැද්දා.+  මට තිබුණ උද්‍යෝගය නිසා මම සභාවට පීඩා කළා.+ නීතියේ තිබුණ දේවල් ඒ විදිහටම පිළිපැදලා මං නිර්දෝෂ කෙනෙක් කියලා ඔප්පු කරලා පෙන්නුවා.  දැන් මං ක්‍රිස්තුස්ගේ අනුගාමිකයෙක් නිසා මට වාසියක් වුණ ඒ දේවල් මං සලකන්නේ කිසිම වටිනාකමක් නැති දේවල් විදිහට.*+  ඇත්තටම මගේ ස්වාමීන් වන ක්‍රිස්තුස් යේසුස් ගැන ලබාගන්න පුළුවන් දැනුම මිල කරන්න බැහැ. ඒ දැනුමත් එක්ක බලද්දී අනිත් හැම දෙයක්ම මං සලකන්නේ කිසිම වටිනාකමක් නැති දේවල් විදිහට. ඔහු වෙනුවෙන් මං හැම දෙයක්ම අතහැරියා. ක්‍රිස්තුස් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න මට තියෙන කැමැත්ත නිසා අතහැරපු හැම දේම මං දැන් සලකන්නේ කුණු විදිහට.  මං එහෙම කළේ ඔහු එක්ක එකට බැඳිලා ඉන්නයි. මාව ධර්මිෂ්ඨ කෙනෙක් විදිහට සලකන්නේ මං නීතියේ තියෙන විදිහට හැම දෙයක්ම කරපු නිසා නෙමෙයි. ඒ වෙනුවට ක්‍රිස්තුස්+ ගැන විශ්වාසය තියලා හරි දේ කරන නිසයි.+ දෙවියන් තමයි කෙනෙක්ගේ විශ්වාසය දිහා බලලා එයා ධර්මිෂ්ඨයි කියලා තීරණය කරන්නේ.+ 10  මං කැමැත්තෙන් ඉන්නේ ක්‍රිස්තුස් ගැනත් ඔහුගේ නැවත නැඟිටීම කොච්චර බලවත්ද+ කියන එක ගැනත් දැනගන්නයි. මට ඕනෙ ඔහු වගේ දුක් විඳින්නයි.+ ඔහු අද්දැක්කා වගේ මරණයක් අද්දකින්න වුණත් මං කැමතියි.+ 11  ඒ, කලින්ම සිද්ධ වෙන නැවත නැඟිටීම ලබාගන්න මට තියෙන ආසාව නිසයි.+ 12  ඒ තෑග්ග මට දැනටමත් ලැබිලවත් මං පරිපූර්ණ තත්වයට ඇවිල්ලවත් නැහැ. ඒත් ඒ තෑග්ග ලබාගන්න මට කරන්න පුළුවන් හැම දේම මං කරනවා.+ මොකද ක්‍රිස්තුස් යේසුස් මාව තෝරගත්තේ ඒ වෙනුවෙන් කියලා මං දන්නවා.+ 13  සහෝදරයෙනි, ඒ තෑග්ග මගේ අතට ලැබිලා කියලා මං තාම හිතන්නේ නැහැ. ඒත් මේ දේ මට විශ්වාසයෙන් කියන්න පුළුවන්. අතහැරපු දේවල් අමතක කරලා දාලා+ ඉස්සරහා තියෙන දේවල් අල්ලගන්න+ මං ලොකු උත්සාහයක් ගන්නවා. 14  මගේ ඉලක්කයට ළං වෙන්න ඒ කියන්නේ මගේ තෑග්ග ලබාගන්න මට කරන්න පුළුවන් හැම දේම මං කරනවා.+ ඒ තෑග්ග තමයි ස්වර්ගයේ ජීවත් වෙන්න දෙවියන්ගෙන් මට ලැබුණ කැඳවීම.+ ඒ කැඳවීම ලැබුණේ යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන්. 15  අවබෝධයෙන් වැඩ කරන අපි+ හැමෝම හිතන්න ඕනෙ මං ඔයාලට කියපු දේවල්වලට එකඟවයි. ඔයාලාගෙන් කවුරු හරි ඊට වඩා වෙනස් විදිහකට හිතනවා නම් මං කියපු දේවල්වලට එකඟව හිතන්න දෙවියන් ඒ කෙනාට උදව් කරයි. 16  මේ වෙන කල් අපි ලබලා තියෙන දියුණුව මොකක් වුණත් දිගටම ඒ විදිහටම අපි ඉස්සරහට යමු. 17  සහෝදරයෙනි, ඔයාලා හැමෝම මාව ආදර්ශයට ගන්න උත්සාහ කරන්න.+ ඔයාලා වෙනුවෙන් අපි තියපු ආදර්ශය අනුගමනය කරන අය දිහා හොඳින් බලන්න. 18  මොකද වධකණුවේ* ක්‍රිස්තුස් අද්දැක්ක මරණය හෙළා දකින, හතුරන් වගේ වැඩ කරන ගොඩක් අය දැන් ඉන්නවා. මම ඒ වගේ අය ගැන කීප සැරයක්ම ඔයාලට කියලා තියෙනවා. ඒත් එයාලා ගැන දැන් කතා කරද්දී මගේ ඇස්වලට කඳුළුත් එනවා. 19  අන්තිමට එයාලට ලැබෙන්නේ විනාශය. එයාලාගෙම ආශාවන්* තමයි එයාලාගේ දෙවියන්. එයාලා කරන ජරා වැඩ ගැන එයාලා ආඩම්බර වෙනවා. එයාලා හිතන්නේ මේ පොළොවේ තියෙන දේවල් ගැන විතරයි.+ 20  ඒත් අපේ පුරවැසිභාවය+ තියෙන්නේ ස්වර්ගයේ.+ අපි හරිම ආසාවෙන් බලාගෙන ඉන්නේ ස්වර්ගයේ ඉන්න ගැලවුම්කරු එන කල්. ඔහු තමයි ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්.+ 21  ඔහු අපේ දුර්වල ශරීර වෙනස් කරලා ඔහුගේ ශරීරය වගේ තේජවත් එකක් කරනවා.+ ඔහු ඒ දේ කරන්නේ ඔහුගේ මහත් බලය පාවිච්චි කරලයි. හැම දෙයක්ම ඔහු යටතට ගන්න ඔහු පාවිච්චි කරන්නෙත් ඒ බලයමයි.+

පාදසටහන්

ඒ කියන්නේ අපවිත්‍ර අයගෙන්.
හෝ, “ශරීරය කපාගන්න අයගෙනුත්.”
හෝ සමහරවිට, “මට වාසියක් වුණ ඒ දේවල් ක්‍රිස්තුස් වෙනුවෙන් මං කැමැත්තෙන්ම අතහැරියා.”
මූ.අ., “බඩ.”