පළවෙනි කොරින්ති 4:1-21

  • සේවකයන් විශ්වාසවන්ත අය වෙන්න ඕනේ (1-5)

  • දේවසේවකයන්ගේ නිහතමානිකම (6-13)

    • “ලියලා තියෙන දේවලට එහායින් දෙයක් කරන්න එපා” (6)

    • ක්‍රිස්තියානීන් හැමෝම ඉස්සරහා ප්‍රදර්ශනය වෙයි (9)

  • පාවුල් එයාගේ ආදරණීය දරුවන් ගැන සැලකිලිමත් (14-21)

4  මිනිස්සු අපිව දකින්න ඕනෙ ක්‍රිස්තුස් යටතේ සේවය කරන, දෙවියන්ගේ පරිශුද්ධ රහස් භාර දීලා තියෙන අය විදිහටයි.+  ඒ වගේ සේවකයන්ගෙන් විශ්වාසවන්තකම බලාපොරොත්තු වෙනවා.  ඔයාලා මාව විභාග කළා කියලවත් උසාවියකින් මාව විභාග කළා කියලවත් ඒක මට එච්චර වැදගත් නැහැ. ඇත්තටම මංවත් මං ගැන විනිශ්චයක් දෙන්නේ නැහැ.  මගේ අතින් වරදක් වෙලා තියෙනවා කියලා මට දැනෙන්නේ නැහැ. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ නැහැ මම ධර්මිෂ්ඨයෙක් කියලා. මොකද යෙහෝවා* තමයි මාව සෝදිසි කරලා බලන්නේ.+  ඉතින් නියමිත කාලේ එන කල් කිසිම දෙයක් විනිශ්චය කරන්න එපා.+ ස්වාමීන් ආවාම අඳුරේ හංගලා තියෙන රහස් එළියට ගනියි. හැම කෙනෙක්ගෙම හිතේ තියෙන දේවල් ඔහු හෙළි කරයි. එක් එක් කෙනා ලබන්න වටින ප්‍රශංසාව එතකොට දෙවියන් එයාලට දෙයි.+  සහෝදරයෙනි, මම මං ගැනයි, අපොලොස්+ ගැනයි ඔයාලට කිව්වේ වැදගත් කාරණයක් ඔයාලට පැහැදිලි කරලා දෙන්න. අපේ ආදර්ශයෙන් ඔයාලා මේ වැදගත් දේ ඉගෙනගන්න ඕනේ. “ලියවිලිවල ලියලා තියෙන දේවලට එහායින් දෙයක් කරන්න එපා.” නීතියක් විදිහට සලකලා ඔයාලා ඒ දේ පිළිපැද්දොත් ඔයාලා අහංකාරකමින් ඉදිමෙන්නෙවත්+ එක් කෙනෙක්ට වඩා තව කෙනෙක්ට විශේෂ සැලකිලි පෙන්නන්නෙවත් නැහැ.  තව කෙනෙක්ට වඩා ඔයා උසස් කියලා හිතන්න ඔයාට මොනවාද තියෙන්නේ? ඔයාට තියෙන හැම දෙයක්ම දුන්නේ දෙවියන් නෙමෙයිද?+ හැම දෙයක්ම ලැබුණේ දෙවියන්ගෙන් නම් ඒවා ඔයාගේ හැකියාවෙන් ලබාගත්තා වගේ ලොකුවට කියවන්නේ ඇයි?  ඔයාලා ලබාගන්න ආසාවෙන් ඉන්න හැම දෙයක්ම දැනටමත් ලැබිලා කියලද හිතන්නේ? ඔයාලා පොහොසත් කියලා හිතනවාද? අපි නැතුව ඔයාලා දැනටමත් රජකම් කරන්න පටන් අරන් කියලා හිතනවාද?+ ඔයාලා රජකම් කරන්න පටන් අරන් නම් මට සතුටුයි. එතකොට අපිටත් පුළුවන් ඔයාලා එක්ක රජකම් කරන්න.+  මට දැනෙන්නේ මාවයි, අනිත් නියෝජිතයන්වයි හැමෝටම ප්‍රදර්ශනය වෙන්න දෙවියන් ඉඩහැරලා තියෙනවා කියලයි. අපි හරියට ක්‍රීඩා භූමියකට අන්තිමට අරන් එන මරණයට නියම කරපු පිරිස වගේ.+ මොකද අපි මේ මුළු ලෝකයම ඉස්සරහා, මිනිස්සු සහ දේවදූතයන් ඉස්සරහා රංග භූමියක ඉන්න පිරිසක් වගේ.+ 10  අපි ක්‍රිස්තුස්ව අනුගමනය කරන නිසා අපිව සලකන්නේ මෝඩයන් විදිහට.+ ඒත් ඔයාලා ක්‍රිස්තුස්ව අනුගමනය කරන නිසා ඔයාලා හිතනවා ඔයාලා ප්‍රඥාවන්තයි කියලා. අපිව පේන්නේ හරිම දුර්වල අය වගේ. ඔයාලව පේන්නේ ශක්තිමත් අය වගේ. ඔයාලට ගෞරවය ලැබෙනවා. ඒත් අපිව පහත් කරලා සලකනවා. 11  මේ මොහොත වෙන කල්ම අපි ඉන්නේ බඩගින්නෙන්,+ තිබහෙන්.+ අපිට අඳින්න හරි හමං ඇඳුමක් නැහැ. අපි ගුටි කනවා.+ අපිට ඉන්න තැනක්වත් නැහැ. 12  අපි මහන්සි වෙලා අපේ අත්වලින් වැඩ කරනවා.+ අපිට නින්දා කරද්දී අපි කරුණාවන්තව සලකනවා.+ අපිට පීඩා කරද්දී අපි ඒවා ඉවසීමෙන් දරාගන්නවා.+ 13  අපිට අපහාස කරද්දී අපි කේන්ති ගන්නේ නැතුව* කතා කරනවා.+ මේ වෙන කල්ම මිනිස්සු අපිව සලකන්නේ මේ ලෝකේ තියෙන කුණු* විදිහට. වීසි කරලා දාන්න ඕනෙ කසළ ගොඩවල් විදිහට. 14  මං මේ දේවල් ඔයාලට ලියන්නේ ඔයාලව ලැජ්ජාවට පත් කරන්න නෙමෙයි. ඔයාලා මගේ ආදරණීය දරුවන්. මට ඕනෙ ඔයාලට හරි දේ ගැන කියලා දෙන්න. 15  ඔයාලට ක්‍රිස්තුස්ව ආදර්ශයට ගන්න විදිහ කියලා දෙන්න ගුරුවරු 10,000ක් ඉන්න පුළුවන්. ඒත් ඔයාලට තාත්තලා ගොඩක් නැහැ. මම තමයි ඔයාලාගේ තාත්තා.+ මොකද ක්‍රිස්තුස් යේසුස් ගැන ශුභාරංචිය ඔයාලට කිව්වේ මමයි. 16  ඉතින් මං ඔයාලාගෙන් ඉල්ලන්නේ මාව ආදර්ශයට ගන්න කියලයි.+ 17  ඒ නිසයි මං ඔයාලා ළඟට තිමෝතිව එවන්නේ. ස්වාමීන්ට විශ්වාසවන්තව සේවය කරන එයා මට මගේම පුතෙක් වගේ. ක්‍රිස්තුස් යේසුස් වෙනුවෙන් සේවය කරද්දී මං දේවල් කරන විදිහ එයා ඔයාලට මතක් කරලා දෙයි.+ හැම සභාවකටම ගිහින් මං උගන්නන දේවල් ගැනත් එයා ඔයාලට මතක් කරයි. 18  ඔයාලාගෙන් සමහරු හිතාගෙන ඉන්නේ මං ආයේ එන එකක් නැහැ කියලා. ඒ නිසා එයාලා හරිම ආඩම්බරෙන් කතා කරනවා. 19  ඒත් වැඩි දවසක් යන්න කලින් මං ඔයාලව හම්බ වෙන්න එනවා. ඒක යෙහෝවාගේ* කැමැත්ත නම් මං අනිවාර්යයෙන්ම එනවා. එතකොට ඔය මහ ඉහළින් කතා කරන අයට ඇත්තටම දෙවියන්ගේ බලය තියෙනවාද කියලා මට දැනගන්න පුළුවන්. 20  මොකද කෙනෙක් දෙවියන්ගේ රාජ්‍යයට කීකරුද කියලා ඔප්පු වෙන්නේ එයා කියන දේවල්වලින් නෙමෙයි එයා කරන දේවල්වලින්. ඒකෙන් තමයි පේන්නේ කෙනෙක්ට දෙවියන්ගේ බලය තියෙනවාද නැද්ද කියලා. 21  ඔයාලා මොනවාටද කැමති? මං කෝට්ටක් අරගෙන ඔයාලව හම්බ වෙන්න එනවාටද?+ නැත්නම් ආදරෙන්, කරුණාවෙන් ඔයාලා ළඟට එනවාටද?

පාදසටහන්

උප. A5 බලන්න.
හෝ, “මෘදු විදිහට.”
හෝ, “ජරාව.”
උප. A5 බලන්න.