පළවෙනි කොරින්ති 5:1-13

  • ලිංගික දුරාචාරයේ යෙදෙන කෙනෙක් (1-5)

  • මුහුන් ටිකකින් මුළු පිටි ගුලියම පිපෙනවා (6-8)

  • දුෂ්ට කෙනාව අයින් කරන්න (9-13)

5  ඔයාලා අතරේ ලිංගික දුරාචාරයේ*+ යෙදෙන කෙනෙක් ඉන්නවා කියලා මට ආරංචි වුණා. ඒ කෙනා එයාගේ තාත්තාගේ බිරිඳව තියාගෙන ඉන්නවා.+ ඒ වගේ පහත් හැසිරීමක් ලෝකේ මිනිස්සු අතරේවත්* වෙනවා කියලා අහලා නැහැ.  ඒ ගැන ඔයාලා ආඩම්බර වෙනවාද? හරි නම් ඒ ගැන දුක් වෙන්න නේද ඕනේ?+ ඒ දේ කරන කෙනාව ඔයාලා අතරින් අයින් කරලා දාන්න ඕනෙ නේද?+  මං ඔයාලා එක්ක නැතත් මේ කාරණේ ගැන හිතනවා. ඒ වරද කරපු කෙනාව මං දැනටමත් විනිශ්චය කරලා ඉවරයි. ඔයාලා එක්ක හිටියා නම් මං කරන්නේ ඒකම තමයි.  අපේ ස්වාමීන් වන යේසුස්ගේ නමින් ඔයාලා රැස් වෙද්දී මමත් හිතින් ඔයාලා එක්ක ඉන්නවා. අපේ ස්වාමීන් වන යේසුස්ගේ බලයත් ඔයාලට ලැබෙනවා.  ඉතින් ඒ වගේ කෙනෙක්ව ඔයාලා සාතන්ට භාර දෙන්න ඕනේ.+ එහෙම කරන එකෙන් එයාගෙන් සභාවට වෙන නරක බලපෑම අයින් කරලා දාන්න පුළුවන්. එතකොට ස්වාමීන්ගේ දවසේදී සභාවේ හොඳ වාතාවරණයක් තියෙයි.+  මේ වගේ තත්වයක් තියෙද්දී ඔයාලා, ඔයාලා ගැනම මහ ඉහළින් කතා කරන එක එච්චර හොඳ දෙයක් නෙමෙයි. මුහුන් ටිකකින් මුළු පිටි ගුලියම පිපෙනවා කියලා ඔයාලා දන්නේ නැද්ද?+  මුහුන් තියෙන පරණ පිටි ගුලිය අයින් කරලා දාන්න. ඔයාලා මුහුන් මිශ්‍ර වෙලා නැති අලුත් පිටි ගුලියක් වගේ වෙන්න. මොකද අපේ පාස්කු බැටළු පැටියා වන ක්‍රිස්තුස්+ ඔහුගේ ජීවිතේ අපි වෙනුවෙන් පූජා කරලයි තියෙන්නේ.+  ඉතින් අපි උත්සවය සමරන්න ඕනෙ+ මුහුන් දාලා හදපු පරණ රොටි අරන්වත් පව්කාරකමට සහ දුෂ්ටකමට සමාන කරන්න පුළුවන් මුහුන් පාවිච්චි කරලවත් නෙමෙයි. ඒ වෙනුවට ඒක සමරන්න ඕනෙ අවංකකම සහ විශ්වාසවන්තකම නියෝජනය කරන මුහුන් නැති රොටි අරගෙනයි.  මං එවපු ලිපියේ ඔයාලට කිව්වා ලිංගික දුරාචාරයේ* යෙදෙන අයව ආශ්‍රය කරන එක නතර කරන්න කියලා. 10  මං ඒකෙන් අදහස් කළේ මේ ලෝකේ+ මිනිස්සු අතරේ ඉන්න ලිංගික දුරාචාරයේ* යෙදෙන අය, කෑදර අය, හොරු, රූපවලට නමස්කාර කරන අය ගැන නෙමෙයි. ඒ අයගෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙන්න නම් ඔයාලට මේ ලෝකෙනුත් යන්න වෙයි.+ 11  මං දැන් ඔයාලට ලියන්නේ ඒ වගේ දේවල් කරන සහෝදරයන්ගෙන් අයින් වෙන්න+ කියලයි. සහෝදරයෙක් කියලා කියන කෙනෙක් ලිංගික දුරාචාරයේ* යෙදෙනවා නම්, කෑදර විදිහට වැඩ කරනවා නම්,+ රූපවලට නමස්කාර කරනවා නම්, අනිත් අයට නින්දා කරනවා නම්,* බේබද්දෙක් නම්,+ හොර බොරු වංචා කරනවා නම්+ ඒ වගේ කෙනෙක් එක්ක කෑම කන්නවත් එපා. 12  සභාවට අයිති නැති අයව විනිශ්චය කරන එක මගේ වගකීමක් නෙමෙයි. ඒත් සභාවේ ඉන්න අයව ඔයාලා විනිශ්චය කරන්න ඕනෙ නේද? 13  එළියේ ඉන්න අයව දෙවියන් විනිශ්චය කරයි.+ “ඒ දුෂ්ට කෙනාව ඔයාලා අතරින් අයින් කරලා දාන්න.”+

පාදසටහන්

ග්‍රීක භාෂාවෙන් පෝර්නියා. “පැහැදිලි කිරීමක්” බලන්න.
හෝ, “වෙනත් ජාතීන් අතරේවත්.”
හෝ, “අනිත් අයට හරිම පහත් විදිහට කතා කරනවා නම්.”