පළවෙනි කොරින්ති 6:1-20

  • සභාවේ අය එකිනෙකාට විරුද්ධව නඩු දායි (1-8)

  • දෙවියන්ගේ රාජ්‍යය උරුම වෙන්නේ නැති අය (9-11)

  • ඔයාලාගේ ශරීරවලින් දෙවියන්ට ගෞරවයක් ගේන්න (12-20)

    • “ලිංගික දුරාචාරයේ යෙදෙන්න එන පෙලඹීම්වලින් පැනලා දුවන්න” (18)

6  සහෝදරයෙක් එක්ක ප්‍රශ්නයක් ඇති වුණාම+ ඔයාලා යන්නේ උසාවියටද? අධර්මිෂ්ඨ මිනිස්සු ඉස්සරහටද? ඔයාලා ඒ වගේ දෙයක් කරන්නේ කොහොමද? සභාවේ ඉන්න ශුද්ධ තැනැත්තන් ඉස්සරහට නේද ඔයාලා යන්න ඕනේ?  ඔයාලා දන්නවා ශුද්ධ තැනැත්තන් තමයි ඉස්සරහට මේ ලෝකේ විනිශ්චය කරන්නේ කියලා.+ ඉතින් ඔයාලා ලෝකේ විනිශ්චය කරන්න යනවා නම් මේ පොඩි පොඩි ප්‍රශ්න විසඳගන්න ඔයාලට බැරිද?  අපි දේවදූතයන්වත් විනිශ්චය කරන්න යනවා+ කියලා ඔයාලා දන්නේ නැද්ද? එහෙමනම් දැන් ඇති වෙන සාමාන්‍ය ප්‍රශ්න ඔයාලට විසඳගන්න බැරි ඇයි?  මේ ජීවිතේ ඇති වෙන ප්‍රශ්නයක් විසඳගන්න ඔයාලට උදව් ඕනෙ කියලා හිතන්න.+ ඒ වගේ වෙලාවට ඇයි ඔයාලා සභාවට අයිති නැති විනිශ්චයකරුවන් ළඟට ඒ නඩුව අරගෙන යන්නේ?  මං මේ දේවල් කියන්නේ ඔයාලාගේ හිතේ ඔයාලා ගැනම ලැජ්ජාවක් ඇති කරන්නයි. සහෝදරයන් අතරේ ඇති වෙන ප්‍රශ්න විනිශ්චය කරන්න තරම් බුද්ධියක් තියෙන එක් කෙනෙක්වත් සභාවේ නැද්ද?  සහෝදරයන්ගේ උදව් ගන්නවා වෙනුවට ඔයාලා ඔයාලාගේ සහෝදරයන්ව උසාවියට අරගෙන යනවා. සභාවට අයිති නැති අය ඉස්සරහට නඩුව අරගෙන යනවා.  ඔයාලාගේ සහෝදරයෙක්ට විරුද්ධව නඩු කියන එකෙන් වෙන්නේ ඔයාලා ඔයාලටම ලැජ්ජා කරගන්න එක. වෙච්ච අසාධාරණේ ඉවසන එක ඊට වඩා හොඳ නැද්ද?+ වෙච්ච පාඩුව දරාගන්න එක හොඳ නැද්ද?  ඒත් ඔයාලා මොනවාද කරන්නේ? ඔයාලාගෙම සහෝදරයන්ට අසාධාරණකම් කරනවා, වංචා කරනවා.  ඔයාලා දන්නේ නැද්ද වැරදි දේවල් කරන අයට* දෙවියන්ගේ රාජ්‍යය උරුම වෙන්නේ නැහැ+ කියලා? රැවටෙන්න එපා! ලිංගික දුරාචාරයේ* යෙදෙන අයටවත්+ රූපවලට නමස්කාර කරන අයටවත්+ අනාචාරයේ* යෙදෙන අයටවත්+ සමලිංගික* අයටවත්+ 10  හොරුන්ටවත් කෑදර අයටවත්+ බේබද්දන්ටවත්+ අනිත් අයට නින්දා කරන අයටවත් හොර බොරු වංචා කරන අයටවත් දෙවියන්ගේ රාජ්‍යය උරුම වෙන්නේ නැහැ.+ 11  ඒත් ඔයාලාගෙන් සමහරදෙනෙක් කලින් ඒ වගේ දේවල් කළා. දැන් ඔයාලව හෝදලා පවිත්‍ර කරලයි තියෙන්නේ.+ ශුද්ධ අය විදිහට ඔයාලව වෙන් කරලයි තියෙන්නේ.+ ඒ වගේම ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ නමින් සහ දෙවියන්ගේ බලය මාර්ගයෙන් ඔයාලව ධර්මිෂ්ඨ අය විදිහට ප්‍රකාශ කරලයි තියෙන්නේ.+ 12  ඕනෙම දෙයක් කරන්න මට අවසර තියෙනවා. ඒත් ඒ හැම එකක්ම ප්‍රයෝජනවත් කියලා කියන්න බැහැ.+ ඕනෙම දෙයක් කරන්න මට අවසර තියෙනවා. ඒත් ඒ කිසිම දේකට මං වහල් වෙන්නේ නැහැ. 13  කෑම තියෙන්නේ බඩ වෙනුවෙන්. බඩ තියෙන්නේ කෑම වෙනුවෙන්. ඒත් ඒ දෙකම දෙවියන් නැති කරනවා.+ ශරීරය හදලා තියෙන්නේ ලිංගික දුරාචාරයේ* යෙදෙන්න නෙමෙයි. ස්වාමීන් වෙනුවෙන් සේවය කරන්න.+ ස්වාමීන් ශරීරයට අවශ්‍ය දේ ලබා දෙනවා. 14  දෙවියන් ස්වාමීන්ව නැවත නැඟිට්ටෙව්වා.+ ඒ වගේ ඔහු අපිවත් ඔහුගේ බලය පාවිච්චි කරලා+ මරණයෙන් නැඟිට්ටවයි.+ 15  ඔයාලාගේ ශරීර අයිති ක්‍රිස්තුස්ට කියලා ඔයාලා දැනන් හිටියේ නැද්ද?+ ක්‍රිස්තුස්ට අයිති දෙයක් අරගෙන ගණිකාවකට සම්බන්ධ කරන එක හරිද? කවදාවත් එහෙම වෙන්න බැහැ. 16  කෙනෙක් ගණිකාවක් එක්ක ලිංගික සම්බන්ධකම් පවත්වද්දී ඒ දෙන්නා එක ශරීරයක් වගේ වෙනවා කියලා ඔයාලා දැනන් හිටියේ නැද්ද? මොකද දෙවියන් මෙහෙම කියලා තියෙනවා. “එයාලා දෙන්නා එක් කෙනෙක් වගේ වෙනවා.”+ 17  ඒත් කෙනෙක් ස්වාමීන් එක්ක එකට බැඳිලා ඉන්නවා නම් ඒ කෙනා හිතන්නේ ස්වාමීන් හිතන විදිහටමයි.+ 18  ලිංගික දුරාචාරයේ* යෙදෙන්න එන පෙලඹීම්වලින් පැනලා දුවන්න.+ වෙන කිසිම වරදක් නිසා කෙනෙක්ගේ ශරීරය ඒ තරම් අපවිත්‍ර වෙන්නේ නැහැ. ලිංගික දුරාචාරයේ යෙදෙන කෙනෙක් කරන්නේ තමන්ගේ ශරීරයට විරුද්ධව බරපතළ වරදක්.+ 19  ඔයාලාගේ ශරීර දේවමාලිගාවක් වගේ+ කියලා ඔයාලා දන්නේ නැද්ද? ඒ මාලිගාව තියෙන්නේ දෙවියන්ගේ බලයට වැඩ කරන්න. ඒ බලය දෙවියන් ඔයාලා එක් එක් කෙනාට දීලා තියෙනවා.+ ඔයාලා අයිති ඔයාලට නෙමෙයි.+ 20  මොකද දෙවියන් ඔයාලව මිල දීලා ගත්තේ හරිම වටින දෙයක් දීලයි.+ ඉතින්, දෙවියන්ට ගෞරවයක් ගේන්න+ ඔයාලාගේ ශරීර පාවිච්චි කරන්න.+

පාදසටහන්

මුල් භාෂාවේ මෙතන වචන දෙකක් පාවිච්චි කරලා තියෙනවා. එක වචනෙකින් තමන්ට සමලිංගික දේවල් කරන්න ඉඩහරින කෙනෙක්වත් අනිත් වචනෙන් ඒ වගේ ක්‍රියා තවත් කෙනෙක්ට කරන කෙනෙක්වත් අදහස් වෙනවා.
ඒ කියන්නේ බිරිඳට හරි සැමියාට හරි ද්‍රෝහි වෙන එක.
හෝ, “අධර්මිෂ්ඨ අයට.”
ග්‍රීක භාෂාවෙන් පෝර්නියා. “පැහැදිලි කිරීමක්” බලන්න.
ග්‍රීක භාෂාවෙන් පෝර්නියා. “පැහැදිලි කිරීමක්” බලන්න.