පළවෙනි තිමෝති 2:1-15

  • හැම පසුබිමකම ඉන්න මිනිස්සු වෙනුවෙන් යාච්ඤා කරන්න (1-7)

    • එක දෙවි කෙනෙක්, එක මැදිහත්කරුවෙක් (5)

    • හැම කෙනෙක්ම වෙනුවෙන් නියමිත වන්දිය ගෙව්වා (6)

  • පුරුෂයන්ට සහ ස්ත්‍රීන්ට දුන්න මඟ පෙන්වීම් (8-15)

    • විනීතව අඳින්න (9, 10)

2  මං ඉස්සෙල්ලාම හැමෝටම උනන්දු කරන්නේ හැම පසුබිමකම ඉන්න මිනිස්සු වෙනුවෙන් දෙවියන්ට යාච්ඤා කරන්න කියලයි. එයාලා වෙනුවෙන් කන්නලව් කරන්න, උදව් ඉල්ලන්න, දෙවියන්ට ස්තුති කරන්න.  රජවරුන් සහ උසස් නිලතල දරන හැමෝම වෙනුවෙනුත් එහෙම කරන්න.+ එතකොට අපිට පුළුවන් සන්සුන්, සාමකාමී ජීවිතයක් ගත කරලා ලොකු ගෞරවයකින්, භක්තියකින් මුළු හදවතින්ම දෙවියන්ට සේවය කරන්න.+  අපිට ගැලවීම ලබා දෙන දෙවියන් ඒක සලකන්නේ හුඟක් යහපත්, ප්‍රසන්න දෙයක් විදිහට.+  දෙවියන්ගේ කැමැත්ත තමයි හැම පසුබිමකටම අයිති මිනිස්සු ගැලවීම ලබාගන්න එක.+ ඒ වගේම එයාලා සත්‍යය ගැන නිවැරදි දැනුමක් ලබාගන්න එක.  ඉන්නේ එක දෙවි කෙනෙක්.+ ඒ වගේම දෙවියන් සහ මිනිස්සු අතරේ+ ඉන්නේ එක මැදිහත්කරුවෙක්.+ ඔහු තමයි ක්‍රිස්තුස් යේසුස්.+ මිනිසෙක් වුණ ඔහු,  හැම කෙනෙක්ම* වෙනුවෙන් තමන්ගේ ජීවිතය දීලා නියමිත වන්දිය* ගෙව්වා.+ නියමිත කාලයේදී මිනිස්සු ඔහු කරපු ඒ දේ ගැන සාක්ෂි දෙයි.  යේසුස්ගේ නියෝජිතයෙක්*+ විදිහට මාව පත් කළෙත් දේශනා කරන වගකීම මට භාර දුන්නෙත් ඒ ගැන සාක්ෂි දරන්නයි.+ මං වෙනත් ජාතීන්ට විශ්වාසය සහ සත්‍යය ගැන උගන්වන්නේ+ ඒ නිසයි. මං කියන්නේ බොරුවක් නෙමෙයි ඇත්තක්.  පුරුෂයන්ට මං උනන්දු කරන්නේ එකට රැස් වෙන හැම තැනකදීම දෙවියන්ට යාච්ඤා කරන්න කියලයි. එයාලා අත් උස්සලා යාච්ඤා කරද්දී ඒක කරන්න ඕනෙ පිරිසිදු හදවතකින්.+ එයාලා හිතේ කිසිම කේන්තියක් නැතුව,+ වාදවිවාදවලට පැටලෙන්නේ නැතුව+ ඉන්නවාට මං කැමතියි.  ඒ වගේම ස්ත්‍රීන්ට මං කියන්නේ ගෞරවනීය* විදිහට ඇඳ පැලඳගෙන ඉන්න කියලයි. අඳින පලඳින විදිහෙන් එයාලා විනීත, හොඳ සිහිකල්පනාවෙන් වැඩ කරන අය* කියලා පේන්න ඕනේ. එයාලා අවධානය දෙන්න ඕනෙ විච්චූර්ණ කොණ්ඩ මෝස්තර දාන එකටවත් රත්තරන්, මුතු පලඳින එකටවත් හුඟක් ගණන් ඇඳුම් අඳින එකටවත් නෙමෙයි.+ 10  ඒ වෙනුවට එයාලා අවධානය දෙන්න ඕනෙ, දෙවියන් ගැන භක්තියක් තියෙන ස්ත්‍රීන්ට+ සුදුසු විදිහට ඇඳ පැලඳගෙන ඉන්න එකටයි. එයාලා ලස්සන වෙන්නේ එයාලා කරන හොඳ දේවලිනුයි. 11  උගන්වන වෙලාවලදී ස්ත්‍රියක්, උගන්වන කෙනාට සම්පූර්ණයෙන්ම යටත් වෙලා නිශ්ශබ්දව* ඉන්න ඕනේ.+ 12  උගන්වන්නවත් පුරුෂයෙක්ව යටත් කරගෙන ඉන්නවත් මං ස්ත්‍රීන්ට අවසර දෙන්නේ නැහැ. එයාලා නිශ්ශබ්දව* ඉන්න ඕනේ.+ 13  දෙවියන් ඉස්සෙල්ලාම නිර්මාණය කළේ ආදම්ව. ඒවව නිර්මාණය කළේ ඊටපස්සෙයි.+ 14  ඒ වගේම ආදම් රැවටුණේ නැහැ. ඒත් ස්ත්‍රිය සම්පූර්ණයෙන්ම රැවටිලා+ වරදට වැටුණා. 15  දරුවන් බිහි කරලා එයාලව හදා වඩා ගන්න එක ස්ත්‍රියකට ආරක්ෂාවක් වෙන්න පුළුවන්.+ ඒත් ඒක එයාට* ආරක්ෂාවක් වෙන්නේ එයා දිගටම හොඳ සිහිකල්පනාවකින් ඉඳලා* එයාගේ විශ්වාසය, ආදරය, ශුද්ධකම රැකගෙන හිටියොත් විතරයි.+

පාදසටහන්

ඒ කියන්නේ නැති වෙච්ච දේට සමාන වටිනාකමක් තියෙන වන්දියක්.
හෝ, “හැම පසුබිමකටම අයිති අය.”
හෝ, “යවනු ලැබූ කෙනෙක්.”
හෝ, “සුදුසු.”
හෝ, “හරි තීරණ ගන්න අය; සිහිබුද්ධියෙන් වැඩ කරන අය.”
හෝ, “සන්සුන්ව; සංවරව.”
හෝ, “සන්සුන්ව; සංවරව.”
මූ.අ., “එයාලට.”
හෝ, “හරි තීරණ අරන්; සිහිබුද්ධියෙන් වැඩ කරලා.”