පළවෙනි තෙසලෝනික 4:1-18

  • ලිංගික දුරාචාරය ගැන අනතුරු අඟවයි (1-8)

  • වැඩි වැඩියෙන් එකිනෙකාට ආදරේ කරන්න (9-12)

    • “අනිත් අයගේ වැඩවලට ඇඟිලි ගහන්න එපා” (11)

  • මුලින්ම නැඟිටින්නේ ක්‍රිස්තුස් එක්ක එකට බැඳිලා ඉන්න අයයි (13-18)

4  සහෝදරයෙනි, දෙවියන් සතුටු වෙන විදිහට ජීවත් වෙන්නේ කොහොමද කියලා අපි ඔයාලට කියලා දුන්නා.+ ඇත්තටම ඔයාලා දැනටමත් ඒ විදිහට ජීවත් වෙනවා. අන්තිමට, අපි ස්වාමීන් වන යේසුස්ගේ නමින් ඔයාලාගෙන් ඉල්ලන්නේ දෙවියන් සතුටු වෙන විදිහට ජීවත් වෙන්න තවත් වැඩියෙන් උත්සාහ කරන්න කියලයි.  මොකද ස්වාමීන් වන යේසුස්ගේ නමින් අපි ඔයාලට දුන්න මඟ පෙන්වීම්* ගැන ඔයාලා දන්නවා.  දෙවියන් කැමති ඔයාලා ශුද්ධව ඉඳලා+ ලිංගික දුරාචාරයෙන්* වැළකිලා ඉන්නවාට.+  හැම කෙනෙක්ම තමන්ගේ ශරීරය* පාලනය කරගෙන+ ශුද්ධව+ සහ ගෞරවනීයව හැසිරෙන්නේ කොහොමද කියලා දැනගෙන ඉන්න ඕනේ.  දෙවියන්ව අඳුරන්නේ නැති මිනිස්සු+ වගේ කෑදර විදිහට කාමාශාවෙන් දැවිදැවී+ ඉන්න එපා.  ඒ ආශාවන් නිසා කිසිම කෙනෙක් එයාගේ සහෝදරයාව රවට්ටලා ලිංගික කාරණා ගැන දෙවියන් දීලා තියෙන සීමාවෙන් පිට පනින එක කොහොමටවත් සුදුසු නැහැ. මොකද යෙහෝවා* දෙවියන් ඒ හැම වරදකටම අනිවාර්යයෙන්ම දඬුවම් කරනවා. අපි කලින්ම ඔයාලට ඒ හැම දෙයක් ගැනම පැහැදිලි කරලා අනතුරු අඟවලයි තියෙන්නේ.  දෙවියන් අපිව තෝරගත්තේ අපවිත්‍ර අය වෙන්න නෙමෙයි ශුද්ධ අය වෙන්න.+  ඒ නිසා ඔයාලාගෙන් කෙනෙක් ඒ උපදෙස ප්‍රතික්ෂේප කරනවා නම් එයා ප්‍රතික්ෂේප කරන්නේ මිනිස්සුන්ව නෙමෙයි ඔයාලට බලය දෙන+ දෙවියන්වයි.+  පවුලේ අයට පෙන්නනවා වගේ ආදරයක්+ එකිනෙකාට පෙන්නන්න කියලා අපි ඔයාලට අමුතුවෙන්ම කියන්න ඕනෙ නැහැ. මොකද එකිනෙකාට ආදරේ කරන විදිහ ගැන දෙවියන් ඔයාලට උගන්වලා තියෙනවා.+ 10  ඔයාලා මැසිඩෝනියාව පුරාම ඉන්න සහෝදරයන්ට ආදරේ කරනවා කියලා අපි දන්නවා. ඒත් සහෝදරයෙනි, ඒ දේ වැඩි වැඩියෙන් කරන්න කියලා අපි ඔයාලට උනන්දු කරන්න කැමතියි. 11  ඒ වගේම අපි ඔයාලට කියලා දුන්න විදිහට අනිත් අයට කරදරයක් වෙන්නේ නැතුව සාමකාමී ජීවිතයක් ගත කරන්න.+ අනිත් අයගේ වැඩවලට ඇඟිලි ගහන්න එපා.+ ඔයාලාගෙම අත් දෙකෙන් මහන්සි වෙලා වැඩ කරන්න.+ ඒ දේවල් කරන්න ඔයාලා ලොකු උත්සාහයක් ගන්න ඕනේ. 12  මොකද එහෙම කරද්දී සභාවට අයිති නැති අය ඉස්සරහා ගෞරවනීය ජීවිතයක් ගත කරන්නත්+ කිසි දේකින් අඩුපාඩුවක් නැතුව ඉන්නත් ඔයාලට පුළුවන් වෙයි. 13  සහෝදරයෙනි, මරණ නින්දේ ඉන්න අයට ඉස්සරහට වෙන්න යන දේ ගැන ඔයාලා තේරුම්ගන්නවාට අපි කැමතියි.+ එතකොට ඔයාලා කිසි බලාපොරොත්තුවක් නැති අය වගේ දුක් වෙන්න ඕනෙ නැහැ.+ 14  යේසුස් මිය ගිහින් නැවත නැඟිට්ටා කියලා අපි විශ්වාස කරනවා.+ එහෙමනම් මරණ නින්දට වැටුණ, යේසුස් එක්ක එකට බැඳිලා හිටපු අයවත් දෙවියන් ඔහුත්* එක්ක එකට ඉන්න නැඟිට්ටවයි කියලා අපිට කිසිම සැකයක් නැහැ.+ 15  අපෙන් සමහරු ස්වාමීන් පැමිණෙන කාලය* අතරතුරේදීත් ජීවත් වෙයි. ඒත් එයාලාගෙන් කිසිම කෙනෙක් මරණ නින්දේ සැතපිලා ඉන්න අයට කලින් නැඟිටින්නේ නැහැ. අපි ඒ දේ ඔයාලට කියන්නේ යෙහෝවා* කියන දේවල් පදනම් කරගෙනයි. 16  මොකද ස්වාමීන්ම, දෙවියන්ගේ හොරණෑව අතේ තියාගෙන ස්වර්ගයෙන් බැහැලා ඇවිත් අග්‍රදේවදූතයෙක්ගේ+ හඬින් අණ දෙයි. එතකොට මුලින්ම නැඟිටින්නේ ක්‍රිස්තුස් එක්ක එකට බැඳිලා ඉන්න, ඒ වෙනකොටත් මිය ගිහින් ඉන්න අයයි.+ 17  ඊටපස්සේ ජීවත් වෙලා ඉන්න අපිව, ඒ අය එක්ක එකට ඉන්නත් අහසේදී ස්වාමීන්ව හම්බ වෙන්නත්+ වලාකුළු අතරට ඔසවගන්නවා.+ ඊටපස්සේ අපි හැමදාමත් ඉන්නේ ස්වාමීන් එක්කයි.+ 18  ඉතින් මේ දේවල් ගැන කියලා දිගටම එකිනෙකාව සනසන්න.

පාදසටහන්

හෝ, “අණ.”
ග්‍රීක භාෂාවෙන් පෝර්නියා. “පැහැදිලි කිරීමක්” බලන්න.
මූ.අ., “භාජනය.”
උප. A5 බලන්න.
ඒ කියන්නේ යේසුස්.
හෝ, “පැමිණ සිටින කාලය.” “පැහැදිලි කිරීමක්” බලන්න.
උප. A5 බලන්න.