පළවෙනි පේතෘස් 5:1-14

  • දෙවියන්ගේ රැළ රැකබලා ගන්න (1-4)

  • නිහතමානී වෙන්න සහ සෝදිසියෙන් ඉන්න (5-11)

    • හැම කරදරයක්ම ඉක්මනින්ම දෙවියන්ට භාර දෙන්න (7)

    • යක්ෂයා ගොරවන සිංහයෙක් වගේ (8)

  • අවසන් වචන (12-14)

5  ඔයාලා අතරේ ඉන්න වැඩිමහල්ලන්ගෙන් මං ඉල්ලීමක් කරන්න කැමතියි. ඒක කරන මාත් ඔයාලා වගේ වැඩිමහල්ලෙක්. ක්‍රිස්තුස් වින්ද දුක් ඇස් දෙකෙන්ම දැක්ක කෙනෙක්. ඉස්සරහට එළිදරව් වෙන තේජස+ ඔයාලට වගේම මටත් ලැබෙනවා. මං කරන ඉල්ලීම තමයි මේ.  ඔයාලට භාර දීලා තියෙන දෙවියන්ගේ රැළ රැකබලා ගන්න.+ වැඩිමහල්ලන්* විදිහට ඔයාලට තියෙන වගකීම් ඉටු කරන්න ඕනෙ කවුරුත් බල කරන නිසා නෙමෙයි, දෙවියන්ගේ සේවකයන් විදිහට කැමැත්තෙන්මයි.+ ඒ වගකීම් ඉටු කරන්න ඕනෙ කපටි විදිහට වාසි ප්‍රයෝජන ලබාගන්න නෙමෙයි,+ සේවය කරන්න තියෙන ආසාව නිසයි.  දෙවියන් තමන්ගේ උරුමය විදිහට සලකන අයව පාලනය කරන්න හදනවා වෙනුවට+ රැළට ආදර්ශයක් වෙන්න.+  එහෙම කරනවා නම් ප්‍රධාන එඬේරා+ එළිදරව් වෙද්දී පර වෙලා යන්නේ නැති තේජවත් ඔටුන්න ඔයාලට ලැබෙයි.+  තරුණයෙනි, ඒ විදිහටම වැඩිහිටි පුරුෂයන්ට* යටත් වෙන්න.+ ඔයාලා හැමෝම අනිත් අය එක්ක වැඩ කරද්දී නිහතමානී වෙන්න.* මොකද දෙවියන් උඩඟු අයට විරුද්ධව ඉන්නවා. ඒත් නිහතමානී අයට මහත් කරුණාව පෙන්නනවා.+  ඉතින් මහත් බලයක් තියෙන දෙවියන් ඉස්සරහා* නිහතමානී වෙන්න. එතකොට නියමිත කාලේදී ඔහු ඔයාලව උසස් කරයි.+  ඒ වගේම ඔයාලාගේ හිතේ තියෙන හැම කරදරයක්ම* ඉක්මනින්ම ඔහුට භාර දෙන්න.*+ මොකද ඔහු ඔයාලා ගැන ගොඩක් හිතනවා.*+  සිහිකල්පනාවෙන් වැඩ කරන්න. සෝදිසියෙන් ඉන්න.+ ඔයාලාගේ හතුරා වන යක්ෂයා ගොරවන සිංහයෙක් වගේ ගිලලා දාන්න කෙනෙක්ව හොයහොය එහේ මෙහේ ඇවිදිනවා.+  ඒත් යක්ෂයාට විරුද්ධව ඉන්න.+ නොසැලෙන විශ්වාසයකින් ඉන්න. මොකද ලෝකේ පුරාම ඉන්න ඔයාලාගේ සහෝදර සහෝදරියන් ඔයාලා මූණ දෙන දුක් පීඩාවලටම මූණ දෙනවා කියලා ඔයාලා දන්නවා.+ 10  ඒත් ඔයාලා ටික කාලෙකට දුක් වින්දාට පස්සේ, හැම අතින්ම මහත් කරුණාවක් පෙන්නන දෙවියන්ම ඔයාලට දෙන පුහුණුව අවසන් කරයි. ඔහු තමයි ක්‍රිස්තුස් එක්ක එකට බැඳිලා ඉන්නත් සදහටම තියෙන තේජසක් දෙන්නත් ඔයාලව කැඳෙව්වේ.+ ඔහු ඔයාලව ශක්තිමත් කරයි.+ විශ්වාසවන්තව ඉන්නත් නොසැලී ඉන්නත්+ ඔහු ඔයාලට උදව් කරයි. 11  බලය සදහටම අයිති ඔහුටයි. ආමෙන්. 12  ඔයාලට මේ කෙටි ලියුම ලියන්න විශ්වාසවන්ත සහෝදරයෙක් වන සිල්වානස්*+ මට උදව් කළා. මං මේක ලිව්වේ ඔයාලව දිරිගන්වන්නයි. ඒ වගේම දෙවියන් ඔයාලට පෙන්නලා තියෙන මහත් කරුණාව බොරුවක් නෙමෙයි කියලා ඔයාලට සහතික කරන්නයි. ඒක නැති කරගන්න එපා. 13  බැබිලෝනියේ ඉන්න තැනැත්තිය ඔයාලව ආදරෙන් මතක් කරනවා. ඔයාලා වගේම එයාත් තෝරගත්ත කෙනෙක්. මගේ පුතා මාක්,+ එයාත් ඔයාලව ආදරෙන් මතක් කරනවා. 14  එකිනෙකාව ආදරෙන් ඉඹලා පිළිගන්න. ක්‍රිස්තුස් එක්ක එකට බැඳිලා ඉන්න ඔයාලා හැමෝටම සමාදානය ලැබේවා!

පාදසටහන්

හෝ, “සභාව රැකබලා ගන්න අය.”
හෝ, “වැඩිමහල්ලන්ට.”
හෝ, “ඇඳුමක් වගේ නිහතමානිකම පැලඳගන්න.”
මූ.අ., “දෙවියන්ගේ බලවත් අතට යටත් වෙලා.”
හෝ, “කනස්සල්ලක්ම; හිතට වධ දෙන හැම දෙයක්ම.”
මූ.අ., “ඔහු දිහාවට වීසි කරන්න.”
හෝ, “සැලකිලිමත් වෙනවා.”
සීලස් කියලත් හඳුන්වනවා.