පළවෙනි යොහන් 1:1-10

  • ජීවනය ගෙන දෙන පණිවිඩය (1-4)

  • ආලෝකයේ ඉන්න (5-7)

  • වැරදි පිළිගන්න ඕනේ (8-10)

1  අපි ඔයාලට ලියන්නේ ජීවනය ගෙන දෙන පණිවිඩය ලබා දෙන තැනැත්තා+ ගැනයි. පටන්ගැන්මේ ඉඳන්ම පැවතෙන ඒ තැනැත්තාව අපි අපේ ඇස් දෙකෙන්ම දැක්කා. ඔහු කියපු දේවල්වලට සවන් දුන්නා. ඔහු දිහා උනන්දුවෙන් බලන් හිටියා. ඒ විතරක් නෙමෙයි අපි ඔහුව අපේ අත් දෙකෙන්ම ඇල්ලුවා.  (ඇත්තටම සදාකාල ජීවනය+ ගැන අපි දැනගත්තේ ඔහුගෙන්. පියාණන්ගෙන් ලැබෙන ඒ ජීවනය ගැන දැනුම් දුන්නේ අපිටයි. ඒ ගැන අපි අහපු දැකපු දේවල්වලට අපි සාක්ෂි දෙනවා.+ අපි ඔයාලටත් ඒ ගැන කියලා දෙනවා.)  අපි පියාණන් සහ ඔහුගේ පුතා වන යේසුස් ක්‍රිස්තුස් එක්ක එක්සත්ව ඉන්නවා.+ ඒ වගේ ඔයාලත් අපි එක්ක එක්සත්ව ඉන්නවා* දකින්න අපි කැමතියි. ඒ නිසයි අපි අහපු දැකපු දේවල් ගැන ඔයාලට දැනුම් දෙන්නේ.+  ඒ වගේම ඒ දේවල් ගැන ඔයාලට ලියන්නේ ඒකෙන් අපේ සතුට තව තවත් වැඩි වෙන නිසයි.  අපිට ඔහුගෙන් ලැබුණ, අපි දැන් ඔයාලට දැනුම් දෙන පණිවිඩය මේකයි. දෙවියන් තමයි ආලෝකයේ උල්පත.+ ඔහු තුළ කිසිම අන්ධකාරයක් නැහැ.  ඒ නිසා “අපි ඔහුත් එක්ක එක්සත්ව ඉන්නවා” කියන අතරේ අන්ධකාරයේ ඇවිදිනවා නම්* අපි බොරුකාරයන්. අපි සත්‍ය ඉගැන්වීම්වලට එකඟව ජීවත් වෙනවා කියලා කියන්නත් බැහැ.+  ඒත් දෙවියන් ආලෝකයේ ඉන්නවා වගේ අපිත් ආලෝකයේ ඉන්නවා නම් අපි එකිනෙකා එක්ක එක්සත්ව ඉන්නවා කියලා කියන්න පුළුවන්. ඒ වගේම ඔහුගේ පුතා වන යේසුස්ගේ ලේවලින් අපේ හැම වරදකින්ම* අපි පවිත්‍ර වෙනවා.+  “අපේ අතින් කිසි වරදක් වෙන්නේ නැහැ” කියලා අපි කිව්වොත් අපි කරන්නේ අපිවම රවට්ටගන්න එකයි.+ අපි සත්‍ය ඉගැන්වීම්වලට එකඟව ජීවත් වෙනවා කියලා කියන්නත් බැහැ.  අපි අපේ වැරදි පිළිගත්තොත් දෙවියන් අපි කරපු වැරදිවලට සමාව දීලා හැම දුෂ්ට දේකින්ම අපිව පවිත්‍ර කරනවා. මොකද ඔහු විශ්වාසවන්ත, ධර්මිෂ්ඨ කෙනෙක්.+ 10  ඒත් “අපි කවදාවත් වරදක් කරලා නැහැ” කියලා කිව්වොත් ඒක හරියට දෙවියන් බොරුකාරයෙක් කියලා කියනවා වගේ. ඔහු කියන දේවල් විශ්වාස කරන්නේ නැහැ කියලත් අපි ඒකෙන් පෙන්නනවා.

පාදසටහන්

හෝ, “හවුල්කරුවන් වෙනවා.”
ඒ කියන්නේ දෙවියන් අකමැති දේවල් කරනවා නම්.
හෝ, “පාපයකින්ම.” “පැහැදිලි කිරීමක්” බලන්න.