පළවෙනි යොහන් 3:1-24

  • අපි දෙවියන්ගේ දරුවන් (1-3)

  • දෙවියන්ගේ දරුවන් සහ යක්ෂයාගේ දරුවන් (4-12)

    • යේසුස් යක්ෂයාගේ ක්‍රියා නැති කරලා දානවා (8)

  • එකිනෙකාට ආදරේ කරන්න (13-18)

  • දෙවියන් අපිට වඩා හොඳින් අපේ හිත් ගැන දන්නවා (19-24)

3  දෙවියන් අපිව හඳුන්වන්නේ ඔහුගේ දරුවන්* විදිහට.+ ඒකෙන් තේරෙනවා පියාණන් අපිට කොච්චර ආදරෙයිද කියලා.+ ඇත්තටම අපි ඔහුගේ දරුවන් තමයි. ඒත් මේ ලෝකයේ අය අපිව හඳුනන්නේ නැහැ.+ ඒ, එයාලා දෙවියන්ව හඳුනන්නේ නැති නිසයි.+  ආදරණීය සහෝදරයෙනි, අපි දෙවියන්ගේ දරුවන්+ වුණත් ඉස්සරහට අපි මොන වගේ අය වෙයිද කියලා* අපි තාමත් දන්නේ නැහැ.+ ඒත් අපි දන්නවා ඉස්සරහට අපිට ඔහුව ඇත්තටම දකින්න ලැබෙනවා කියලා. ඔහුව දකින්න ලැබෙද්දී අපිත් ඔහු වගේ වෙනවා.*  ඒ බලාපොරොත්තුව තියෙන හැම කෙනෙක්ම තමන්ව පවිත්‍ර කරගන්නවා.+ මොකද ඔහු පවිත්‍ර කෙනෙක්.  දිගටම වැරදි ක්‍රියාවල යෙදෙන අය කරන්නේ දෙවියන්ගේ නීති කඩන එකයි. දෙවියන්ගේ නීති කඩන එකට තමයි පාපය කියන්නේ.  යේසුස් පොළොවට ආවේ අපේ පව් නැති කරන්න කියලා ඔයාලා දන්නවා.+ ඔහු තුළ කිසි පාපයක් නැහැ.  ඔහු එක්ක එකට බැඳිලා ඉන්න අය දිගටම පව්කාර ක්‍රියාවල යෙදෙන්නේ නැහැ.+ පව්කාර ක්‍රියාවල දිගටම යෙදෙන කිසිම කෙනෙක්ට ඔහුව දැකලා තියෙනවා කියලවත් ඔහුව හඳුනනවා කියලවත් කියන්න බැහැ.  මගේ දරුවෙනි, ඔයාලව නොමඟ යවන්න කාටවත් ඉඩ දෙන්න එපා. යේසුස් ධර්මිෂ්ඨව ඉන්නවා වගේ දිගටම හරි දේ කරන කෙනාත් ධර්මිෂ්ඨයි.  කෙනෙක් දිගටම පව්කාර ක්‍රියාවල යෙදෙනවා නම් එයා අනුකරණය කරන්නේ යක්ෂයාවයි. මොකද යක්ෂයා මුල ඉඳන්ම* පව් කරනවා.+ දෙවියන්ගේ පුතා ආවේ යක්ෂයාගේ ක්‍රියා නැත්තටම නැති කරලා දාන්නයි.+  දෙවියන්ගේ* දරුවෝ දිගටම පව්කාර ක්‍රියාවල යෙදෙන්නේ නැහැ.+ මොකද ඒ වගේ කෙනෙක් තුළ දෙවියන්ගේ බලය* ක්‍රියාත්මක වෙනවා. එයා දෙවියන්ගේ දරුවෙක් නිසා+ දිගටම පව්කාර ක්‍රියාවල යෙදෙන්න එයාට බැහැ. 10  දෙවියන්ගේ දරුවන්ව සහ යක්ෂයාගේ දරුවන්ව හඳුනගන්නේ මෙහෙමයි. දිගටම හරි දේ* කරන්නේ නැති, තමන්ගේ සහෝදරයාට ආදරේ කරන්නේ නැති කිසිම කෙනෙක් දෙවියන්ගේ දරුවෙක් නෙමෙයි.+ 11  මොකද අපි එකිනෙකාට ආදරේ කරන්න ඕනෙ කියන ආඥාව මුල ඉඳන්ම අපි අහලා තියෙනවා.+ 12  අපි කවදාවත් දුෂ්ටයාගේ බලපෑමට අහු වෙලා තමන්ගේ සහෝදරයාව මරපු කායින් වගේ වෙන්න හොඳ නැහැ.+ කායින් එයාගේ මල්ලිව මැරුවේ ඇයි? ඒ, එයා දුෂ්ට විදිහට වැඩ කළත්+ එයාගේ මල්ලි හරි දේ කරපු+ නිසයි. 13  සහෝදරයෙනි, මේ ලෝකයේ අය ඔයාලට වෛර කරන එක+ ගැන පුදුම වෙන්න එපා. 14  අපි කලින් හිටියේ හරියට මැරුණ අය වගේ. ඒත් දැන් අපි ජීවත් වෙනවා.+ ඒ, අපි අපේ සහෝදරයන්ට ආදරේ කරන නිසයි.+ තමන්ගේ සහෝදරයාට ආදරේ කරන්නේ නැති කෙනෙක් තාමත් ඉන්නේ මැරුණ කෙනෙක් වගේ.+ 15  තමන්ගේ සහෝදරයාට වෛර කරන හැම කෙනෙක්ම මිනීමරුවෙක්.+ මිනී මරන කෙනෙක්ට සදාකාල ජීවනය ලැබෙන්නේ නැහැ කියලා ඔයාලා දන්නවා.+ 16  යේසුස් අපි වෙනුවෙන් ඔහුගේ ජීවිතය දුන්න නිසා ආදරය කියන්නේ මොකක්ද කියලා අපි තේරුම්ගත්තා.+ ඒ නිසා අපිත් අපේ සහෝදරයන් වෙනුවෙන් අපේ ජීවිතය වුණත් දෙන්න බැඳිලා ඉන්නවා.+ 17  ඒත් එදිනෙදා ජීවත් වෙන්න ඕනෙ කරන දේවල් තියෙන කෙනෙක් එයාගේ සහෝදරයාට අගහිඟකම් තියෙනවා කියලා දැකදැකත් එයාට අනුකම්පාවෙන්* සලකන්නේ නැහැ කියලා හිතන්න. ඒ කෙනාට දෙවියන් ගැන ආදරයක් තියෙනවා කියලා කියන්න පුළුවන්ද?+ 18  මගේ දරුවෙනි, අපේ ආදරේ වචනවලට විතරක් සීමා වෙන්න හොඳ නැහැ.+ ඒක අවංක ආදරයක් වෙන්න ඕනේ.+ ඒක අපි වැඩ කරන විදිහෙන්+ පේන්න ඕනේ. 19  එහෙම කරද්දී ඒකෙන් පැහැදිලි වෙනවා අපි සත්‍ය ඉගැන්වීම්වලට එකඟව ජීවත් වෙනවා කියලා. දෙවියන් අපිට ආදරෙයි කියන දේ ගැන කිසිම සැකයක් නැතුව ඉන්නත්* අපිට පුළුවන්. 20  ඒ නිසා මොකක් හරි හේතුවකට අපේ හිත් අපිට දොස් කිව්වත් දෙවියන් අපිට වඩා හොඳින් අපේ හිත් ගැන දන්නවා*+ කියලත් ඔහු හැම දේම දන්නවා කියලත් අපිට නිසැකයි. 21  ආදරණීය සහෝදරයෙනි, අපේ හිත් අපිට දොස් කියන්නේ නැත්නම් කිසිම බයක් නැතුව දෙවියන් එක්ක කතා කරන්න+ අපිට පුළුවන් වෙනවා. 22  ඒ වගේම අපි ඔහුගේ ආඥාවලට කීකරු වෙන නිසාත් ඔහු සතුටු වෙන විදිහට ජීවත් වෙන නිසාත් අපි ඉල්ලන ඕනෙම දෙයක් ඔහු අපිට දෙනවා.+ 23  ඔහුගේ පුතා වන යේසුස් ක්‍රිස්තුස්* ගැන විශ්වාස කරන්න+ කියලත් ඔහු* අපිට කියලා තියෙන විදිහට එකිනෙකාට ආදරේ කරන්න+ කියලත් දෙවියන් අපිට ආඥා කළා. 24  දෙවියන්ගේ ආඥාවලට කීකරු වෙන කෙනා ඔහු* එක්ක එකට බැඳිලා ඉන්නවා. දෙවියනුත් ඒ කෙනා එක්ක එකට බැඳිලා ඉන්නවා.+ ඔහු අපි එක්ක එකට බැඳිලා ඉන්නවා කියලා අපි දන්නේ ඔහු අපිට ලබා දුන්න බලය නිසයි.+

පාදසටහන්

මූ.අ., “දෙවියන්ගේ දරුවන්.”
ඒ කියන්නේ අපිට මොන වගේ පෙනුමක් ලැබෙයිද කියන එක.
ඒ කියන්නේ අපිටත් ඔහුට වගේ පෙනුමක් ලැබෙනවා.
හෝ, “යක්ෂයා තමන් යක්ෂයා වුණ දවසේ ඉඳන්.”
මූ.අ., “දෙවියන්ගෙන් ඉපදුණ.”
මූ.අ., “බීජය.” ඒ කියන්නේ පල දරන්න පුළුවන් බීජයක්.
මූ.අ., “ධර්මිෂ්ඨ දේ.”
මූ.අ., “දයානුකම්පාවෙන්.”
හෝ, “අපිටම ස්ථිර කරගන්නත්.”
මූ.අ., “දෙවියන් අපේ හිත්වලට වඩා උසස්.”
මූ.අ., “යේසුස් ක්‍රිස්තුස්ගේ නම.”
මෙතන කතා කරන්නේ යේසුස් ගැන වෙන්න ඇති.
දෙවියන්ව නැත්නම් යේසුස්ව අදහස් වෙන්න පුළුවන්.