පළවෙනි යොහන් 5:1-21

  • යේසුස්ව විශ්වාස කරන අය ලෝකයෙන් ජය ගන්නවා (1-12)

    • දෙවියන්ට ආදරේ කරන කෙනෙක් කරන දේ (3)

  • යාච්ඤාවට තියෙන බලය ගැන කිසිම සැකයක් නැහැ (13-17)

  • දුෂ්ට ලෝකයෙන් පරෙස්සම් වෙන්න (18-21)

    • මුළු ලෝකයම යක්ෂයාගේ බලපෑමට අහු වෙලා (19)

5  යේසුස් කියන්නේ ක්‍රිස්තුස් කියලා විශ්වාස කරන හැම කෙනෙක්ම දෙවියන්ගේ දරුවෙක්.+ දෙවියන්ගේ දරුවෙක් තමන්ට ජීවිතය දුන්න පියාණන්ට ආදරෙයි නම් එයා ඔහුගේ අනිත් දරුවන්ටත් ආදරේ කරනවා.  අපි දෙවියන්ට ආදරේ කරලා ඔහුගේ ආඥා පිළිපදිද්දී ඒකෙන් පැහැදිලි වෙනවා අපි ඔහුගේ දරුවන්ටත්+ ආදරේ කරනවා කියලා.  අපි දෙවියන්ට ආදරෙයි නම් අපි ඔහුගේ ආඥා පිළිපදිනවා.+ ඔහුගේ ආඥා පිළිපදින එක බරක් නෙමෙයි.+  මොකද දෙවියන්ගේ දරුවන් හැමෝම මේ ලෝකයෙන් ජය අරගෙනයි ඉන්නේ.+ ඒක කරන්න අපිට පුළුවන් වුණේ අපේ විශ්වාසය නිසයි.+  මේ ලෝකයෙන් ජය ගන්න පුළුවන් කාටද?+ ඒ, යේසුස් දෙවියන්ගේ පුතා කියලා විශ්වාස කරන අයටයි.+  යේසුස් ක්‍රිස්තුස් ආවේ වතුර සහ රුධිරය මාර්ගයෙනුයි. ඔහු වතුර මාර්ගයෙන් විතරක් නෙමෙයි+ රුධිරය මාර්ගයෙනුත් ආවා.*+ ඒක ඇත්තයි කියලා දෙවියන්ගේ බලයත් සාක්ෂි දරනවා.+ දෙවියන්ගේ බලයෙන් ලැබෙන සාක්ෂිය ඇත්ත එකක්.  යේසුස් ගැන සත්‍යය හෙළි කරන දේවල් තුනක් තියෙනවා.  ඒ තමයි දෙවියන්ගේ බලය,+ වතුර+ සහ රුධිරය.+ ඒ තුනම අතරේ එකඟතාවක් තියෙනවා.  දෙවියන් තමන්ගේ පුතා කවුද කියන දේ ගැන සාක්ෂි දෙනවා. මිනිස්සු දෙන සාක්ෂිය අපි පිළිගන්නවා නම් දෙවියන් දෙන සාක්ෂිය ඊටත් වඩා කොච්චර ප්‍රබලද! 10  කෙනෙක් දෙවියන්ගේ පුතාව විශ්වාස කරනවා කියන්නේ දෙවියන් තමන්ගේ පුතා ගැන දෙන සාක්ෂිය එයා පිළිගන්නවා කියන එකයි. ඒත් දෙවියන්ව විශ්වාස කරන්නේ නැති කෙනා ඒ සාක්ෂිය පිළිගන්නේ නැහැ. ඒක හරියට දෙවියන් බොරුකාරයෙක් කියලා කියනවා වගේ.+ 11  දෙවියන් දීපු සාක්ෂිය තමයි ඔහු අපිට සදාකාල ජීවනය දුන්නා කියන දේ.+ ඒ ජීවනය අපිට ලැබෙන්නේ ඔහුගේ පුතා මාර්ගයෙන්.+ 12  දෙවියන්ගේ පුතාව පිළිගන්න කෙනාට ජීවනය ලැබෙනවා. ඔහුව පිළිගන්නේ නැති කෙනාට ජීවනය ලැබෙන්නේ නැහැ.+ 13  දෙවියන්ගේ පුතා ගැන විශ්වාස කරන ඔයාලට සදාකාල ජීවිතය ලැබෙනවා.+ මං මේ දේවල් ලියන්නේ ඔයාලා ඒක දැනගන්නවාට කැමති නිසයි.+ 14  දෙවියන්ගේ කැමැත්තට එකඟව අපි දෙයක් ඉල්ලලා යාච්ඤා කළොත් ඔහු අනිවාර්යයෙන්ම අපිට ඇහුම්කන් දෙනවා.+ අපිට ඒ ගැන කිසිම සැකයක් නැහැ.+ 15  ඒ වගේම අපි මොන දේ ඉල්ලුවත් ඔහු අපිට සවන් දෙනවා කියලා දන්න නිසා ඉල්ලපු දේ අපිට ලැබෙනවා කියලත් අපිට විශ්වාසයි.+ 16  කෙනෙක් දකිනවා නම් එයාගේ සහෝදරයා පාපයක් කරනවා කියලා, ඒක මරණය ලැබෙන්න හේතු වෙන පාපයක් නෙමෙයි නම් එයා ඒ සහෝදරයා වෙනුවෙන් යාච්ඤා කරන්න ඕනේ. එතකොට දෙවියන් ඒ සහෝදරයාට ජීවනය දෙයි.*+ මොකද ඒක මරණය ලැබෙන්න ඕන තරම් පාපයක් නෙමෙයි. මරණය ලැබෙන්න ඕනෙ පාපයකුත් තියෙනවා.+ ඒ වගේ පාපයක් කරන කෙනෙක් ගැන යාච්ඤා කරන එක කොහොමටවත් සුදුසු නැහැ. 17  හැම අධර්මිෂ්ඨ ක්‍රියාවක්ම පාපයක්.+ ඒත් මරණය ලැබෙන්න හේතු නොවෙන පාපත් තියෙනවා. 18  දෙවියන්ගේ දරුවන් දිගටම පව්කාර ක්‍රියාවල යෙදෙන්නේ නැහැ කියලා අපි දන්නවා. මොකද දෙවියන්ගේ පුතා* ඒ අයව රැකබලා ගන්නවා. ඒ නිසා එයාලව අහු කරගන්න යක්ෂයාට* බැහැ.+ 19  අපි දෙවියන්ට යටත් වෙලා ඉන්නවා කියලත් මේ මුළු ලෝකයම යක්ෂයාගේ* බලපෑමට අහු වෙලා+ ඉන්නවා කියලත් අපි දන්නවා. 20  දෙවියන්ගේ පුතා මේ ලෝකයට ආවා කියලත් අපි දන්නවා.+ සැබෑ තැනැත්තාණන්ව හඳුනගන්න* ඕන කරන වටහාගැනීමේ හැකියාව ඔහු අපිට දුන්නා. ඔහුගේ පුතා වන යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් අපි ඔහු එක්ක එකට බැඳිලා ඉන්නවා.+ ඔහු තමයි සැබෑ දෙවියන්. සදාකාල ජීවනය ලබා දෙන්නෙත් ඔහුයි.+ 21  මගේ දරුවෙනි, රූපවලට නමස්කාර කරන එකෙන් වැළකිලා ඉන්න.+

පාදසටහන්

මූ.අ., “වතුර සහ රුධිරය එක්ක ආවා.”
මේකෙන් අදහස් කරන්නේ දෙවියන් එයාට සමාව දෙනවා කියන එක වෙන්න පුළුවන්.
මූ.අ., “දුෂ්ටයාට.”
මූ.අ., “දෙවියන් බිහි කරපු තැනැත්තා.”
මූ.අ., “දුෂ්ටයාගේ.”
මූ.අ., “දෙවියන් ගැන දැනුම ලබාගන්න.”