පළවෙනි රාජාවලිය 19:1-21

  • එලියා යෙසබෙල්ගෙන් පලා යයි (1-8)

  • හොරෙබ්වලදී යෙහෝවා එලියාට දර්ශනය වෙයි (9-14)

  • හසායෙල්ව, යේහුව, එලිෂාව අභිෂේක කරන්න කියලා එලියාට කියයි (15-18)

  • එලියාගෙන් පස්සේ අනාගතවක්තෘ විදිහට එලිෂාව පත් කරයි (19-21)

19  ඊටපස්සේ ආහබ්+ එලියා කරපු හැම දෙයක්ම ගැනයි, එයා අනාගතවක්තෘවරු හැමෝවම කඩුවෙන් මරලා දාපු විදිහ+ ගැනයි යෙසබෙල්ට+ කිව්වා.  ඒක අහපු යෙසබෙල් පණිවිඩකරුවෙක් අතේ එලියාට මෙහෙම කියලා යැව්වා. “ඔයා අර අනාගතවක්තෘවරුන්ට කරපු දේම හෙට මේ වෙලාව වෙද්දී මං ඔයාට කළේ නැත්තං මගේ දෙවිවරු මට දරුණු විදිහට දඬුවම් කරන්න ඕනේ.”  ඒක අහලා එලියා ගොඩක් බය වෙලා එයාගේ ජීවිතේ බේරගන්න එතනින් පැනලා ගියා.+ එයා යූදාවල+ තියෙන බෙයර්ෂෙබාවලට+ ඇවිල්ලා එයාගේ සේවකයාව එහේ නතර කළා.  ඊටපස්සේ එලියා දවසකින් විතර යන්න පුළුවන් දුරක් ඇවිදගෙන පාළුකරයට ගියා. එයා ලොකු පඳුරක්* ළඟට ඇවිත් ඒක යට ඉඳගෙන එයාට මැරෙන්න ඕනෙ කියලා දෙවියන්ට කිව්වා. එයා මෙහෙම කිව්වා. “අනේ යෙහෝවා, මට දැන් ඇති වෙලයි තියෙන්නේ. මගෙන් කිසි වැඩක් නැහැ. මමත් හරියට දැන් මැරිලා ඉන්න මගේ මුතුන්මිත්තන් වගේ.* අනේ, මාව මරලා දාන්න.”+  ඊටපස්සේ ඒ පඳුර යට ඇල වුණ එලියාට නින්ද ගියා. ඒත් එකපාරටම දේවදූතයෙක් ඇවිල්ලා එයාව අල්ලලා+ “දැන් නැඟිටලා මේ කෑම ටික කන්න”+ කියලා එලියාට කිව්වා.  එයා ඔළුව තියන් හිටපු තැනට කිට්ටුවෙන් රත් කරපු ගල් උඩ රොටියකුයි, ඒ ළඟ වතුර ජෝගුවකුයි තියෙනවා එයා දැක්කා. එයා රොටිය කාලා වතුර බීලා ආපහු නිදාගත්තා.  පස්සේ යෙහෝවා දෙවියන්ගේ දූතයා දෙවෙනි පාරටත් ඇවිල්ලා එයාව අල්ලලා මෙහෙම කිව්වා. “දැන් නැඟිටලා මේ කෑම ටික කන්න. ඔයාට දුර ගමනක් යන්න තියෙනවා.”  ඉතින් එලියා නැඟිටලා ඒ කෑම කාලා වතුර බිව්වා. ඒකෙන් හම්බ වුණ ශක්තියෙන් එලියා දවස් 40කුයි, රෑ 40කුයි ඇවිදගෙන ගියා. අන්තිමේදී එයා සැබෑ දෙවියන්ගේ කන්ද වන හොරෙබ් ළඟට ආවා.+  රෑ ගත කරන්න හිතාගෙන එයා එහේ තිබුණ ගුහාවකට ගියා.+ ඒකේ ඉද්දී යෙහෝවා එයාට කතා කරලා “එලියා, ඔයා මෙහේ මොනවාද කරන්නේ” කියලා ඇහුවා. 10  එතකොට එලියා මෙහෙම කිව්වා. “ස්වර්ගයේ සේනාවල දෙවියන් වන යෙහෝවා, මං ඔයා වෙනුවෙන් කොච්චර කැප වෙලා සේවය කළාද!+ ඊශ්‍රායෙල් සෙනඟ ඔයාගේ ගිවිසුම කඩ කළා.+ ඔයාගේ පූජාසන කඩලා දාලා ඔයාගේ අනාගතවක්තෘවරුන්ව කඩුවෙන් මරලා දැම්මා.+ ඉතුරු වෙලා ඉන්නේ මං විතරයි. දැන් එයාලා මාවත් මරන්න හොයනවා.”+ 11  ඒත් දෙවියන් මෙහෙම කිව්වා. “දැන් ගුහාවෙන් එළියට යන්න. කන්ද උඩට ගිහිල්ලා යෙහෝවා වන මං ඉස්සරහා හිටගන්න.” ඒත් එක්කම යෙහෝවා එලියාව පහු කරගෙන ගියා.+ යෙහෝවා දෙවියන් එතනින් යද්දී තද හුළඟක් හැමුවා. ඒ හුළඟට කඳු දෙබෑ වුණා. පර්වත පැළිලා ගියා.+ ඒත් යෙහෝවා ඒ හුළඟේ හිටියේ නැහැ. හුළඟෙන් පස්සේ භූමිකම්පාවක් ඇති වුණා.+ ඒත් යෙහෝවා ඒ භූමිකම්පාවේ හිටියෙත් නැහැ. 12  භූමිකම්පාවෙන් පස්සේ ගින්නක් ඇති වුණා.+ ඒත් යෙහෝවා ඒ ගින්නේ හිටියෙත් නැහැ. ගින්නෙන් පස්සේ සද්දේ අඩු, හරිම සන්සුන් කටහඬක් ඇහුණා.+ 13  ඒක ඇහුණ ගමන්ම එලියා එයාගේ නිලඇඳුමෙන් මුහුණ වහගෙන+ එතනින් එළියට ඇවිල්ලා ගුහාවට ඇතුල් වෙන තැන හිටගත්තා. එතකොට ඒ කටහඬ එයාගෙන් මෙහෙම ඇහුවා. “එලියා, ඔයා මෙහේ මොනවාද කරන්නේ?” 14  එලියා මෙහෙම උත්තර දුන්නා. “ස්වර්ගයේ සේනාවල දෙවියන් වන යෙහෝවා, මං ඔයා වෙනුවෙන් කොච්චර කැප වෙලා සේවය කළාද! ඊශ්‍රායෙල් සෙනඟ ඔයාගේ ගිවිසුම කඩ කළා.+ ඔයාගේ පූජාසන කඩලා දාලා ඔයාගේ අනාගතවක්තෘවරුන්ව කඩුවෙන් මරලා දැම්මා. ඉතුරු වෙලා ඉන්නේ මං විතරයි. දැන් එයාලා මාවත් මරන්න හොයනවා.”+ 15  යෙහෝවා එලියාට මෙහෙම කිව්වා. “දැන් දමස්කය ළඟ තියෙන පාළුකරයට යන්න. එහෙට ගියාම හසායෙල්ව+ සිරියාවේ රජ විදිහට අභිෂේක කරන්න. 16  නිම්ෂිගේ මුනුපුරා යේහුව+ ඊශ්‍රායෙල්වල රජ විදිහට අභිෂේක කරන්න. ඊටපස්සේ ආබෙල්මෙහෝලාවල ඉන්න ෂාපාත්ගේ පුතා එලිෂාව* ඔයාගෙන් පස්සේ අනාගතවක්තෘ විදිහට අභිෂේක කරන්න.+ 17  කවුරු හරි හසායෙල්ගේ කඩුවෙන්+ බේරුණොත් යේහු එයාව මරලා දායි.+ යේහුගේ කඩුවෙන් බේරෙන අයව එලිෂා මරලා දායි.+ 18  බාල් ඉස්සරහා වැඳ වැටුණේ නැති,+ බාල්ව සිපගත්තේ නැති+ 7,000දෙනෙක් තවමත් ඊශ්‍රායෙල්වල ඉන්නවා.”+ 19  එලියා එතනින් පිටත් වෙලා ගිහින් ෂාපාත්ගේ පුතා වුණ එලිෂාව හම්බ වුණා. ඒ වෙලාවේ එලිෂා හිටියේ කෙතක් හාන ගමන්. ඒ වැඩේට ගොන් බාන් 12ක්* පාවිච්චි කළා. එලිෂා හිටියේ 12වෙනි ගොන් බාන එක්ක. එලියා එයා ළඟට ගිහිල්ලා එයාගේ නිලඇඳුම+ එලිෂාට ඇන්දුවා. 20  එලිෂා එයා කරකර හිටපු වැඩේ අත්හැරලා දාලා එලියා පස්සේ දුවගෙන ගිහින් මෙහෙම ඇහුවා. “අනේ, මං ගිහින් මං යනවා කියලා අම්මාටයි, තාත්තාටයි කියලා එන්නද?” එතකොට එලියා “ඒකට ප්‍රශ්නයක් නෑ, ගිහින් එයාලට කියලා එන්න” කියලා එලිෂාට කිව්වා. 21  එලිෂා ආපහු ගිහිල්ලා හරක් දෙන්නෙක් අරගෙන උන්ව මැරුවා.* හාන්න පාවිච්චි කරපු ලී උපකරණ දර විදිහට අරන් එයා ඒ මස් තම්බලා එතන හිටපු සෙනඟට කන්න දුන්නා. ඊටපස්සේ එයා එලියා එක්ක ගිහින් එයාගේ සේවකයා විදිහට වැඩ කරන්න පටන්ගත්තා.+

පාදසටහන්

හෙබ්‍රෙව් භාෂාවෙන් රොතෙම්. වියළි පළාත්වල වැඩෙන මිටි ගහක්.
මූ.අ., “මගේ මුතුන්මිත්තන්ට වඩා මගේ කිසි විශේෂත්වයක් නැහැ.”
තේරුම, “ගැලවීම ලබා දෙන්නේ දෙවියන්.”
ඒ කියන්නේ හරක් ජෝඩු 12ක්.
මූ.අ., “පූජාවක් විදිහට ඔප්පු කළා.”