පළවෙනි ලේකම් 11:1-47

  • ඊශ්‍රායෙල්වරු හැමෝම දාවිත්ව රජ විදිහට අභිෂේක කරයි (1-3)

  • දාවිත් සියොන් යටත් කරගනියි (4-9)

  • දාවිත්ගේ දක්ෂ සෙබළු (10-47)

11  ටික කාලෙකට පස්සේ ඊශ්‍රායෙල්වරු හැමෝම එකතු වෙලා හෙබ්‍රොන්වල+ හිටිය දාවිත්ව හම්බ වෙන්න ඇවිත් මෙහෙම කිව්වා. “අපි හැමෝම සහෝදරයන්.*+  සාවුල් අපේ රජ වෙලා ඉන්න කාලේදීත් ඊශ්‍රායෙල් හමුදාව යුද්දෙට යද්දී පෙරමුණ අරන් වැඩ කළේ ඔයායි.+ ඒ වගේම ඔයාගේ දෙවි වන යෙහෝවා ඔයාට මෙහෙම කිව්වා. ‘මගේ සෙනඟ වන ඊශ්‍රායෙල් ජාතියව රැකබලා ගන්න මම පත් කරන්නේ ඔයාවයි. මං ඔයාව මගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ගේ නායකයා විදිහට පත් කරනවා.’”+  ඊශ්‍රායෙල් වැඩිමහල්ලෝ හැමෝමත් දාවිත්ව හම්බ වෙන්න හෙබ්‍රොන්වලට ඇවිත් හිටියා. දාවිත්, යෙහෝවා දෙවියන් ඉස්සරහා එයාලා එක්ක ගිවිසුමක් ඇති කරගත්තා. ඊටපස්සේ යෙහෝවා සාමුවෙල් මාර්ගයෙන් කියලා තිබුණ විදිහට+ එයාලා මුළු ඊශ්‍රායෙල් දේශයේම රජ විදිහට දාවිත්ව අභිෂේක කළා.+  පස්සේ දාවිත් මුළු ඊශ්‍රායෙල් සෙනඟත් එක්ක යෙරුසලමට ගියා. ඒක කලින් හැඳින්නුවේ යෙබූස+ කියලයි. මොකද ඒ නගරයේ හිටියේ යෙබූසිවරුන්.+  යෙබූස නගරයේ හිටපු අය දාවිත්ට අපහාස කරකර මෙහෙම කිව්වා. “ඔයාට කවදාවත් අපේ නුවරට ඇතුල් වෙන්න ලැබෙන්නේ නැහැ.”+ ඒත් දාවිත් සියොන් බලකොටුව අල්ලගත්තා.+ පස්සේ ඒක දාවිත්ගේ නුවර විදිහට හැඳින්නුවා.+  දාවිත් මෙහෙම කියලා තිබුණා. “මුලින්ම යෙබූසිවරුන්ට පහර දෙන කෙනාව මම හමුදාවේ ප්‍රධානියා සහ අධිපතියෙක් විදිහට පත් කරනවා.” ෂෙරුයියාගේ පුතා යෝවාබ්+ මුලින්ම යෙබූසිවරුන්ට පහර දුන්න නිසා එයාව හමුදාවේ ප්‍රධානියා විදිහට පත් කළා.  සියොන් බලකොටුව අල්ලගත්තාට පස්සේ දාවිත් ඒකේ පදිංචි වුණා. ඒ නිසයි එයාලා ඒක දාවිත්ගේ නුවර විදිහට හැඳින්නුවේ.  දාවිත් නුවරේ පවුරු සහ නුවර වටේම ගොඩක් දේවල් ඉදි කළා. එයා මිල්ලෝ ගොඩැල්ලේ* ඉඳන් ඒක වටේට තියෙන ප්‍රදේශ වෙන කල්ම ඒ ඉදි කිරීම් වැඩ කළා. නුවරේ තිබුණ අනිත් ගොඩනැඟිලි අලුත්වැඩියා කළේ යෝවාබ්.  දාවිත් තව තවත් බලවත් වුණා.+ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දාවිත් එක්කම ඉඳලා එයාට උදව් කළා. 10  දාවිත් යටතේ සේවය කරපු යුද්දෙට දක්ෂ අයගේ ප්‍රධානීන් ගැන පහළින් තියෙනවා. මුළු ඊශ්‍රායෙල් සෙනඟට වගේම එයාලටත් ඕනෙ වුණේ දාවිත් එයාලාගේ පාලකයා වෙනවා දකින්න. යෙහෝවා ඊශ්‍රායෙල්වරුන්ට කියලා තිබුණ විදිහට දාවිත්ව රජ විදිහට පත් කරන්න එයාලා සහයෝගය දුන්නා.+ 11  දාවිත් යටතේ සේවය කරපු යුද්දෙට දක්ෂ මිනිස්සුන්ගේ විස්තර තමයි මේ: යුද්දෙට දක්ෂම තුන්දෙනාගේ ප්‍රධානියා+ වුණේ හක්මෝනිගෙන් පැවතෙන යෂොබෙයාම්.+ එක අවස්ථාවකදී එයා 300දෙනෙක්ව හෙල්ලයෙන් මරලා දැම්මා.+ 12  එයාට පස්සේ දක්ෂම කෙනා වුණේ එලියාසර්.+ එලියාසර්ගේ තාත්තා අහෝවාගෙන්+ පැවතෙන දෝදෝ. එලියාසර් යුද්දෙට දක්ෂම තුන්දෙනාගෙන් එක් කෙනෙක්. 13  පිලිස්තිවරු යුද්ධ කරන්න පාස්දම්මිම්වල+ රැස් වෙලා ඉද්දී දාවිත් ළඟ එයා හිටියා. එහේ බාර්ලි වගා කරපු තැනක් තිබුණා. එහේ හිටපු මිනිස්සු පිලිස්තිවරුන්ට බය වෙලා එහෙන් පලා ගිහින් තිබුණා. 14  ඒත් එලියාසර් කෙත මැදට ගිහින් පිලිස්තිවරුන්ට දිගටම පහර දීලා කෙත බේරගත්තා. එදා යෙහෝවා ඊශ්‍රායෙල්වරුන්ට ලොකු ජයග්‍රහණයක් ලබා දුන්නා.+ 15  ප්‍රධානීන් විදිහට හිටපු පුරුෂයන් 30දෙනාගෙන් 3දෙනෙක් අදුල්ලාම්වල+ තියෙන ගුහාවේ හිටිය දාවිත් ළඟට ගියා. ඒ වෙනකොට පිලිස්තිවරුන්ගේ හමුදාව රෙෆායිම් නිම්නයේ*+ කඳවුරු බැඳගෙනයි හිටියේ. 16  එයාලාගේ මුර කඳවුරක් බෙත්ලෙහෙම්වලත් තිබුණා. දාවිත් හැංගිලා හිටියේ ආරක්ෂාව තියෙන තැනක. 17  ඒ වෙලාවේ දාවිත් මෙහෙම කිව්වා. “බෙත්ලෙහෙමේ+ දොරටුව ළඟ තියෙන පොකුණෙන් මට වතුර ටිකක් බොන්න තිබුණා නම්!” 18  එතකොට ඒ තුන්දෙනා පිලිස්තිවරුන්ගේ මුර කඳවුරට කඩාවැදිලා බෙත්ලෙහෙමේ දොරටුව ළඟ තිබුණ පොකුණෙන් වතුර ඇදලා දාවිත්ට ගිහින් දුන්නා. ඒත් දාවිත් ඒ වතුර බොන්නේ නැතුව යෙහෝවා ඉස්සරහා වතුර ටික බිමට හැලුවා. 19  එයා ඒ වෙලාවේ මෙහෙම කිව්වා. “මට දෙවියන් ගැන ලොකු ගරුබියක් තියෙනවා. ඉතින් මම කොහොමද මේ වතුර බොන්නේ? මේ මිනිස්සු එයාලාගේ ජීවිත පරදුවට තියලයි මේ වතුර ටික ගෙනාවේ.+ මම මේ වතුර බිව්වොත් ඒක හරියට එයාලාගේ ලේ බොනවා වගේ.” ඒ නිසා දාවිත් ඒ වතුර බිව්වේ නැහැ. යුද්දෙට දක්ෂ පුරුෂයන් තුන්දෙනා කරපු වීර ක්‍රියා ඒවායි. 20  තවත් දක්ෂ සටන්කරුවෝ තුන්දෙනෙක් හිටියා. එයාලාගේ ප්‍රධානියා වෙලා හිටියේ යෝවාබ්ගේ සහෝදරයා+ වුණ අබිෂයි.+ එයා 300දෙනෙක්ව හෙල්ලයෙන් මරලා දැම්මා. එඩිතර පුරුෂයන් තුන්දෙනා වගේම එයාත් හුඟක් ප්‍රසිද්ධ වෙලයි හිටියේ.+ 21  එයා තමයි ඒ දක්ෂ සටන්කරුවෝ තුන්දෙනා අතරින් කැපිලා පෙනුණේ. ඒ නිසා එයාව එයාලාගේ නායකයා විදිහට පත් කළා. ඒත් එයාට කවදාවත් මුලින් සඳහන් කරපු පුරුෂයන් තුන්දෙනාගේ තත්වයට එන්න බැරි වුණා. 22  යෙහෝයාදාගේ පුතා වුණ බෙනායාත්+ නිර්භීත සටන්කරුවෙක්.* එයා කබ්ෂෙයෙල්+ නගරයේ හුඟක් වීර ක්‍රියා කරලා තිබුණා. එයා මෝවබ්වලින් ආපු අරියෙල්ගේ පුතාලා දෙන්නාව මරලා දැම්මා. හිම වැටෙන දවසක එයා වළකට බැහැලා ඒක ඇතුළේ හිටපු සිංහයෙක්වත් මැරුවා.+ 23  එයා රියන් පහක්* උස ඊජිප්තු ජාතික යෝධයෙක්වත් මරලා දැම්මා.+ ඒ යෝධයාගේ අතේ රෙදි වියන්න පාවිච්චි කරන පොල්ලකට සමාන හෙල්ලයක්+ තිබුණත් බෙනායාගේ අතේ තිබුණේ පොල්ලක් විතරයි. ඒත් එයා නිර්භීතව යෝධයා ළඟට ගිහින් යෝධයාගේ අතින් හෙල්ලය උදුරගෙන ඒ හෙල්ලයෙන්ම ඇනලා යෝධයාව මැරුවා.+ 24  යෙහෝයාදාගේ පුතා වුණ බෙනායා කරපු වීර ක්‍රියා ඒවායි. යුද්දෙට දක්ෂ පුරුෂයන් තුන්දෙනා වගේම එයාත් හුඟක් ප්‍රසිද්ධ වෙලයි හිටියේ. 25  ප්‍රධානීන් 30දෙනා අතරින් වැඩියෙන්ම කැපී පෙනුණේ බෙනායා වුණත් එයාට කවදාවත් දක්ෂම පුරුෂයන් 3දෙනා වගේ වෙන්න බැරි වුණා.+ දාවිත් බෙනායාව තමන්ගේ ආරක්ෂක නිලධාරීන්ගේ ප්‍රධානියා විදිහට පත් කළා. 26  හමුදා බළඇණිවල හිටපු දක්ෂම සෙබළුන්ගේ නම්: යෝවාබ්ගේ සහෝදරයා වුණ අසහෙල්,+ බෙත්ලෙහෙම්වල ජීවත් වුණ දෝදෝගේ පුතා වුණ එල්හානාන්,+ 27  හාරෝර්වල කෙනෙක් වුණ ෂම්මොත්, පෙලොනියවරයෙක් වුණ හෙලෙෂ්, 28  තෙකෝවාවල කෙනෙක් වුණ ඉක්කෙෂ්ගේ පුතා වුණ ඊරා,+ අනාතොත්වල වැසියෙක් වුණ අබිඑෂෙර්,+ 29  හූෂාවල කෙනෙක් වුණ සිබ්බෙකයි,+ අහෝවාගෙන් පැවතෙන ඉලයි, 30  නෙටොෆාවල වැසියෙක් වුණ මහරයි,+ නෙටොෆාවල හිටපු බානාහ්ගේ පුතා වුණ හේලෙද්,+ 31  බෙන්ජමින් ගෝත්‍රයට+ අයිති නගරයක් වන ගිබෙයාවල වැසියෙක් වුණ රීබයිගේ පුතා ඊතයි, පිරතොන්වල වැසියෙක් වුණ බෙනායා, 32  ගයෂ්වල+ තියෙන නිම්න* අවට ජීවත් වුණ හූරයි, අරබාවල කෙනෙක් වුණ අබියෙල්, 33  බහුරීම්වල වැසියෙක් වුණ අෂ්මාවෙත්, ෂායල්බිම්වල කෙනෙක් වුණ එලියාබා, 34  ගීෂොන්වරයෙක් වුණ හාෂෙම්ගේ පුතාලා, හරාරි ඉඳන් ආපු ෂාගේගේ පුතා වුණ යොනාතාන්, 35  හරාරි ඉඳන් ආපු සාකාර්ගේ පුතා වුණ අහියාම්, ඌර්ගේ පුතා වුණ එලිෆල්, 36  මෙකේරාවල වැසියෙක් වුණ හේෆෙර්, පෙලොනියවරයෙක් වුණ අහියා, 37  කර්මෙල්වල වැසියෙක් වුණ හෙෂ්රො, එෂ්බයිගේ පුතා වුණ නයරයි, 38  නාතන්ගේ සහෝදරයා වුණ යෝවෙල්, හග්රීගේ පුතා වුණ මිබ්හාර්, 39  අම්මොන් ජාතිකයෙක් වුණ ෂෙලෙක්, බියේරොත්වල වැසියෙක් වුණ නහරයි (එයා ෂෙරුයියාගේ පුතා වුණ යෝවාබ්ගේ ආයුධ අරන් ගිය කෙනා), 40  ඉත්රිය ඊරා, ඉත්රිය ගාරෙබ්, 41  හිත්තී ජාතික උරියා,+ ආලයිගේ පුතා වුණ සාබාද් 42  සහ රූබෙන් ගෝත්‍රයට අයිති ෂීසාගේ පුතා වුණ අදිනා. (එයා රූබෙන්වරුන්ගේ ප්‍රධානියෙක්. එයා යටතේ 30දෙනෙක් හිටියා.) 43  ඒ වගේම මයකාගේ පුතා වුණ හානාන්, මිත්නිවරයෙක් වුණ යොෂාපාට්, 44  අෂ්ටාරොත්වල කෙනෙක් වුණ උස්සියා, අරෝයේර්වල වැසියෙක් වුණ හෝතාම්ගේ පුතාලා වුණ ෂාමා සහ යෙයීයෙල්, 45  ෂිම්රිගේ පුතා වුණ යෙදීයයෙල්, එයාගේ මල්ලි වුණ තිෂීවරයෙක් වුණ යෝහා, 46  මහවියෙවල වැසියෙක් වුණ එලියෙල්, එල්නයම්ගේ පුතාලා වුණ යෙරිබයි සහ යොෂවීයා, මෝවබ් ජාතික ඉත්මා, 47  එලියෙල්, ඕබෙද් සහ මෙෂොබාවරයෙක් වුණ යයසියෙල්.

පාදසටහන්

මූ.අ., “අපි ඔබේම ඇට සහ මස්.”
සමහරවිට මේක හදන්න ඇත්තේ නගරයට ආරක්ෂාවක් විදිහට.
හෝ, “තැනිතලාවේ.”
මූ.අ., “එඩිතර සටන්කරුවෙක්ගේ පුතෙක්.”
ඒ යෝධයාගේ උස මීටර් 2.23ක් (අඩි 7.3ක්) විතර. උප. B14 බලන්න.