පළවෙනි ලේකම් 12:1-40

  • දාවිත්ට සහය දුන්න අය (1-40)

12  දාවිත් ෂික්ලග්වලට+ ගිහින් කිෂ්ගේ පුතා වුණ සාවුල්ගෙන්+ හැංගිලා හිටපු කාලේ කට්ටියක් එයාට එකතු වුණා. එයාලත් යුද්ධවලදී දාවිත්ට සහය දීපු දක්ෂ අය අතරේ හිටියා.+ ඒ අය ගැන විස්තර තමයි මේ.  එයාලා දක්ෂ දුනුවායෝ. දුන්නෙන් විදින එක හරි ගල්පටිවලින් විදින එක+ හරි එයාලට දකුණු අතින් වගේම වම් අතිනුත් කරන්න පුළුවන්.+ එයාලා බෙන්ජමින් ගෝත්‍රයට අයිති සාවුල්ගේ සහෝදරයන්.+  එයාලාගේ ප්‍රධානියා අහියේසෙර්. යෝවාෂුත් ප්‍රධානියෙක්. එයාලා දෙන්නාම ගිබෙයාවල+ කෙනෙක් වුණ ෂෙමෙයාගේ පුතාලා. අෂ්මාවෙත්ගේ+ පුතාලා වුණ යෙෂීයෙල් සහ පෙලෙට්, බෙරාකා, අනාතොත්වල වැසියෙක් වුණ යේහු,  ගිබියොන්වල+ කෙනෙක් වුණ ඉෂ්මයියා (ඉෂ්මයියා යුද්දෙට දක්ෂ 30දෙනාගෙන් කෙනෙක්+ වගේම එයාලාගේ ප්‍රධානියා), යෙරෙමියා, යහෂියෙල්, යෝහානාන්, ගෙදේරාවල වැසියෙක් වුණ යෝෂාබාද්,  එලූසායි, යෙරිමොත්, බෙයලියා, ෂෙමරියා, හාරිෆ්වරයෙක් වුණ ෂෙපටියා,  කෝරාගෙන්+ පැවතෙන එල්කානා, ඉෂ්ෂියා, අෂරෙල්, යොවේෂෙර්, යෂොබෙයාම්,  ගෙදොර්වල කෙනෙක් වුණ යෙරොහාම්ගේ පුතාලා වුණ යොවේලා සහ සෙබදියා.  ගාද් ගෝත්‍රයෙන් කට්ටියකුත් පාළුකරයේ දාවිත් හැංගිලා හිටපු තැනට ගිහින් එයාට එකතු වුණා.+ එයාලා හොඳට පුහුණු වුණ යුද්දෙට හරිම දක්ෂ අය. ඒ වගේම එයාලට දක්ෂ විදිහට ලොකු පලිස් සහ හෙල්ල හසුරුවන්නත් පුළුවන්. එයාලාගේ මුහුණු හරියට සිංහයෝ වගේ.* එයාලා කඳුකරයේ ඉන්න මුවන් වගේ හරිම වේගවත්.  එයාලාගේ ප්‍රධානියා එෂෙර්. දෙවෙනියා ඔබදියා. තුන්වෙනියා එලියාබ්. 10  හතරවෙනියා මිෂ්මන්නා. පස්වෙනියා යෙරෙමියා. 11  හයවෙනියා අත්තයි. හත්වෙනියා එලියෙල්. 12  අටවෙනියා යෝහානාන්. නමවෙනියා එල්සාබාද්. 13  දහවෙනියා යෙරෙමියා. එකොළොස්වෙනියා මක්බන්නයි. 14  හමුදාවේ ප්‍රධානීන් වුණ එයාලා ගාද්ගෙන්+ පැවතෙන අය. එයාලා අතර හිටපු ශක්තියෙන් අඩුම කෙනා සෙබළු 100කට සමානයි. ශක්තිමත්ම කෙනා සෙබළු 1,000කට සමානයි.+ 15  අවුරුද්දේ පළවෙනි මාසේ යොර්දාන් ගඟ පිටාර ගලන කාලේදී ඒකෙන් එගොඩ වෙලා තැනිතලාවල හිටපු අයව නැඟෙනහිර පැත්තටත් බස්නාහිර පැත්තටත් එළවලා දැම්මේ එයාලයි. 16  බෙන්ජමින් සහ යූදා ගෝත්‍රවලට අයිති සමහර අයත් දාවිත් හැංගිලා හිටපු තැනට ආවා.+ 17  එතකොට දාවිත් එයාලා ළඟට ගිහිල්ලා මෙහෙම කිව්වා. “ඔයාලා ආවේ මට උදව් කරන අදහසින් නම් මං ඔයාලව යාළුවන් විදිහට පිළිගන්නවා. ඒත් ඔයාලා ආවේ වරදක් කරලා නැති මාව මගේ සතුරන් අතට අල්ලලා දෙන්න නම් අපේ මුතුන්මිත්තන්ගේ දෙවියන් ඒ දිහා බලලා තීන්දුවක් දෙයි.”+ 18  ඒ වෙලාවේ තිස්දෙනාගේ ප්‍රධානියා වුණ අමාසායිට+ දෙවියන්ගේ බලය ලැබුණා.* එයා මෙහෙම කිව්වා. “දාවිත්, අපි ඔයා එක්කයි. යෙස්සේගේ පුතා, අපි සහයෝගය දෙන්නේ ඔයාටයි.+ ඔයාටයි, ඔයාට උදව් කරන අයටයි කිසිම දේකින් අඩුවක් නොවේවා!ඔයාගේ දෙවියන් ඔයාගේ උදව්වට ඉන්නවා.”+ ඉතින් දාවිත් එයාලව පිළි අරන් හමුදාවේ ප්‍රධානීන් විදිහට එයාලව පත් කළා. 19  පිලිස්තිවරු දාවිත් එක්ක සාවුල්ට විරුද්ධව සටන් කරන්න ආපු වෙලාවේ මනස්සේ ගෝත්‍රයට අයිති සමහර අයත් දාවිත්ගේ පැත්තට ආවා. පිලිස්තිවරුන්ගේ අධිපතීන්+ එකතු වෙලා කතා කළාට පස්සේ එයාලා මෙහෙම කිව්වා. “දාවිත් එයාගේ ස්වාමියා වන සාවුල්ගේ පැත්ත අරන් අපිව මරලා දායි.”+ එහෙම කියලා එයාලා දාවිත්ව පිටත් කරලා යැව්වා. ඒ නිසා දාවිත් පිලිස්තිවරුන්ට උදව් කළේ නැහැ. 20  දාවිත් ෂික්ලග්වලට+ ගියාම එයාගේ පැත්තට ආව මනස්සේ ගෝත්‍රයට අයිති අයගේ නම්: අද්නාහ්, යෝෂාබාද්, යෙදීයයෙල්, මිකායෙල්, යෝෂාබාද්, එලිහු සහ ෂිල්ලෙතයි. එයාලා මනස්සේ+ ගෝත්‍රයේ 1,000 ගාණේ වෙන් කරපු කණ්ඩායම්වල අධිපතීන්. 21  කොල්ලකරුවන්ගේ කණ්ඩායම් මර්දනය කරන්න එයාලා දාවිත්ට උදව් කළා. මොකද ඒ හැමෝම යුද්දෙට දක්ෂ, එඩිතර පුරුෂයන්.+ පස්සේ දාවිත් එයාලව හමුදාවේ ප්‍රධානීන් විදිහට පත් කළා. 22  දවසින් දවස දාවිත්ට එකතු වුණ අයගේ ගාණ වැඩි වුණා.+ එයාලා හරියට දෙවියන්ගේ හමුදාව වගේ විශාල හමුදාවක් වුණා.+ 23  හෙබ්‍රොන්වලදී+ දාවිත්ට එකතු වුණ යුද්දෙට සූදානම් වෙලා හිටපු සෙබළුන්ගේ ගාණ පහළින් තියෙනවා. එයාලා ආවේ යෙහෝවා තීරණය කරලා තිබුණ විදිහට සාවුල්ගේ රජකම දාවිත්ට ලබා දෙන්නයි.+ 24  යූදා ගෝත්‍රයෙන් 6,800දෙනෙක් ආවා. එයාලා හැමෝම ලොකු පලිස් සහ හෙල්ල අතේ තියාගෙන යුද්දෙට සූදානම් වෙලා හිටපු අය. 25  සිමියොන් ගෝත්‍රයෙන් 7,100දෙනෙක් ආවා. ඒ හැමෝම යුද්දෙට දක්ෂ, එඩිතර පුරුෂයන්. 26  ලෙවී ගෝත්‍රයෙන් 4,600දෙනෙක් එකතු වුණා. 27  ආරොන්ගෙන් පැවතෙන අයගේ+ ප්‍රධානියා විදිහට හිටියේ යෙහෝයාදා.+ එයාත් එක්ක තව 3,700දෙනෙක් වගේම 28  තරුණ, එඩිතර, යුද්දෙට දක්ෂ සාදොක්+ හිටියා. සාදොක් එක්ක එයාගේ පෙළපතේ ප්‍රධානීන් 22දෙනෙකුත් ආවා. 29  සාවුල්ගේ සහෝදරයන්+ වුණ බෙන්ජමින් ගෝත්‍රයට අයිති අයගෙන් 3,000දෙනෙක් දාවිත්ට එකතු වුණා. එයාලාගෙන් වැඩිදෙනෙක් කලින් සාවුල්ටයි, එයාගේ පවුලේ අයටයි සහයෝගය දුන්න අය. 30  එෆ්‍රායිම් ගෝත්‍රයෙන් 20,800දෙනෙක් ආවා. එයාලා හැමෝම එයාලාගේ පෙළපතේ හොඳ නමක් දිනාගත්ත, යුද්දෙට දක්ෂ, එඩිතර පුරුෂයන්. 31  දාවිත්ව රජ විදිහට පත් කරන්න මනස්සේ ගෝත්‍රයේ එක කොටසකින් 18,000දෙනෙක් විශේෂයෙන්ම තෝරගෙන තිබුණා. 32  ඉසකාර් ගෝත්‍රයෙන් ප්‍රධානීන් 200දෙනෙක් දාවිත්ට එකතු වුණා. මුහුණ දෙන තත්වයට අනුව ඊශ්‍රායෙල් සෙනඟ කරන්න ඕනෙ සුදුසුම දේ මොකක්ද කියලා එයාලට හොඳ අවබෝධයක් තිබුණා. එයාලාගේ සහෝදරයෝ හැමෝම එයාලට කීකරු වුණා. 33  සෙබ්‍යූලන් ගෝත්‍රයෙන් හමුදාවේ සේවය කරන්න පුළුවන් 50,000ක් ආවා. යුද්ධ කරන්න සූදානම් වෙලා හිටපු එයාලා ළඟ හැම අවිආයුධයක්ම තිබුණා. දාවිත්ට එකතු වුණ ඒ හැමෝම එයාට සම්පූර්ණ* සහයෝගය දුන්නා. 34  නෆ්තලී ගෝත්‍රයෙන් ප්‍රධානීන් 1,000ක් ආවා. එයාලා එක්ක ලොකු පලිස් සහ හෙල්ල අතේ තිබුණ 37,000දෙනෙක් හිටියා. 35  දාන් ගෝත්‍රයෙන් සටනට සූදානම් වෙලා හිටපු 28,600දෙනෙක් දාවිත්ට එකතු වුණා. 36  ආෂෙර් ගෝත්‍රයෙන් හමුදාවේ සේවය කරන්න පුළුවන් 40,000ක් ආවා. එයාලා හැමෝම යුද්ධ කරන්න සූදානම් වෙලයි හිටියේ. 37  යොර්දාන් ගඟෙන් එගොඩ+ හිටපු රූබෙන් ගෝත්‍රයෙන්, ගාද් ගෝත්‍රයෙන් සහ මනස්සේ ගෝත්‍රයේ එක කොටසකින් සෙබළු එක්ලක්ෂ විසිදාහක් ආවා. එයාලා ළඟ හැම අවිආයුධයක්ම තිබුණා. 38  එයාලා හැමෝම යුද්දෙට සුදානම් වෙලා හිටපු සෙබළු. ඒ හැමෝම හෙබ්‍රොන්වලට ආවේ දාවිත්ව මුළු ඊශ්‍රායෙල් දේශයේම රජකමට පත් කරන අරමුණින්. අනිත් ඊශ්‍රායෙල්වරු හැමෝටම ඕනෙ වුණෙත් දාවිත්ව රජ විදිහට පත් කරන්නයි.+ 39  එයාලාගේ සහෝදරයන් ලෑස්ති කරලා තිබුණ කෑම බීම කාලා බීලා එයාලා දාවිත් එක්ක දවස් තුනක් එහේ හිටියා. 40  ඒ අවට හිටපු අය වගේම ඈත ප්‍රදේශවල ජීවත් වුණ අය පවා ඒ කියන්නේ ඉසකාර්, සෙබ්‍යූලන් සහ නෆ්තලී ගෝත්‍රවල අයත් ඔටුවන්, බූරුවන්, කොටළුවන් සහ ගවයන් පිටේ කෑම බීම පටවගෙන ආවා. පිටි, වියළි අත්තික්කා කුට්ටි, වියළි මිදි කුට්ටි, වයින් සහ තෙල් එයාලා ගෙනාවා. හරක් සහ බැටළුවන් විශාල ප්‍රමාණයකුත් එයාලා අරන් ආවා. මොකද ඊශ්‍රායෙල් දේශයේ හිටපු හැමෝම ගොඩක් සතුටු වුණා.

පාදසටහන්

මේකෙන් අදහස් කරනවා ඇත්තේ යුද්ධවලදී එයාලා පෙන්නපු නිර්භීතකම නැත්නම් එයාලට තිබුණ නිර්භීත පෙනුම වෙන්න ඇති.
මූ.අ., “දෙවියන්ගේ බලයෙන් එයාව වහගත්තා.”
හෝ, “දෙහිතකින් ඉන්නේ නැතුව.”