පළවෙනි ලේකම් 14:1-17

  • දාවිත්ගේ රජකම තහවුරු වෙයි (1, 2)

  • දාවිත්ගේ පවුලේ අය (3-7)

  • පිලිස්තිවරුන්ව පරාජය කරයි (8-17)

14  තීර්වල රජ වුණ හීරාම්,+ දාවිත් ගාවට නියෝජිත පිරිසක්ව යැව්වා. එයා දාවිත්ගේ මාලිගාව හදන්න බිත්ති බඳින අයවත් වඩු වැඩ කරන අයවත් ඉදි කිරීම් වැඩවලට ඕනෙ කරන දේවදාර ලීත් දාවිත්ට යැව්වා.+  යෙහෝවා දෙවියන් ඊශ්‍රායෙල් දේශය පුරාම දාවිත්ගේ බලය තහවුරු කළා කියලා එයා තේරුම්ගත්තා.+ දෙවියන් දාවිත්ව ශ්‍රේෂ්ඨ රජ කෙනෙක් කළේ ඔහුගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරු වෙනුවෙන් කියලත් දාවිත්ට තේරුණා.+  දාවිත් යෙරුසලමේදී තවත් භාර්යාවන්ව විවාහ කරගත්තා.+ එහෙදී දාවිත්ට තවත් දුවලා පුතාලා ඉපදුණා.+  යෙරුසලමේදී දාවිත්ට ඉපදුණ දරුවන්ගේ නම්:+ ෂම්මුවා, ෂෝබාබ්, නාතන්,+ සලමොන්,+  ඉබ්හාර්, එලිෂුවා, එල්පෙලෙත්,  නෝගා, නෙෆෙග්, යාෆියා,  එලිෂාමා, බෙයෙලියාදා සහ එලිෆෙලෙත්.  දාවිත්ව ඊශ්‍රායෙල්වල රජ විදිහට අභිෂේක කරලා+ කියලා ආරංචි වුණාම පිලිස්තිවරු එයාලාගේ මුළු හමුදාවම එකතු කරගෙන දාවිත් එක්ක සටන් කරන්න ආවා.+ ඒක දැනගත්තාම දාවිත් එයාලට විරුද්ධව සටනට ගියා.  පිලිස්තිවරු රෙෆායිම් නිම්නයට*+ ඇවිත් සැරෙන් සැරේට ප්‍රහාර එල්ල කළා. 10  ඒ වෙලාවේ දාවිත් දෙවියන්ගෙන් මෙහෙම ඇහුවා. “මම පිලිස්තිවරු එක්ක සටන් කරන්නද? එයාලව යටත් කරගන්න ඔයා මට උදව් කරනවාද?” යෙහෝවා දාවිත්ට කිව්වා “ගිහින් එයාලත් එක්ක සටන් කරන්න. එයාලව යටත් කරගන්න මම අනිවාර්යයෙන්ම ඔයාට උදව් කරනවා”+ කියලා. 11  ඉතින් දාවිත් රජ බාල්පෙරාෂිම්වලට+ ගිහින් පිලිස්තිවරු එක්ක සටන් කරලා එයාලව පරාජය කළා. ඒ වෙලාවේ දාවිත් මෙහෙම කිව්වා. “වේගයෙන් ගලාගෙන යන ජල පහරක් වගේ සැබෑ දෙවියන් මට ඉස්සරහින් ගිහින් මගේ සතුරන්ව විනාශ කළා.” ඒ නිසා එයාලා ඒ තැනට බාල්පෙරාෂිම්* කියන නම දුන්නා. 12  පිලිස්තිවරු එයාලාගේ දෙවිවරුන්ගේ රූප එතනම දාලා පලා ගිහින් තිබුණා. ඒ රූප පුච්චලා දාන්න කියලා දාවිත් අණ කළාම එයාත් එක්ක හිටපු සෙනඟ ඒවා පුච්චලා දැම්මා.+ 13  පිලිස්තිවරු ආයෙත් ඒ නිම්නයට ඇවිල්ලා ප්‍රහාරයක් එල්ල කළා.+ 14  ඒ වෙලාවෙත් දාවිත් දෙවියන්ගෙන් ඇහුවා එයාලා එක්ක සටන් කරන්න යන්නද කියලා. එතකොට සැබෑ දෙවියන් දාවිත්ට මෙහෙම කිව්වා. “මේ පාර නම් එයාලා ඉස්සරහට ගිහින් සටන් කරන්න එපා. වටෙන් ගිහින් බේකා පඳුරු පිටිපස්සේ හැංගිලා ඉන්න. එයාලට පහර දෙන්න වෙලාව ආවාම පඳුරු ඉස්සරහට යන්න.+ 15  බේකා පඳුරු අතරින් පිරිසක් ඇවිදිනවා වගේ සද්දයක් ඔයාට ඇහෙයි. ඒක ඇහුණ ගමන්ම ගිහින් පිලිස්තිවරුන්ට පහර දෙන්න. සැබෑ දෙවියන් වන මං ඔයාට ඉස්සරහින් ගිහින් සටන් කරනවා+ කියන්න ඒක ලකුණක්.” 16  දාවිත් සැබෑ දෙවියන් කියපු විදිහටම කළා.+ එයාලා ගිබියොන් ඉඳන් ගෙෂෙර්+ වෙන කල් ගිහින් පිලිස්තිවරුන්ට පහර දුන්නා. 17  හැම දේශයකම හිටපු මිනිස්සු අතරේ දාවිත් ගොඩක් ප්‍රසිද්ධ වුණා. යෙහෝවා ඒ ජාතීන්ගේ හිත්වල දාවිත් ගැන ලොකු බයක් ඇති කළා.+

පාදසටහන්

හෝ, “තැනිතලාවට.”
තේරුම, “කඩාගෙන බිඳගෙන යන.”