පළවෙනි ලේකම් 18:1-17

  • දාවිත්ගේ ජයග්‍රහණ (1-13)

  • දාවිත් පත් කරපු නිලධාරීන් (14-17)

18  ටික කාලෙකට පස්සේ දාවිත් පිලිස්තිවරු එක්ක සටන් කරලා එයාලව පැරැද්දුවා. ඒ වගේම පිලිස්තිවරුන්ට අයිති ගාත්+ සහ ඒ අවට තිබුණ කුඩා නගර දාවිත් එයාගේ යටතට ගත්තා.+  ඊටපස්සේ දාවිත් මෝවබ්වරුන්ටත් පහර දීලා එයාලව පරාජය කළා.+ මෝවබ්වරු දාවිත්ට යටත් වෙලා එයාට කප්පම් ගෙවන්න පටන්ගත්තා.+  ෂොබාවල+ රජ වෙලා හිටිය හදද්එෂෙර්+ යුප්‍රටීස් ගඟ ළඟ තියෙන ප්‍රදේශය+ ආයෙත් එයාගේ යටතට ගන්න පිටත් වුණා. ඒ වෙලාවේ දාවිත් හමාත්වලදී+ එයාත් එක්ක සටන් කරලා එයාව පරාජය කළා.  හදද්එෂෙර්ට අයිති අශ්ව රථ 1,000කුත් අසරුවන් 7,000කුත් පාබළ හමුදාවෙන් මිනිස්සු 20,000කුත් දාවිත් අල්ලගත්තා.+ අශ්ව රථ ඇදගෙන ගිය අශ්වයන් 100දෙනෙක්ගේ ඇරෙන්න එයා අනිත් හැම අශ්වයෙක්ගෙම කකුල් තුවාල කළා.+  දමස්කයේ හිටිය සිරියානුවන් ෂොබාවල රජ වන හදද්එෂෙර්ගේ උදව්වට ආවා. දාවිත් එයාලාගෙන් 22,000ක් මරලා දැම්මා.+  දාවිත් සිරියාවේ දමස්කය කියන නගරයේ මුර කඳවුරු පිහිටෙව්වා. සිරියානුවනුත් දාවිත්ගේ දාසයෝ වෙලා එයාට කප්පම් ගෙව්වා. යෙහෝවා උදව් කරපු නිසා ගියගිය හැම තැනකදීම දාවිත්ට පුළුවන් වුණා සතුරන්ව පරද්දන්න.+  දාවිත් හදද්එෂෙර්ගේ සේවකයන් ගාව තිබුණ රන් පලිස් යෙරුසලමට අරන් ගියා.  හදද්එෂෙර් යටතේ තිබුණ තිබ්හත් සහ කූන් කියන නගරවල තිබුණ විශාල තඹ ප්‍රමාණයකුත් දාවිත් අරන් ගියා. සලමොන් ඒ තඹවලින් තමයි පස්සේ කාලෙක දේවමාලිගාවේ තිබුණ මුහුද කියලා හඳුන්වපු විශාල තඹ භාජනයයි,+ කුලුනුයි, අනිත් තඹ භාජනයි+ හැදුවේ.  දාවිත් ෂොබාවල+ රජ වුණ හදද්එෂෙර්ගේ+ මුළු හමුදාවම පරාජයට පත් කළා කියලා හමාත්වල රජ වුණ තොයුට ආරංචි වුණ ගමන්ම 10  එයා දාවිත්ගේ සැප දුක් අහන්නත් හදද්එෂෙර්ව පරද්දපු එකට සුබ පතන්නත් එයාගේ පුතා වුණ හදොරාම්ව දාවිත් ළඟට යැව්වා. (මොකද හදද්එෂෙර් රජ නිතරම වගේ තොයු රජත් එක්ක සටනට ඇවිත් තිබුණා.) හදොරාම් එහෙට ගියේ රන්, රිදී සහ තඹවලින් හදපු විවිධ භාණ්ඩත් අරගෙනයි. 11  දාවිත් රජ ඒ භාණ්ඩයි, එයා පරාජය කරපු ජාතීන්ගෙන් ගත්ත රන් සහ රිදීයි යෙහෝවා දෙවියන්ට කැප කළා.+ ඒ විදිහට දාවිත් ඒදොම්වරුන්ගෙන්, මෝවබ්වරුන්ගෙන්, අම්මොන්වරුන්ගෙන්,+ පිලිස්තිවරුන්ගෙන්+ සහ අමලෙක්වරුන්ගෙන්+ ගත්ත හැම වස්තුවක්ම දෙවියන්ට කැප කළා. 12  ෂෙරුයියාගේ+ පුතා වුණ අබිෂයි+ ලුණු නිම්නයේදී ඒදොම්වරු 18,000ක්ව මරලා දැම්මා.+ 13  එයා ඒදොම් දේශයේ මුර කඳවුරු පිහිටෙව්වා. ඒදොම්වරු හැමෝමත් දාවිත්ගේ සේවකයෝ වුණා.+ දාවිත් ගියගිය හැම තැනකදීම එයාගේ සතුරන්ව පරාජය කරන්න යෙහෝවා උදව් කළා.+ 14  දාවිත් දිගටම මුළු ඊශ්‍රායෙල් දේශයම පාලනය කළා.+ එයා හැමෝටම යුක්තිය ඉටු කරපු, ධර්මිෂ්ඨ පාලකයෙක්.+ 15  එයාගේ හමුදාපති වෙලා හිටියේ ෂෙරුයියාගේ පුතා වුණ යෝවාබ්.+ රජගේ වාර්තාකරු විදිහට සේවය කළේ අහිලුද්ගේ පුතා වුණ යෙහෝෂපාට්.+ 16  අහිතුබ්ගේ පුතා වුණ සාදොක් සහ අබියාතර්ගේ පුතා වුණ අහිමෙලෙක් පූජකයන් විදිහට සේවය කළා. ලේකම් විදිහට වැඩ කළේ ෂව්ෂා. 17  යෙහෝයාදාගේ පුතා වුණ බෙනායා කෙරෙතිවරුන්ගේ+ සහ පෙලෙතිවරුන්ගේ+ අධිපතියා විදිහට වැඩ කළා. දාවිත් රජගේ පුතාලා තමයි එයාට පස්සේ තිබුණ ප්‍රධාන තනතුරුවල හිටියේ.

පාදසටහන්