පළවෙනි ලේකම් 2:1-55
2 ඊශ්‍රායෙල්ගේ+ පුතාලාගේ නම්: රූබෙන්,+ සිමියොන්,+ ලෙවී,+ යූදා,+ ඉසකාර්,+ සෙබ්‍යූලන්,+
2 දාන්,+ යෝසෙප්,+ බෙන්ජමින්,+ නෆ්තලී,+ ගාද්+ සහ ආෂෙර්.+
3 යූදාගේ පුතාලාගේ නම්: ඒර්, ඕනාන් සහ ෂේලා. ෂුවාගේ දුව තමයි ඒ තුන්දෙනාගේ අම්මා. එයා කානාන් ජාතික ස්ත්‍රියක්.+ යූදාගේ කුලුඳුල් පුතා වුණ ඒර් යෙහෝවා දෙවියන් ඉස්සරහා හරිම දුෂ්ට දේවල් කරපු නිසා දෙවියන් එයාව මරලා දැම්මා.+
4 යූදාගේ ලේළි වුණ තාමර්ට+ යූදාගෙන් පුතාලා දෙන්නෙක් ලැබුණා. එයාලාගේ නම් පේරෙස්+ සහ සේරා. යූදාට පුතාලා පස්දෙනෙක් හිටියා.
5 පේරෙස්ගේ පුතාලාගේ නම් හෙස්‍රොන් සහ හාමුල්.+
6 සේරාගේ පුතාලාගේ නම්: සිම්රී, ඒතන්, හේමාන්, කල්කොල් සහ දාරා. සේරාට පුතාලා පස්දෙනෙක් හිටියා.
7 කාමීගේ පුතා ආකාර්.* එයා තමයි ඊශ්‍රායෙල් ජාතිය පිටට ලොකු විනාශයක් ගෙනාවේ.+ විනාශ කරන්න කියපු දේවල් ගැන දුන්න ආඥාවට එයා අකීකරු වුණා.+
8 ඒතන්ගේ පුතා* අෂරියා.
9 හෙස්‍රොන්ගේ පුතාලාගේ නම්: යෙරාමෙයෙල්,+ රාම්+ සහ කෙලුබයි.*
10 රාම්ගේ පුතා අමිනදාබ්.+ අමිනදාබ්ගේ පුතා නාෂොන්.+ එයා යූදාගෙන් පැවත එන අයගේ අධිපතියා.
11 නාෂොන්ගේ පුතා සල්මා.+ සල්මාගේ පුතා බෝවස්.+
12 බෝවස්ගේ පුතා ඕබෙද්. ඕබෙද්ගේ පුතා යෙස්සේ.+
13 යෙස්සේගේ කුලුඳුල් පුතා එලියාබ්. දෙවෙනියා අබිනාදාබ්.+ තුන්වෙනියා ෂිමෙයා.+
14 හතරවෙනියා නෙතනෙල්. පස්වෙනියා රද්දයි.
15 හයවෙනියා ඔෂෙම්. හත්වෙනියා දාවිත්.+
16 එයාලාගේ සහෝදරියන්ගේ නම් ෂෙරුයියා සහ අබිගායිල්.+ ෂෙරුයියාට අබිෂයි,+ යෝවාබ්+ සහ අසහෙල්+ කියලා පුතාලා තුන්දෙනෙක් හිටියා.
17 අබිගායිල්ට අමාසා+ කියලා පුතෙක් හිටියා. අමාසාගේ තාත්තා ඉෂ්මායෙල්වරයෙක් වුණ යෙතෙර්.
18 හෙස්‍රොන්ගේ පුතා වුණ කාලෙබ්ට* යේෂෙර්, ෂෝබාබ් සහ අර්දොන් කියලා පුතාලා හිටියා. ඒ අයව හම්බ වුණේ එයාගේ භාර්යාවන් වුණ අෂූබා සහ යෙරියොත්ගෙන්.
19 අෂූබා මැරුණාට පස්සේ කාලෙබ් එෆ්‍රාත්ව+ විවාහ කරගත්තා. එෆ්‍රාත්ට කාලෙබ්ගෙන් හූර්+ කියන පුතා හම්බ වුණා.
20 හූර්ගේ පුතා උරී. උරීගේ පුතා බෙසලෙල්.+
21 හෙස්‍රොන් මාකීර්ගේ දුවව විවාහ කරගත්තා. මාකීර්+ කියන්නේ ගිලියද්ගේ+ තාත්තා. මාකීර්ගේ දුවව විවාහ කරගද්දී හෙස්‍රොන්ට වයස අවුරුදු 60යි. හෙස්‍රොන්ගේ බිරිඳට එයාගෙන් සේගුබ් ඉපදුණා.
22 සේගුබ්ගේ පුතා යායිර්.+ එයා ගිලියද් දේශයේ+ නගර 23ක් අයිති කරගත්තා.
23 කාලෙකට පස්සේ ගෙෂූර්වල+ සහ සිරියාවේ+ අය හව්වෝත්යායිර්,+ කේනත්+ වගේම කේනත්වලට කිට්ටුව තිබුණ කුඩා නගර 60ක් අල්ලගත්තා. ගිලියද්ගේ තාත්තා වුණ මාකීර්ගෙන් පැවතෙන අය ගැන විස්තර තමයි ඒ.
24 හෙස්‍රොන්+ කාලෙබ්එෆ්‍රාතා කියන ස්ථානයේ මැරෙද්දී එයාගේ බිරිඳ වුණ අබියා ගැබ් අරන් හිටියේ. එයා අෂ්හූර්ව+ බිහි කළා. අෂ්හූර් තමයි තෙකෝවාගේ+ තාත්තා.*
25 හෙස්‍රොන්ගේ කුලුඳුල් පුතාගේ නම යෙරාමෙයෙල්. යෙරාමෙයෙල්ගේ පුතාලාගේ නම්: කුලුඳුල් පුතා රාම්. අනිත් පුතාලා බූනා, ඔරෙන්, ඔෂෙම් සහ අහියා.
26 යෙරාමෙයෙල්ට අටාරා කියලා තවත් බිරිඳක් හිටියා. එයා ඕනාම්ව බිහි කළා.
27 යෙරාමෙයෙල්ගේ කුලුඳුලා වුණ රාම්ගේ පුතාලාගේ නම්: මයෂ්, යාමින් සහ ඒකෙර්.
28 ඕනාම්ගේ පුතාලාගේ නම් ෂම්මයි සහ යාදා. ෂම්මයිගේ පුතාලාගේ නම් නාදාබ් සහ අබිෂූර්.
29 අබිෂූර්ගේ බිරිඳගේ නම අබිහයිල්. එයාට අබිෂූර්ගෙන් ආබාන් සහ මෝලිද් ඉපදුණා.
30 නාදාබ්ගේ පුතාලාගේ නම් සෙලෙද් සහ අප්පයිම්. සෙලෙද්ට දරුවන් හිටියේ නැහැ.
31 අප්පයිම්ගේ පුතා* ඉෂී. ඉෂීගේ පුතා* ෂේෂාන්. ෂේෂාන්ගෙන් තමයි ආලයි පැවතෙන්නේ.
32 ෂම්මයිගේ මල්ලි වුණ යාදාගේ පුතාලාගේ නම් යෙතෙර් සහ යොනාතාන්. යෙතෙර්ට දරුවන් හිටියේ නැහැ.
33 යොනාතාන්ගේ පුතාලාගේ නම් පෙලෙත් සහ සාසා. යෙරාමෙයෙල්ගෙන් පැවතෙන අය තමයි ඒ.
34 ෂේෂාන්ට හිටියේ දුවලා විතරයි. එයාට යර්හා කියලා ඊජිප්තු ජාතික සේවකයෙක් හිටියා.
35 ෂේෂාන් එයාගේ දුවෙක්ව යර්හාට විවාහ කරලා දුන්නා. ඒ දුවට යර්හාගෙන් අත්තයිව හම්බ වුණා.
36 අත්තයිගේ පුතා නාතන්. නාතන්ගේ පුතා සාබාද්.
37 සාබාද්ගේ පුතා එෆ්ලාල්. එෆ්ලාල්ගේ පුතා ඕබෙද්.
38 ඕබෙද්ගේ පුතා යේහු. යේහුගේ පුතා අෂරියා.
39 අෂරියාගේ පුතා හෙලෙෂ්. හෙලෙෂ්ගේ පුතා එලෙයාසා.
40 එලෙයාසාගේ පුතා සිස්මයි. සිස්මයිගේ පුතා ෂල්ලුම්.
41 ෂල්ලුම්ගේ පුතා යෙකමියා. යෙකමියාගේ පුතා එලිෂාමා.
42 යෙරාමෙයෙල්ගේ මල්ලි වුණ කාලෙබ්ගේ*+ පුතාලාගේ නම්: කුලුඳුලා වුණ මේෂා. මේෂා තමයි ෂිප්ගේ තාත්තා. මරේෂාහ්ටත් පුතාලා හිටියා. හෙබ්‍රොන් එයාගේ පුතෙක්.
43 හෙබ්‍රොන්ගේ පුතාලාගේ නම්: කෝරා, තප්පුවා, රෙකෙම් සහ ෂෙමා.
44 ෂෙමාගේ පුතා රාහම්. එයා තමයි යොර්කෙයාම්ගේ තාත්තා. රෙකෙම්ගේ පුතා ෂම්මයි.
45 ෂම්මයිගේ පුතා මායොන්. එයා තමයි බෙත්ෂූර්ගේ+ තාත්තා.
46 කාලෙබ්ගේ උපභාර්යාව වුණ ඒෆාට හාරාන්, මෝෂා සහ ගාෂෙෂ් ඉපදුණා. හාරාන්ගේ පුතා ගාෂෙෂ්.
47 යාදයිගේ පුතාලාගේ නම්: රෙගෙම්, යෝතම්, ගේෂාන්, පෙලෙට්, ඒෆා සහ ෂයප්.
48 කාලෙබ්ගේ උපභාර්යාව වුණ මයකාට ෂෙබෙර් සහ තිර්හනා ඉපදුණා.
49 ඊටපස්සේ මයකා ෂයප්වයි, ෂෙවාවයි බිහි කළා. ෂයප් තමයි මද්මන්නාගේ+ තාත්තා. ෂෙවා තමයි මක්බේනාගේ සහ ගිබෙයාගේ+ තාත්තා. කාලෙබ්ගේ+ දුවගේ නම අක්සා.+
50 කාලෙබ්ගෙන් පැවතෙන අය තමයි ඒ.
එෆ්‍රාතාගේ+ කුලුඳුලා වුණ හූර්ගේ+ පුතාලාගේ නම්: කිර්යත්යෙයාරීම්ගේ+ තාත්තා වුණ ෂෝබාල්,
51 බෙත්ලෙහෙම්ගේ+ තාත්තා වුණ සල්මා සහ බෙත්ගාදෙර්ගේ තාත්තා වුණ හාරෙෆ්.
52 කිර්යත්යෙයාරීම්ගේ තාත්තා වුණ ෂෝබාල්ට හාරොවේ කියලා පුතෙක් හිටියා. ෂෝබාල්ගෙන් තමයි මෙනුහොත්වරුන්ගෙන් දෙකෙන් කොටසක් පැවතෙන්නේ.
53 කිර්යත්යෙයාරීම්ගෙන් පැවතෙන පවුල්වල නම්: ඉත්රියවරු,+ පූතිවරු, ෂුමත්වරු සහ මිෂ්රාවරු. එයාලාගෙන් තමයි ෂොරත්වරු+ සහ එෂ්තායොල්වරු+ පැවතෙන්නේ.
54 සල්මාගේ පුතාලාගේ නම්: බෙත්ලෙහෙම්,+ නෙටොෆා, අට්රොත්බෙත්යෝවාබ් සහ ෂොරා. මනහාත්වරුන්ගෙන් දෙකෙන් කොටසක් පැවතෙන්නෙත් එයාගෙන්.
55 යාබෙෂ්වල ජීවත් වුණ පිටපත්කරුවන්ගේ පවුල්වල නම්: තිරාත්වරු, ෂිමියත්වරු සහ සූකත්වරු. එයාලා රේකාබ්+ පෙළපතේ තාත්තා වුණ හම්මත්ගෙන් පැවතෙන කේනිවරු.+
පාදසටහන්
^ මූ.අ., “පුතාලා.”
^ 18, 19 සහ 42වෙනි පදවල කාලෙබ් කියලත් හඳුන්වනවා.
^ 9වෙනි පදයේ කෙලුබයි කියලත් හඳුන්වනවා.
^ මේ පොතේ සමහර නම් පුද්ගලයන්ගේ නම් නෙමෙයි. ඒවා විවිධ තැන්වල නම් වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවලදී “තාත්තා” කියන එකෙන් අදහස් වෙන්නේ ඒක පිහිටවපු කෙනායි.
^ මූ.අ., “පුතාලා.”
^ මූ.අ., “පුතාලා.”
^ 9වෙනි පදයේ කෙලුබයි කියලත් හඳුන්වනවා.