පළවෙනි ලේකම් 24:1-31

  • දාවිත් පූජකයන්ව කණ්ඩායම් 24කට බෙදයි (1-19)

  • ලෙවීවරුන්ට දුන්න වෙනත් පැවරුම් (20-31)

24  ආරොන්ගෙන් පැවත ආපු අයව කණ්ඩායම්වලට බෙදුවා. ආරොන්ගේ පුතාලාගේ නම්: නාදාබ්, අබිහු,+ එලියාසර් සහ ඉතමාර්.+  නාදාබ් සහ අබිහු එයාලාගේ තාත්තාට කලින් මැරුණා.+ එයාලට පුතාලා හිටියේ නැහැ. එලියාසර්+ සහ ඉතමාර් දිගටම පූජකයන් විදිහට සේවය කළා.  දාවිත් එලියාසර්ගෙන් පැවතෙන* සාදොක්+ එක්කයි, ඉතමාර්ගෙන් පැවතෙන* අහිමෙලෙක් එක්කයි එකතු වෙලා පූජකයන්ට තියෙන වගකීම් ඉටු කරන්න පූජකයන්ව කණ්ඩායම්වලට බෙදුවා.  ඉතමාර්ගෙන් පැවතෙන ප්‍රධානීන්ගේ ගාණට වඩා එලියාසර්ගෙන් පැවතෙන ප්‍රධානීන්ගේ ගාණ වැඩි නිසා ඒක සැලකිල්ලට අරන් තමයි එයාලව කණ්ඩායම්වලට බෙදුවේ. එලියාසර්ගෙන් පැවතෙන අය අතරේ පෙළපත්වල ප්‍රධානීන් 16දෙනෙක් හිටියා. ඉතමාර්ගෙන් පැවතෙන අය අතරේ පෙළපත්වල ප්‍රධානීන් 8දෙනෙක් හිටියා.  එලියාසර්ගෙන් පැවතෙන අයවයි, ඉතමාර්ගෙන් පැවතෙන අයවයි එයාලා දාදු දාලා කණ්ඩායම්වලට බෙදුවා.+ මොකද ශුද්ධස්ථානයේ සේවය කරපු ප්‍රධානීන් සහ සැබෑ දෙවියන් වෙනුවෙන් සේවය කරපු ප්‍රධානීන් ආවේ ඒ කණ්ඩායම් දෙකෙන්.  ඊටපස්සේ ලෙවීවරුන්ගේ ලේකම් විදිහට වැඩ කරපු නෙතනෙල්ගේ පුතා වුණ ෂෙමායා එයාලාගේ නම් ලිව්වා. එයා ඒක කළේ රජ, අධිපතීන්, පූජකයා වුණ සාදොක්,+ අබියාතර්ගේ+ පුතා වුණ අහිමෙලෙක්+ වගේම පූජකයන්ගේ සහ ලෙවීවරුන්ගේ පවුල්වල ප්‍රධානීන් ඉස්සරහා. එලියාසර්ගෙන් පැවතෙන අය අතරිනුයි, ඉතමාර්ගෙන් පැවතෙන අය අතරිනුයි ප්‍රධානීන්ව මාරුවෙන් මාරුවට තේරුවා.  දාදු දැම්මාම මුල්ම වාරය ලැබුණේ යෙහෝයාරිබ්ට. දෙවෙනි වාරය යෙදායාට.  තුන්වෙනි වාරය හාරිම්ට. හතරවෙනි වාරය සෙයෝරිම්ට.  පස්වෙනි වාරය මල්කියාට. හයවෙනි වාරය මියමින්ට. 10  හත්වෙනි වාරය හක්කොෂ්ට. අටවෙනි වාරය අබියාට.+ 11  නමවෙනි වාරය යේෂුවාට. දහවෙනි වාරය ෂෙකනියාට. 12  11වෙනි වාරය එලියාෂිබ්ට. 12වෙනි වාරය යාකීම්ට. 13  13වෙනි වාරය හුප්පාට. 14වෙනි වාරය යෙෂෙබෙයාබ්ට. 14  15වෙනි වාරය බිල්ගාට. 16වෙනි වාරය ඉම්මේර්ට. 15  17වෙනි වාරය හෙෂීර්ට. 18වෙනි වාරය හප්පිෂ්ෂෙෂ්ට. 16  19වෙනි වාරය පෙතහියාට. 20වෙනි වාරය යෙහෙෂ්කෙල්ට. 17  21වෙනි වාරය යාකින්ට. 22වෙනි වාරය ගාමුල්ට. 18  23වෙනි වාරය දෙලායාට. 24වෙනි වාරය මයෂියාට. 19  යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ එයාලට පැවරිලා තිබුණ සේවය කරන්න එයාලව සංවිධානය කළේ ඒ විදිහටයි.+ එයාලාගේ මුතුන්මිත්තා වුණ ආරොන් ඇති කරලා තිබුණ සැලැස්මට අනුව එයාලා සේවය කරන්න ආවා. ආරොන් ඒ සැලැස්ම හැදුවේ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා එයාට අණ කරපු විදිහට. 20  ඉතුරු ලෙවීවරුන්ගේ විස්තර තමයි මේ: අම්රාම්ගේ+ පුතාලා අතරින් ෂුබායෙල්.+ ෂුබායෙල්ගේ පුතාලා අතරින් යෙදේයා. 21  රෙහෙබියාගේ+ පුතාලා අතරින් ඉෂ්ෂියා. ඉෂ්ෂියා ප්‍රධානියෙක්. 22  ඉෂ්හාර්ගෙන් පැවතෙන අය අතරින් ෂෙලොමොත්.+ ෂෙලොමොත්ගේ පුතාලා අතරින් යාහත්. 23  හෙබ්‍රොන්ගේ පුතාලා අතරින් ප්‍රධානියා වුණේ යෙරියා.+ දෙවෙනියා අමරියා. තුන්වෙනියා යහෂියෙල්. හතරවෙනියා යෙකමෙයාම්. 24  උස්සියෙල්ගේ පුතාලා අතරින් මීකා. මීකාගේ පුතාලා අතරින් ෂාමීර්. 25  මීකාගේ මල්ලි ඉෂ්ෂියා. ඉෂ්ෂියාගේ පුතාලා අතරින් සෙකරියා. 26  මෙරාරීගේ+ පුතාලාගේ නම් මාලී සහ මූෂී. යයෂියාගේ පුතාලා අතරින් බෙනෝ. 27  මෙරාරීගෙන් පැවතෙන අය අතරින් හිටියේ යයෂියා. යයෂියාගෙන් පැවතෙන අය: බෙනෝ, ෂෝහම්, සක්කූර් සහ ඉබ්රී. 28  මාලීගේ පුතාලා අතරින් එලියාසර්. එලියාසර්ට පුතාලා හිටියේ නැහැ.+ 29  කිෂ්ගේ පුතාලා අතරින් යෙරාමෙයෙල්. 30  මූෂීගේ පුතාලාගේ නම්: මාලී, ඒදෙර් සහ යෙරිමොත්. පෙළපත්වලට අනුව ලෙවීගේ පුතාලා තමයි ඒ. 31  එයාලාගේ සහෝදරයන් වුණ ආරොන්ගේ පුතාලා වෙනුවෙන් කරපු විදිහටම එයාලා වෙනුවෙනුත් දාදු දැම්මා.+ එයාලා ඒක කළේ දාවිත් රජ, සාදොක්, අහිමෙලෙක් වගේම පූජකයන්ගේ සහ ලෙවීවරුන්ගේ පවුල්වල ප්‍රධානීන් ඉස්සරහා. දාදු දාද්දී වැඩිමල් අයගේ පෙළපත්වලට විශේෂ තැනක් දුන්නේ නැහැ. වැඩිමල් අයට සලකපු විදිහටම තමයි බාල අයටත් සැලකුවේ.

පාදසටහන්

මූ.අ., “පුතාලා.” හෙබ්‍රෙව් භාෂාවෙන් මේ වචනයෙන් “පුතා,” “මුනුපුරා” නැත්නම් “පැවතෙන කෙනා” අදහස් වෙන්න පුළුවන්.
මූ.අ., “ඉතමාර්ගේ පුතාලා.”