පළවෙනි ලේකම් 26:1-32

  • දොරටු පාලකයන්ගේ කණ්ඩායම් (1-19)

  • භාණ්ඩාගාර භාරව හිටපු අය සහ වෙනත් නිලධාරීන් (20-32)

26  දොරටු පාලකයන්ව කණ්ඩායම්+ විදිහට බෙදලා තිබුණේ මේ විදිහටයි. කෝරාගෙන් පැවතෙන අයගේ නම්: ආසාෆ්ගෙන් පැවතෙන කෝරෙගේ පුතා වුණ මෙෂෙලෙමියා.+  මෙෂෙලෙමියාට පුතාලා හිටියා. කුලුඳුලා සෙකරියා. දෙවෙනියා යෙදීයයෙල්. තුන්වෙනියා සෙබදියා. හතරවෙනියා යත්නියෙල්.  පස්වෙනියා ඒලාම්. හයවෙනියා යෙහෝහානන්. හත්වෙනියා එලිහෝඒනයි.  ඕබෙද්ඒදොම්ටත් පුතාලා හිටියා. කුලුඳුලා ෂෙමායා. දෙවෙනියා යෙහොෂාබාද්. තුන්වෙනියා යෝවා. හතරවෙනියා සාකාර්. පස්වෙනියා නෙතනෙල්.  හයවෙනියා අමියෙල්. හත්වෙනියා ඉසකාර්. අටවෙනියා පෙයුල්ලෙතයි. ඒ පුතාලා දීලා දෙවියන් ඕබෙද්ඒදොම්ට ආශීර්වාද කළා.  එයාගේ පුතා වුණ ෂෙමායාටත් පුතාලා හිටියා. දක්ෂ, එඩිතර පුරුෂයන් වුණ එයාලා එයාලාගේ පෙළපතේ ප්‍රධානීන් විදිහට සේවය කළා.  ෂෙමායාගේ පුතාලාගේ නම්: ඔත්නී, රෙෆායෙල්, ඕබෙද් සහ එල්සාබාද්. එල්සාබාද්ට එලිහු සහ සෙමකීයා කියලා සහෝදරයන් දෙන්නෙක් හිටියා. එයාලත් දක්ෂ පුරුෂයන්.  ඒ හැමෝම ඕබෙද්ඒදොම්ගේ පුතාලා. එයාලා වගේම එයාලාගේ පුතාලයි, එයාලාගේ නෑදෑයෝයි දක්ෂ, සේවය කරන්න සුදුසුකම් තිබුණ අය. ඕබෙද්ඒදොම්ගේ පවුලට අයිති අය 62ක් හිටියා.  මෙෂෙලෙමියාටත්+ පුතාලයි, එයාගේ පවුලට අයිති තවත් අයයි හිටියා. එයාලා දක්ෂ පුරුෂයන්. එයාලා ඔක්කොම 18දෙනෙක්. 10  මෙරාරීගෙන් පැවතෙන හෝසාටත් පුතාලා හිටියා. එයාලාගේ ප්‍රධානියා ෂිම්රි. එයා කුලුඳුලා නෙමෙයි. ඒත් එයාගේ තාත්තා එයාව පෙළපතේ ප්‍රධානියා විදිහට පත් කළා. 11  දෙවෙනියා හිල්කියා. තුන්වෙනියා ටෙබලියා. හතරවෙනියා සෙකරියා. හෝසාගේ පුතාලාගේ සහ නෑදෑයන්ගේ ගාණ 13යි. 12  දොරටු පාලකයන්ගේ ඒ කණ්ඩායම්වල හිටපු ප්‍රධානීන්ටත් එයාලාගේ සහෝදරයන්ට වගේම වගකීම් තිබුණා. එයාලා හැමෝම යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ සේවය කළා. 13  එක එක දොරටුවේ සේවය කරන්නේ කවුද කියලා තීරණය කරන්න එයාලා දාදු දැම්මා.+ එයාලා අයිති පවුල ලොකු වුණත් පොඩි වුණත් විශේෂත්වයක් නැතුව එහෙම කළා. 14  දාදු දැම්මාම නැඟෙනහිර පැත්තේ සේවය කරන්න වැටුණේ ෂෙලෙමියාට. එයාගේ පුතා වුණ සෙකරියා වෙනුවෙනුත් දාදු දැම්මා. එයාට දාදුව වැටුණේ උතුරු පැත්තේ සේවය කරන්න. සෙකරියා හොඳ උපදේශකයෙක්. 15  දාදු දැම්මාම දකුණු පැත්තේ සේවය කරන්න වැටුණේ ඕබෙද්ඒදොම්ට. එයාගේ පුතාලට+ තමයි ගබඩා භාර දීලා තිබුණේ. 16  ෂප්පිම්ටයි, හෝසාටයි+ හම්බ වුණේ බස්නාහිර පැත්තේ සේවය කරන්න. එයාලා සේවය කළේ කන්ද උඩට යන මහ පාර ළඟ තිබුණ ෂල්ලෙකෙත් කියන දොරටුව ළඟ. හැම මුර කණ්ඩායමකටම එහා පැත්තෙන් තව මුර කණ්ඩායමක් හිටියා. 17  හැම දවසකම නැඟෙනහිර පැත්තේ ලෙවීවරු හයදෙනෙකුත් උතුරු සහ දකුණු පැතිවල ලෙවීවරු හතරදෙනා ගාණෙත් හිටියා. ගබඩා+ ළඟ ලෙවීවරු දෙන්නා දෙන්නා ගාණේ හිටියා. 18  බස්නාහිරට වෙන්න තිබුණ කුලුනු ශාලාව පැත්තේ මහ පාර ළඟ හතරදෙනෙක් හිටියා.+ ශාලාව ළඟ තව දෙන්නෙක් හිටියා. 19  කෝරාගෙන් පැවතෙන සහ මෙරාරීගෙන් පැවතෙන අයව දොරටු පාලකයන්ගේ කණ්ඩායම් හැටියට බෙදලා තිබුණ විදිහ තමයි ඒ. 20  ලෙවීවරුන් අතරින් අහියාට තමයි සැබෑ දෙවියන්ගේ ගෘහයේ තිබුණ භාණ්ඩාගාර සහ දෙවියන්ට කැප කරපු දේවල් තිබුණ භාණ්ඩාගාර භාර දීලා තිබුණේ.+ 21  ලාදාන්ගේ පුතාලාගේ නම්: ගේර්ෂොන්ගෙන් පැවතෙන ලාදාන්ගේ පුතාලා අතරින් යෙහියෙලී.+ එයා ලාදාන්ගේ පෙළපතේ එක ප්‍රධානියෙක්. 22  යෙහියෙලීගේ පුතාලා ෂේතාම් සහ යෝවෙල්. ඒ හැමෝම යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ තිබුණ භාණ්ඩාගාර භාරව හිටියා.+ 23  අම්රාම්ගෙන්, ඉෂ්හාර්ගෙන්, හෙබ්‍රොන්ගෙන් සහ උස්සියෙල්ගෙන් පැවතෙන අයගේ+ විස්තර තමයි මේ: 24  මෝසෙස්ගේ පුතා වුණ ගේර්ෂොම්ගේ පුතා ෂෙබුයෙල් යටතේ තමයි ගබඩා තිබුණේ. 25  ෂෙබුයෙල්ගේ නෑදෑයන් අතරින් එලියේසර්ගේ+ පුතා වුණ රෙහෙබියා.+ රෙහෙබියාගේ පුතා වුණ යෙෂායා. එයාගේ පුතා වුණ යෝරාම්. යෝරාම්ගේ පුතා වුණ ෂික්රී. එයාගේ පුතා වුණ ෂෙලොමොත්. 26  ෂෙලොමොත් සහ එයාගේ සහෝදරයන් තමයි ශුද්ධ දේවල් විදිහට කැප කරපු දේවල්+ තිබුණ හැම භාණ්ඩාගාරයක්ම භාරව හිටියේ. ඒ දේවල් කැප කරලා තිබුණේ දාවිත් රජයි,+ පෙළපත්වල ප්‍රධානීනුයි,+ දාහේ සහ සීයේ කණ්ඩායම්වල ප්‍රධානීනුයි, හමුදාවේ ප්‍රධානීනුයි. 27  එයාලා යුද්ධවලින්+ පස්සේ නගරවලින් ගත්ත වටින දේවල්+ ශුද්ධ දේවල් විදිහට කැප කරලා තිබුණා. එයාලා ඒවා දීලා තිබුණේ යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ නඩත්තු වැඩ වෙනුවෙන් පාවිච්චි කරන්නයි. 28  ඒ වගේම දිවැසිවරයෙක් වුණ සාමුවෙල්,+ කිෂ්ගේ පුතා වුණ සාවුල්, නේර්ගේ පුතා වුණ අබ්නේර්+ සහ ෂෙරුයියාගේ+ පුතා වුණ යෝවාබ්+ ශුද්ධ දේවල් විදිහට කැප කරපු දේවල් භාරව හිටියෙත් ෂෙලොමිත් සහ එයාගේ සහෝදරයන්. කෙනෙක් ශුද්ධ දෙයක් විදිහට කැප කරපු ඕනෙම දෙයක් තිබුණේ එයාලා යටතේ. 29  ඉෂ්හාර්ගෙන්+ පැවතෙන අය අතරින් කෙනනියාට සහ එයාගේ පුතාලට දෙවියන්ගේ ගෘහයෙන් පිටත වෙනත් පැවරුම් භාර දීලා තිබුණා. එයාලා ඊශ්‍රායෙල් සෙනඟ අතරේ නිලධාරීන් සහ විනිශ්චයකරුවන් විදිහට සේවය කළා.+ 30  හෙබ්‍රොන්ගෙන්+ පැවතෙන අය අතරින් හෂබියා සහ එයාගේ සහෝදරයන් ඊශ්‍රායෙල් දේශයේ යොර්දාන් ගඟට බස්නාහිරෙන් තියෙන ප්‍රදේශයේ යෙහෝවා දෙවියන් වෙනුවෙනුත් රජ වෙනුවෙනුත් කරපු හැම සේවයක්ම අධීක්ෂණය කළා. දක්ෂ පුරුෂයන් වුණ එයාලා ඔක්කොම 1,700දෙනායි. 31  හෙබ්‍රොන්ගේ පවුලෙන් පැවතෙන අය අතරින් ප්‍රධානියා වුණේ යෙරීයා.+ දාවිත් පාලනය කරපු 40වෙනි අවුරුද්දේදී+ හෙබ්‍රොන්ගෙන් පැවතෙන අය අතරේ එඩිතර, දක්ෂ පුරුෂයන් ඉන්නවාද කියලා හොයලා බැලුවා. එතකොට ගිලියද් ප්‍රදේශයේ යාසෙර්වලින්+ ඒ වගේ පුරුෂයන්ව හම්බ වුණා. 32  යෙරීයාගේ සහෝදරයන් 2,700දෙනෙක් හිටියා. පෙළපත්වල ප්‍රධානීන් වුණ එයාලා හැමෝම දක්ෂ පුරුෂයන්. දාවිත් රජ එයාලව රූබෙන් ගෝත්‍රයේ, ගාද් ගෝත්‍රයේ සහ මනස්සේ ගෝත්‍රයේ එක කොටසක ප්‍රධානීන් විදිහට පත් කළා. එයාලව එහෙම පත් කළේ සැබෑ දෙවියන්ට සහ රජට සම්බන්ධ කාරණා බලා කියා ගන්නයි.

පාදසටහන්