පළවෙනි ලේකම් 27:1-34

  • රජට සේවය කරපු නිලධාරීන් (1-34)

27  රජගේ හමුදාවේ හිටපු ඊශ්‍රායෙල්වරුන්ගේ සේනාංකවල විස්තර පහළින් තියෙනවා. ඒ සේනාංකවලට පෙළපත්වල ප්‍රධානීන්, දාහේ සහ සීයේ කණ්ඩායම්වල ප්‍රධානීන්+ වගේම රජ වෙනුවෙන් ඒ සේනාංක බලාගත්ත නිලධාරීන්+ ඇතුළත් වුණා. අවුරුද්දේ හැම මාසෙකම ඒ සේනාංක මාරුවෙන් මාරුවට සේවය කළා. හැම සේනාංකයකම 24,000 ගාණේ හිටියා.  පළවෙනි මාසේ සේවය කරපු පළවෙනි සේනාංකයේ ප්‍රධානියා වුණේ සබ්දියෙල්ගේ පුතා වුණ යෂොබෙයාම්.+ එයාගේ සේනාංකයේ 24,000ක් හිටියා.  එයා පේරෙස්ගෙන්+ පැවතෙන කෙනෙක්. පළවෙනි මාසේ සේවය කරන්න හිටපු කණ්ඩායම්වල අධිපතීන්ගේ ප්‍රධානියා විදිහට හිටියේ එයා.  දෙවෙනි මාසේ සේවය කරපු දෙවෙනි සේනාංකයේ ප්‍රධානියා වුණේ අහෝවාගෙන්+ පැවතෙන දෝදයි.+ එයාගේ සේනාංකයෙත් 24,000ක් හිටියා. එයාට සහය වුණේ මික්ලොත්.  තුන්වෙනි මාසේ සේවය කරපු තුන්වෙනි සේනාංකයේ ප්‍රධානියා වුණේ නායක පූජක යෙහෝයාදාගේ+ පුතා වුණ බෙනායා.+ එයාගේ සේනාංකයෙත් 24,000ක් හිටියා.  යුද්දෙට දක්ෂ පුරුෂයන් 30දෙනාගෙන් කෙනෙක් තමයි බෙනායා. එයා ඒ 30දෙනාගේ ප්‍රධානියා. එයාගේ සේනාංකයේ සහයට හිටියේ එයාගේ පුතා වුණ අමිසාබාද්.  හතරවෙනි මාසේ සේවය කරපු හතරවෙනි සේනාංකයේ ප්‍රධානියා වුණේ යෝවාබ්ගේ සහෝදරයා+ වුණ අසහෙල්.+ එයාට පස්සේ ප්‍රධානියා වුණේ එයාගේ පුතා වුණ සෙබදියා. එයාගේ සේනාංකයෙත් 24,000ක් හිටියා.  පස්වෙනි මාසේ සේවය කරපු පස්වෙනි සේනාංකයේ ප්‍රධානියා වුණේ ඉෂ්රාහියාගෙන් පැවතෙන ෂම්හුත්. එයාගේ සේනාංකයෙත් 24,000ක් හිටියා.  හයවෙනි මාසේ සේවය කරපු හයවෙනි සේනාංකයේ ප්‍රධානියා වුණේ තෙකෝවාවල+ කෙනෙක් වුණ ඉක්කෙෂ්ගේ පුතා ඊරා.+ එයාගේ සේනාංකයෙත් 24,000ක් හිටියා. 10  හත්වෙනි මාසේ සේවය කරපු හත්වෙනි සේනාංකයේ ප්‍රධානියා වුණේ එෆ්‍රායිම්ගෙන් පැවතෙන පෙලොනිවරයෙක් වුණ හෙලෙෂ්.+ එයාගේ සේනාංකයෙත් 24,000ක් හිටියා. 11  අටවෙනි මාසේ සේවය කරපු අටවෙනි සේනාංකයේ ප්‍රධානියා වුණේ සේරාගෙන්+ පැවතෙන හූෂාවල කෙනෙක් වුණ සිබ්බෙකයි.+ එයාගේ සේනාංකයෙත් 24,000ක් හිටියා. 12  නමවෙනි මාසේ සේවය කරපු නමවෙනි සේනාංකයේ ප්‍රධානියා වුණේ බෙන්ජමින්ගෙන් පැවතෙන අනාතොත්වල+ කෙනෙක් වුණ අබිඑෂෙර්.+ එයාගේ සේනාංකයෙත් 24,000ක් හිටියා. 13  දහවෙනි මාසේ සේවය කරපු දහවෙනි සේනාංකයේ ප්‍රධානියා වුණේ සේරාගෙන්+ පැවතෙන නෙටොෆාවල කෙනෙක් වුණ මහරයි.+ එයාගේ සේනාංකයෙත් 24,000ක් හිටියා. 14  11වෙනි මාසේ සේවය කරපු 11වෙනි සේනාංකයේ ප්‍රධානියා වුණේ එෆ්‍රායිම්ගෙන් පැවතෙන පිරතොන්වල කෙනෙක් වුණ බෙනායා.+ එයාගේ සේනාංකයෙත් 24,000ක් හිටියා. 15  12වෙනි මාසේ සේවය කරපු 12වෙනි සේනාංකයේ ප්‍රධානියා වුණේ ඔත්නියෙල්ගෙන් පැවතෙන නෙටොෆාවල කෙනෙක් වුණ හෙල්දයි. එයාගේ සේනාංකයෙත් 24,000ක් හිටියා. 16  ඊශ්‍රායෙල් ගෝත්‍රවල ප්‍රධානීන්ගේ නම්: රූබෙන් ගෝත්‍රයේ ප්‍රධානියා වුණේ ෂික්රීගේ පුතා වුණ එලියේසර්. සිමියොන් ගෝත්‍රයෙන් මයකාගේ පුතා වුණ ෂෙපටියා. 17  ලෙවී ගෝත්‍රයෙන් කෙමූවෙල්ගේ පුතා වුණ හෂබියා. ආරොන්ගෙන් පැවතෙන සාදොක්. 18  යූදා ගෝත්‍රයෙන් දාවිත්ගේ සහෝදරයෙක් වුණ එලිහු.+ ඉසකාර් ගෝත්‍රයෙන් මිකායෙල්ගේ පුතා වුණ ඔම්රී. 19  සෙබ්‍යූලන් ගෝත්‍රයෙන් ඔබදියාගේ පුතා වුණ ඉෂ්මයියා. නෆ්තලී ගෝත්‍රයෙන් අෂ්‍රියෙල්ගේ පුතා වුණ යෙරිමොත්. 20  එෆ්‍රායිම් ගෝත්‍රයෙන් අසසියාගේ පුතා වුණ හෝෂෙයා. මනස්සේ ගෝත්‍රයේ එක කොටසකින් පෙදායාගේ පුතා වුණ යෝවෙල්. 21  ගිලියද්වල හිටපු මනස්සේ ගෝත්‍රයේ අනිත් කොටසෙන් සෙකරියාගේ පුතා වුණ ඉද්දෝ. බෙන්ජමින් ගෝත්‍රයෙන් අබ්නේර්ගේ+ පුතා වුණ යයසියෙල්. 22  දාන් ගෝත්‍රයෙන් යෙරොහාම්ගේ පුතා වුණ අෂරෙල්. ඒ හැමෝම ඊශ්‍රායෙල් ගෝත්‍රවල ප්‍රධානීන්. 23  යෙහෝවා දෙවියන් ඊශ්‍රායෙල් ජාතිය අහසේ තරු වගේ වැඩි කරන්න පොරොන්දු වෙලා තිබුණ නිසා+ දාවිත් වයස අවුරුදු 20ක් සහ ඊට වඩා අඩු අයව ගණන් කළේ නැහැ. 24  ෂෙරුයියාගේ පුතා වුණ යෝවාබ් සෙනඟව ගණන් කරන්න පටන්ගත්තත් එයා ඒක අතරමඟදී නැවැත්තුවා. සෙනඟව ගණන් කරපු නිසා දෙවියන්ට ඊශ්‍රායෙල් සෙනඟ එක්ක ගොඩක් කේන්ති ගියා.+ ඒ නිසා සෙනඟගේ ගාණ දාවිත් රජගේ ඉතිහාස වාර්තාවලට ඇතුළත් කළේ නැහැ. 25  රජගේ භාණ්ඩාගාර+ භාරව හිටියේ අදියෙල්ගේ පුතා වුණ අෂ්මාවෙත්. කෙත්වල, නගරවල, ගම්වල සහ බලකොටුවල තිබුණ ගබඩා භාරව හිටියේ උසියාගේ පුතා වුණ යොනාතාන්. 26  වතුවල වැඩ කරපු අයව භාරව හිටියේ කේලුබ්ගේ පුතා වුණ එස්රී. 27  මිදිවතු බලාගත්තේ රාමාවල කෙනෙක් වුණ ෂිමෙයි. වයින් ගබඩා භාරව හිටියේ සිප්මොත්වල කෙනෙක් වුණ සබ්දී. 28  ඔලීවවතු සහ ෂෙපේලාවල+ තිබුණ සිකමෝර් ගස්+ බලාගත්තේ ගේදෙර්වල කෙනෙක් වුණ බාල්හානාන්. තෙල් ගබඩා භාරව හිටියේ යෝවාෂ්. 29  ෂාරොන්වල+ තිබුණ තණබිම්වල හිටපු ගව රැළවල් භාරව හිටියේ ෂාරොන්වල කෙනෙක් වුණ ෂිත්රයි. තැනිතලාවේ හිටපු ගව රැළවල් බලාගන්න හිටියේ අද්ලයිගේ පුතා වුණ ෂාපාත්. 30  ඔටුවන්ව බලාගන්න පත් කරලා හිටියේ ඉෂ්මායෙල්වරයෙක් වුණ ඕබිල්ව. බූරුවන්ව* බලාගන්න හිටියේ මෙරොනොත්වල කෙනෙක් වුණ යෙදේයා. 31  එළු බැටළු රැළවල් බලාගන්න පත් කරලා හිටියේ හග්රියවරයෙක් වුණ යාෂිෂ්ව. එයාලා හැමෝම දාවිත් රජට අයිති දේවල් බලාගත්ත ප්‍රධානීන්. 32  දාවිත්ගේ ඥාති පුතෙක් වුණ යොනාතාන්+ උපදේශකයෙක් සහ ලේකම් විදිහට සේවය කළා. එයා දැනුම් තේරුම් ඇති කෙනෙක්. රජගේ පුතාලව බලාගන්න පත් කරලා හිටියේ හක්මෝනිගේ පුතා වුණ යෙහීයෙල්ව.+ 33  අහිතොෆෙල්+ රජගේ උපදේශකයෙක් විදිහට සේවය කළා. අර්කීවරයෙක් වුණ හූෂයි+ රජගේ හොඳ යාළුවෙක්.* 34  අහිතොෆෙල්ගෙන් පස්සේ දාවිත්ගේ උපදේශකයන් විදිහට හිටියේ බෙනායාගේ+ පුතා වුණ යෙහෝයාදා සහ අබියාතර්.+ හමුදාපති විදිහට හිටියේ යෝවාබ්.+

පාදසටහන්

මූ.අ., “බූරුදෙනුන්ව.”
හෝ, “රජට විශ්වාසවන්ත කෙනෙක්.”