පළවෙනි ලේකම් 28:1-21
28 ඊටපස්සේ දාවිත් රජ ඊශ්‍රායෙල්වල හිටපු අධිපතීන් හැමෝවම යෙරුසලමට රැස් කළා. ගෝත්‍රවල ප්‍රධානීන්,+ රජට සේවය කරපු සේනාංකවල ප්‍රධානීන්, දාහේ සහ සීයේ කණ්ඩායම්වල ප්‍රධානීන්+ ඒ අයට ඇතුළත් වුණා. ඒ වගේම රජටයි, එයාගේ පුතාලටයි+ අයිති සත්ව රැළවල් සහ ඉඩකඩම් භාරව හිටපු අය,+ රජමාලිගාවේ සේවය කරපු නිලධාරීන් සහ දක්ෂ, එඩිතර හැම පුරුෂයෙක්මත්+ ඇතුළත් වුණා.
2 ඊටපස්සේ දාවිත් රජ නැඟිටලා එයාලට මෙහෙම කිව්වා.
“මගේ සහෝදරයෙනි, මගේ ජනයෙනි, මට සවන් දෙන්න. යෙහෝවා දෙවියන්ගේ ගිවිසුම් පෙට්ටිය හැමදාටම තියන්න ගෘහයක් ගොඩනඟන්න මගේ හිතේ ලොකු ආසාවක් තිබුණා. ඒ ගෘහය අපේ දෙවියන්ට පා පුටුවක් වෙයි.+ ඒක හදන්න මම ගොඩක් දේවල් ලෑස්ති කළා.+
3 ඒත් සැබෑ දෙවියන් මට මෙහෙම කිව්වා. ‘ඔයා ගොඩක් යුද්ධවලට සම්බන්ධ වුණා. ගොඩක් ලේ හැලුවා.+ ඒ නිසා මගේ නමට ගෞරවයක් ගේන්න ගෘහයක් හදන්න ඔයාට අවස්ථාව හම්බ වෙන්නේ නැහැ.’+
4 ඒත් ඊශ්‍රායෙල් දේශය හැමදාටම පාලනය කරන්න ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මගේ තාත්තාගේ දරුවන් අතරින් මාව තෝරගත්තා.+ මොකද දෙවියන් නායකයා විදිහට තෝරගත්තේ යූදාව.+ යූදා ගෝත්‍රයේ පවුල් අතරින් මගේ තාත්තාගේ පවුල තෝරගත්තා.+ මගේ තාත්තාගේ පුතාලා අතරින් ඔහු අනුමත කළේ මාවයි. ඔහු එහෙම කළේ මාව මුළු ඊශ්‍රායෙල් සෙනඟගේම රජ විදිහට පත් කරන්නයි.+
5 යෙහෝවා මට ගොඩක් පුතාලා දීලා+ ආශීර්වාද කළා. ඒ හැමෝම අතරින් යෙහෝවා දෙවියන්ගේ සිංහාසනයේ ඉඳගෙන මුළු ඊශ්‍රායෙල් දේශයම පාලනය කරන්න+ ඔහු තෝරගත්තේ මගේ පුතා සලමොන්වයි.+
6 “දෙවියන් මට මෙහෙම කිව්වා. ‘මගේ ගෘහය සහ ඒ අවට තියෙන මළු ගොඩනඟන්නේ ඔයාගේ පුතා සලමොන්. මම එයාව මගේම පුතෙක් විදිහට පිළිගන්නවා. මම එයාට තාත්තා කෙනෙක් වෙනවා.+
7 එයා දැන් කරනවා වගේ දිගටම මගේ ආඥාවලට කීකරු වෙන්න අදිටන් කරගන්නවා නම් මගේ තීන්දුවලට අනුව ජීවත් වෙනවා නම්+ මම එයාගේ රාජකීය පෙළපත හැමදාටම ස්ථිර කරනවා.’+
8 ඉතින් යෙහෝවාගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරු හැමෝම ඉස්සරහා මම මේ දේ කියනවා. මං කියන මේ දේ අපේ දෙවියන්ටත් ඇහෙනවා. ඔයාලාගේ දෙවි වන යෙහෝවා අණ කරලා තියෙන හැම දෙයක්ම හොඳින් හොයලා බලලා ඒවා ඒ විදිහටම පිළිපදින්න. එතකොට ඔයාලට දිගටම මේ සරුසාර දේශයේ ජීවත් වෙන්න පුළුවන් වෙනවා+ වගේම ඔයාලාගේ පුතාලට හැමදාටම තියෙන උරුමයක් විදිහට ඒක දෙන්නත් ඔයාලට පුළුවන් වෙයි.
9 “මගේ පුතේ සලමොන්, ඔයාගේ තාත්තාගේ දෙවියන්ව හොඳින් හඳුනගන්න. ඔයාගේ මුළු හදවතින්ම*+ ඔහුට සේවය කරන්න. සතුටු* සිතින්* එහෙම කරන්න. මොකද යෙහෝවා හැමෝගෙම හිත් සෝදිසි කරලා බලනවා.+ හැම සිතුවිල්ලක්මත් ඒ සිතුවිල්ල පිටිපස්සේ තියෙන හැම දෙයක්මත් ඔහු හොඳින් තේරුම්ගන්නවා.+ ඔයා ඔහුව හඳුනගන්න උත්සාහ කළොත් ඔහු මොන වගේ කෙනෙක්ද කියලා තේරුම්ගන්න ඔහු ඔයාට උදව් කරයි.+ ඒත් ඔයා ඔහුව අත්හැරියොත් ඔහුත් ඔයාව හැමදාටම අත්හරියි.+
10 මේක හොඳට හිතට ගන්න. යෙහෝවා ඔහුට ගෘහයක් හදන්න, ඒ කියන්නේ ශුද්ධස්ථානයක් හදන්න තෝරගෙන තියෙන්නේ ඔයාවයි. ඒ නිසා ධෛර්යවත් වෙලා වැඩේ පටන්ගන්න.”
11 ඊටපස්සේ දාවිත් එයාගේ පුතා වුණ සලමොන්ට ශුද්ධස්ථානයට ඇතුල් වෙන ශාලාවේ,+ විවිධ කාමරවල, ගබඩා කාමරවල, ශුද්ධස්ථානයේ උඩුමහලේ තියෙන කාමරවල, ඇතුල් කාමරවල සහ වැරදිවලට සමාව ලබාගන්න ස්ථානයේ*+ සැලැස්ම දුන්නා.+
12 දෙවියන්ගේ මඟ පෙන්වීමෙන් දාවිත්ට ලැබුණ ගෘහයේ සැලැස්ම ගැන හැම විස්තරයක්ම එයා සලමොන්ට දුන්නා. ඒ විස්තරවලට යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ මළුවල,+ ඒක වටේ තිබුණ කෑම කාමරවල, සැබෑ දෙවියන්ගේ ගෘහයේ භාණ්ඩාගාරවල, ශුද්ධ දේවල් විදිහට කැප කරපු දේවල්+ තිබුණ භාණ්ඩාගාරවල සැලැස්ම ඇතුළත් වුණා.
13 ඒ වගේම පූජකයන්ව+ සහ ලෙවීවරුන්ව කණ්ඩායම් විදිහට බෙදන්න ඕනෙ විදිහ ගැනත් යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ හැම සේවාවක්ම ඉටු කරන්න ඕනෙ විදිහ ගැනත් දාවිත් රජ සලමොන්ට මඟ පෙන්වීම් දුන්නා. යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ තියෙන භාජන පාවිච්චි කරන්න ඕනෙ විදිහ ගැනත් මඟ පෙන්වීම් දුන්නා.
14 විවිධ කාර්යයන් වෙනුවෙන් පාවිච්චි කරන රත්තරන් භාජන හදන්න කොච්චර රත්තරන් ප්‍රමාණයක් ගන්න ඕනෙද කියලත් රිදී භාජන හදන්න කොච්චර රිදී ප්‍රමාණයක් ගන්න ඕනෙද කියලත් දාවිත් පැහැදිලිව කිව්වා.
15 රත්තරන්වලින් හදන එක එක පහන් රුක්+ සහ ඒවා උඩ තියන පහන් හදන්න ඕනෙ වෙන රත්තරන් ප්‍රමාණය ගැනත් එයා කිව්වා. රිදීවලින් හදන පහන් රුක් සහ ඒවා උඩ තියන පහන් හදන්න ඕනෙ වෙන රිදී ප්‍රමාණය ගැනත් එයා කිව්වා. ඒවා පාවිච්චි කරන විදිහ අනුව ඒවාට ගන්න රිදී ප්‍රමාණය වෙනස් වුණා.
16 දෙවියන්ට පූජා කරන රොටි තියන මේස+ හදන්න, ඒ කියන්නේ ඒ එක එක මේසය හදන්න ඕනෙ රත්තරන් ප්‍රමාණය ගැනත් රිදීවලින් හදන මේස හදන්න ඕනෙ රිදී ප්‍රමාණය ගැනත් දාවිත් කිව්වා.
17 පිරිසිදු රත්තරන්වලින් හදන විශාල ගෑරුප්පු, බඳුන්, ජෝගු සහ එක එක පොඩි බඳුන+ වෙනුවෙන් ඕනෙ කරන රත්තරන් ප්‍රමාණය ගැනත් එයා කිව්වා. රිදීවලින් හදන එක එක පොඩි බඳුන වෙනුවෙන් වෙන් කරන්න ඕනෙ රිදී ප්‍රමාණය ගැනත් එයා කිව්වා.
18 සුවඳ ද්‍රව්‍ය ඔප්පු කරන පූජාසනය+ සහ දෙවියන්ගේ රථය+ නියෝජනය කරන පියාපත් විහිදුවාගෙන ඉන්න කෙරුබ්වරුන්ව+ හදන්න ඕනෙ පිරිසිදු රත්තරන් ප්‍රමාණය ගැනත් එයා කිව්වා. කෙරුබ්වරුන්ගේ පියාපත් යෙහෝවා දෙවියන්ගේ ගිවිසුම් පෙට්ටියට සෙවණක් වගේ වුණා.
19 දාවිත් මෙහෙම කිව්වා. “යෙහෝවාගේ මඟ පෙන්වීම මට ලැබුණ නිසා මට පුළුවන් වුණා මේ සැලැස්මට+ ඇතුළත් හැම දෙයක්ම ලියාගන්න.+ මේ සැලැස්මට ඇතුළත් හැම පුංචි දෙයක්ම තේරුම්ගන්න අවශ්‍ය අවබෝධයත් දෙවියන් මට ලබා දුන්නා.”
20 ඊටපස්සේ දාවිත් එයාගේ පුතා වුණ සලමොන්ට මෙහෙම කිව්වා. “කිසි දේකට බය වෙන්න එපා. හිතට ධෛර්යය අරන් එඩිතරව ඉන්න. දැන් වැඩේ පටන්ගන්න. මොකද මගේ දෙවි යෙහෝවා ඔයා එක්කම ඉන්නවා.+ ඔහු ඔයාව තනි කරන්නෙවත් අත්හැරලා යන්නෙවත් නැහැ.+ යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ වැඩ ඔක්කොම ඉවර වෙන කල් ඔහු ඔයා එක්කම ඉඳියි.
21 කණ්ඩායම් විදිහට බෙදලා තියෙන පූජකයන්+ සහ ලෙවීවරු+ සැබෑ දෙවියන්ගේ ගෘහයේ තියෙන හැම සේවයක්ම කරන්න සූදානම් වෙලා ඉන්නවා. ඕනෙම වැඩක් කරන්න කැමති, දක්ෂ අය ඔයාත් එක්ක ඉන්නවා.+ ඔයාගේ ඕනෙම මඟ පෙන්වීමකට කීකරු වෙන්න කැමති අධිපතීනුත්+ ඔයාත් එක්ක ඉන්නවා. මුළු සෙනඟත් ඔයා කියන දේවල් කරන්න කැමැත්තෙන් ඉන්නවා.”
පාදසටහන්
^ හෙබ්‍රෙව් භාෂාවෙන් නෙෆෙෂ්. “පැහැදිලි කිරීමක්” බලන්න.
^ හෝ, “කැමැත්තෙන්ම.”
^ හෝ, “මුළු හදවතින්ම කැප වෙලා.”
^ හෝ, “ගිවිසුම් පෙට්ටියේ පියන තිබුණ තැන.”